දවස ලස්සන කරන ඉස්තරම් විලාසිතාව

ඔක්තෝබර් 14, 2024

 

විලාසිතා ලෝකයේ වැඩි ඉල්ලුමක් හා හොඳ වෙළෙඳපොළක් හිමි වී ඇත්තේ කලිසම් මෝස්තර සඳහායි. පුංචි දරුවාගේ පටන් වැඩිහිටි දක්වා ඕනෑම ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට නම් කලිසම් මෝස්තර නිර්මාණය වැඩි වාසිදායක වේ.

 

මෙහිදී එදිනෙදා අඳින (Casual Trouser) ලූස් පෑන්ටි වර්ග, එලිෆන්ට් පෑන්ට්, පිජාමා කලිසම, ඇලඩින් කලිසම, ජම්ප් සුට්, කියුලට් කලිසම් වර්ග, ෆ්ලෙයාඩ් කලිසම් මෝස්තර, රැපරවුන්ඩ් මෝස්තර ඒ අතරින් කිහිපයකි. ස්ලිම් ෆිට් (Fomal wear) කුඩා බුරුලක් සහිත මෝස්තර ද වැඩි ඉල්ලුමක් පවතී. මේවා High Waist , Low waist ලෙසින් ඔෆිස් කලිිසම් වර්ග කළ හැකියි. මෙම මෝස්තරය සම්පූර්ණ ඉණට ඉලාස්ටික් යොදා හා ඉදිරිපසට West hand කොටසක් සම්බන්ධකර පොකට් අංශයට යොදා පිටුසට Wollet Pocket සහිතව හෝ රහිතව නිර්මාණය කළ හැකියි. එසේම කලිසමේ Leg open අනුවද විවිධ මෝස්තර වෙළෙඳපොළේ ඇත. විශේෂයෙන්ම Shorts (කොට කලිසම) Knee level (දණහිස දක්වා) three quater (තුන්කාල දක්වා Full lenth) විලුඹ දක්වා) තමාගේ හෝ වෙළෙඳපොළ ඉල්ලුමට සැපයුම ඔබට කළ හැකියි. තවද සිරුරේ ප්‍රමාණයට වඩා අඩු අගයක් ගණනය කර නිර්මාණය කළ මෝස්තර අතර ජීන්ස්, ලෙගින් ප්‍රධාන වේ.

 

මුලින්ම පතරොම් අඳිමු.  මූලික පතරොම ඇසුරින් මෝස්තරය නිර්මාණය කරමු. ඉණ පටියේ පළල අඟල් 1 1 /2 අඩුකර මිමි ගණනය කරන්න.

 

ඉණ වට

(waist Circum frnce)

= අඟල් 26 /4

උකුළ වට (Hip Cireumfrnce)

= අඟල් 36 /

කරු වට (කිල් එක) උස

(waist to Croch level)

= අඟල් 10

සම්පූර්ණ උස

(Waist to bottom Hem)

= අඟල් 37

 

මැසීමේ පියවර - මුලින්ම ඉදිරි ඩාට් දෙක මසන්න. පසුව අංශ පොකට් මසන්න. Pocket Open අඟල් 5 1/2ක් දෙන්න. පිටුපස පළුව සඳහා ඉලාස්ටික් ගන්න. ඉදිරි වේස්ට් බෑන්ඩ් කොටස සඳහා අඟල් 1 1 /2ක් ස්ටිප් කපා සකසා ගන්න.