වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඇඟ නිවෙන්න වෙරළු බීම
වෙරළු ගෙඩියක විවිධ වූ විටමින් වැඩි ප්‍රමාණයක් ඇතුළත්. එවැනි ගුණවත් පලතුරක් වන වෙරළු ගෙඩියේ සිසිල් ගුණයක් ද ඇති නිසා එය ආහාරයට ගැනීම සිරුරේ දාහය නිවන්නටත් රුකුලක්.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:
ඉදුණු වෙරළු ගෙඩි කිහිපයක්
රස අනුව ලුණු
අවශ්‍ය පමණට සීනි
දෙහි යුෂ ස්වල්පයක්
වතුර
අයිස් කැට කිහිපයක්
වෙරළු බීම එක හදමු:
මුලින් ම ඉදුණු වෙරළු ගෙඩි ටික හොඳින් සෝදා පිරිසුදු කරගන්න. වෙරළු ගෙඩිවල මදය සූරාගෙන ඇට ඉවත් කරන්න. දැන් බ්ලෙන්ඩරයට සූරා ගත් වෙරළු මදය, අවශ්‍ය පමණට සීනි, දෙහි බිංදු කිහිපයක් හා රස අනුව ලුණු දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
දැන් වෙරළු බීම එක පෙරා වීදුරුවකට දමා අවශ්‍ය නම් අයිස් කැට දමා පිළිගන්වන්න. එය පිළිගැන්වීමේ දී අවශ්‍ය පරිදි බීම වීදුරුව ලස්සන කරගැනීමටත් ඔබට පුළුවන්.
ඉතාමත් රසවත් මේ වෙරළු බීම වෙරළු කාලයේ දී ඔබට සාදා රස විඳිය හැකියි.