ඇඟටම හරියන ටීෂර්ට් එක මහගන්නේ මෙහෙමයි

ඔක්තෝබර් 21, 2024

 

නියම ප්‍රමිතියෙන් යුතු ටීෂර්ට් නිර්මාණය කිරීමේදී ඔබට මිනුම් ගැනීම, මිනුම් සැකසීම, පතරොම් සැකසීම, රෙදි වර්ග හඳුනාගැනීම පමණක් නොව අයන් කිරීම, පැකින් කිරීම දක්වා මනා අවබෝධයක් තිබිය යුතුය. එපමණක් නොව ටීෂර්ට් අලංකරණය සඳහාත් වැඩි වටිනාකමක් ලබා ගැනීම සඳහාත් ටීෂර්ට් ප්‍රින්ටින් ක්‍රමය, එම්බ්‍රොයිඩරි ක්‍රමය, ස්ටිකර් ඇලවීමේ ක්‍රම මඟින් ඔබ මැසූ ටී ෂර්ට් වඩාත් අලංකාර කර ගත හැකියි.

 

ටීෂර්ට් මැසීමට යොදා ගන්නා රෙදි වර්ග හඳුනාගනිමු.

 

ටීෂර්ට් රෙදි වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේදී රෙදි වර්ගවල ඝනකම ඇදෙනසුලුබව හා බර අනුව රෙදිවල ගුණාත්මකභාවය තීරණය කරයි. මේවා පළල අනුව වෙනස් වේ. ටීෂර්ට් මැටීරියල් ලෙසින් බර අනුව මිල දී ගත හැකිය. ටීෂර්ට් රෙදි GSM අගය අනුව වෙනස් වේ.

 

ටීෂර්ට් මැසීමට ගන්නා රෙදි වර්ග -

 

සිංගල් ජර්සි (Single jersey) 190 gsm අඟල් 60 පළල, වෙට් ලූක් (Wet look) 150gsm අඟල් 60 පළලින් ද වෙලෝනා (Velona) කොකඩයිල් (kokadayil) වර්ග, P.c. White, කොට්න් (Cotton), පොලියස්ටර් (Polyester) තනි පැහැයෙන් හා මුද්‍රිත ලෙස මේවා වෙළෙඳපොළේ ඇත. GSM අගය බර මත තීරණය කරයි.

 

ටීෂර්ට් රෙදිවල සංයුතිය

 

කොට්න්, ෆැබ්රික් 100% කපු මිශ්‍රිත (Nathural Cotton) දහඩිය හොඳින් උරා ගනී. gsm 190 single jersey විශේෂයෙන් කුඩා දරුවන්ගේ ඇඳුම් නිර්මාණය සඳහා යොදා ගනී. 180 gsm, 190 gsm, 220 gsm ඝනකමින් වැඩි වේ.

ටීෂර්ට් මුද්‍රණ ක්‍රම විවිධාකාර වේ.

 

මේවා ලොකු කුඩා වශයෙන් ඔබේ ඇඟලුමේ ප්‍රමාණය අනුව ඔබ ලබා දෙන පින්තූර වෙනස් කළ හැකියි. ෆැබ්රික් පින්තාරු, ග්‍රැෆික්, ස්ක්‍රීන් ප්‍රින්ට් ලෙසින් එම්බ්‍රොයිඩරි කිරීමෙන් ද වැඩි අලංකාරයක් එක් කළ හැකියි.

 

මිනුම් නොගෙන ව්‍යාපාරික මට්ටමින් ටීෂර්ට් නිර්මාණය කරන්නේ කෙසේද?

 

ඔබ වෙළෙඳපොළක් උදෙසා ටීෂර්ට් මැසීම ආරම්භ කරයි නම් මේ සඳහා මිමි ගැනීමක් අවශ්‍ය නොවේ. මේ සඳහා Stand measurement චාට් අැසුරින් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකියි. එහෙත් ඔබේ ඇඟේ ප්‍රමාණය අනුව ඔබ අඳින ටීෂර්ට් කුඩාවීමට ඉඩ ඇත.

 

ටීෂර්ට් මැසීමට ගන්නා ඉඳිකටුව ගැන ඔබ දැනුම්වත්ද?

 

ඔබ සාමාන්‍ය ඇඳුමක් මැසීමට ගන්නා ඉඳිකටුව ඇදෙනසුලු රෙදි මැසීමට නොගනී. මේ සඳහා මැහුමේ නිවැරදිභාවය රැඳීමට නම් ඒ සඳහා බෝල්පොයින්ට් ඉඳිකටුව භාවිත කළ යුතුය. මෙහි අග රවුම් හැඩයක් ගැනීම සඳහා රෙද්දට හානියක් නොවී මැහුම් හොඳින් මැසීමට උපකාරී වේ.

 

හොඳ රෙදි වර්ග හඳුනාගන්නේ කෙසේද?

 

සාමාන්‍යයෙන් ටීෂර්ට් රෙදි විවිධ ඝනකමින් හා බරින් ඇදෙනසුලු ගතියෙන් විවිධාකාර වේ. gsm 160ට අඩු රෙදි වර්ගවල සිල්ක් ගතිය වැඩි වේ. මේවා කොට්න් හා පොලියස්ටර් මිශ්‍ර වීමෙන් නිපදවයි. බරෙන් අඩුයි. ඝනකමින් ඉතා දුහුල් ගතියක් පෙන්වයි. 100% කපු කොට්න් රෙදි වඩාත් සුවපහසු දහඩිය හොඳින් උරා ගනී. මේවා සිංගල් ජර්සි හොඳ වර්ගයේ ටීෂර්ට් රෙදි වේ. ඔබ ඉතා කුඩා රෙදි කොටසක් පුලුස්සා බලන්න. එවිට හොඳින් පිලිස්සී අළු පමණක් කුඩු මෙන් ඉතිරි වේ. මේවා හොඳ ටීෂර්ට් රෙද්දක ගුණාත්මකභාවය තීරණය කරයි. පිලිස්සීමේදී ඉටි වැනි ස්වරූපයක් පෙන්නුම් කරයි නම් මේවා ගුණාත්මකභාවයෙන් අඩු පොලියස්ටර් මිශ්‍ර රෙදි වේ. මෙම ප්ලැකටය සමාන කොටස් 03කට බෙදා ගන්න. ප්ලැකට් කොටසට වෙනත් පාටක් ගන්න. පියුසින් කොටසක් අලවා ගන්න. මෙම කොටස් එකතුකර ගෙන මසා ගන්න.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි