නව වසරේ වාසනාව උදා කරන ධන්වන්තරී පූජාව

දෙසැම්බර් 9, 2024

 

ධන්වන්තරී දෙවියන් මනුෂ්‍ය ලෝකයේ බැතිමතුන් අතර ඉතා ගෞරවයට පාත්‍ර වූ සෘෂිවරයෙකි. එසේම දෙව්ලොව ධන්වන්තරී පිළිගන්නා වෛද්‍යවරයෙකු ද වෙයි. මෙලෙස ඉතා ගෞරවනීය ලෙස පිළිගන්නා ධන්වන්තරී දෙවියන් විෂ්ණු දෙවියන්ගේ ද ප්‍රශංසාවට ලක්වී තිබේ. එක් අතක කළයක්ද, තවත් අතක ජය සංඛ්‍යයක් ද, අනෙක් අත් දෙකෙහි ඖෂධ පැළෑටියක්ද, වේද ග්‍රන්ථයක් ද සමඟ ධන්වන්තරී දෙවියන් විරාජමානව වැඩ සිටියි.

 

මෙලෙසින් බොහෝ ලෙඩ රෝග හා රෝග නිවාරණ සඳහා පිහිට වන ධන්වන්තරී දෙවියන් හට පුද පූජා හා ආශිර්වාද ලබා ගැනීම විශාල ශක්තියකි. එසේම එම ආශිර්වාදයෙන් කියවෙන්නේ ලෙඩ රෝග සුවවීම පමණක් නොව නිවැසියන්ට වාසනාව ද කැන්දයි. ලබන්නා වූ නව වසර වාසනාවන්ත නව වසරක් ලෙසින් තම සිතුම් පැතුම් ඉටු කරගන්නටත් කිසිම ලෙඩ රෝගයකින් තොරව නීරෝගිව සිටින්නටත් ධන්වන්තරී පූජාවක් තැබීම ඉතාම සුබවෙයි. ශ්‍රී ලංකාවේ රාවණා යුගයේ යුගයේද යක්‍ෂ නාග ගෝත්‍රිකයින් අතරේද, මධ්‍ය කඳුකරයේද, දේව ගෝත්‍රිකයින් අතර ද වෛද්‍ය ශාස්ත්‍ර පැවතුණි. යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම පවා ද පැවති බව අපට අසන්නට ලැබේ. මේ සඳහා දහඅට සන්නිය, දහ අට පාලිය, කොහොඹා කංකාරිය, ගම්මඩු, දෙවොල්මඩු වැනි දේ පවත්වන්නේ රෝග පමණක් නොව වසංගත රෝග නිරාවරණය කරමින් ගම්වැසියන්ට හා රටවැසියන්ට සෙත් පැතීමටයි.

 

විශේෂයෙන් ධන්වන්තරී ස්තෝත්‍ර හා පුද පූජා පැවැත්වීමෙන් පෞද්ගලිකව හා පවුලේ නීරෝගි සුවය සලසයි. එසේම නිවැසියන්ට වාසනාව කැන්දයි. විෂ්ණු පුරාණයේ සඳහන් ආකාරයට ධන්වන්තරී යනු පැරැණිතම වෛද්‍ය සෘෂිවරයෙකි . මෙම ඉපැරණි ඍෂිවරයා විසින් අෂ්ටාංග වේද ඉදිරිපත් කර ඇත්තේ අට වැදෑරුම් ආකාරයටය. කාය චිකිත්සාව, කුමාර භතය භූත වෛද්‍ය සහ ග්‍රහ චිකිත්සාව සලකස් තන්ත්‍රය, ශල්‍ය තන්ත්‍රය, විෂ තන්ත්‍රය, රසායන තන්ත්‍රය, වාජිකරණ තන්ත්‍රය ඉදිරිපත් කර තිබේ.

 

ඔබ මේ පූජාව පැවැත්වීමට පෙර නි‍ෙවසේ සාලය වැනි විවෘත ස්ථානයක් තෝරාගන්න. එම ස්ථානයේ ඉතා හොඳින් පිරිසිදු කර පහන් පැලක් ආකාරයට මේ ස්ථානය සකසා ගන්න. ඒ අසල විෂ්ණු දේව රූපයක්ද තබන්න. හැකිනම් ගණ දෙවි රූපයක් ද තැබීම ඉතාම සුබ සුබ වෙයි. දැන් එම ස්ථානයේ මල් පහන් සුවඳ දුම් තබා පුද පූජා පවත්වා මේ ස්තෝත්‍රය කියන්න. මෙවැනි ස්තෝත්‍ර පාඨ විශාල ප්‍රමාණයක් සෘෂිවර වේද ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. පළමුව රුද්‍රාක්ෂයක් පලඳින්න. ඉන් පසු මුඛ මන්ත්‍රයද, ඊශ්වර ගයාත්‍රී මන්ත්‍රය ද, ප්‍රසාද මන්ත්‍රය ද කියන්න. දැන් රුද්‍රාක්ෂ දෙකක් වතුර වීදුරුවකට දමන්න. එසේ එම රුද්‍රාක්ෂය දමන විටද ධන්වන්තරී ස්තෝත්‍රය කියන්න. මෙය නව වසරට පෙර දවසේ තබා පසු දිනයේද ධන්වන්තරී ස්ත්‍රෝත්‍රය ගායනා කර හිස් බඩ මේ වතුර වීදුරුව බොන්න.

 

මෙලෙස මෙම ධන්වන්තරී පූජාව පැවැත්වීමෙන් නි‍ෙවසේ සැමටම කායික මානසික සුවය ඇති කරයි. දරුවන්ගේ සෞඛ්‍යය ද සුවවෙයි. එසේම නි‍ෙවසේ සිටින වැඩිහිටියන් හා රෝගීන්ට ද සුවය සලසයි. දරු පල ලැබීම සහ දීර්ඝායුෂ ලබමින් නි‍ෙවසට සිරිකත කැන්දයි.



ඕම් ධන්වන්නරායේ නමහ ඃ
ඕම් වාසූ දේවාය විද්මහේ
වෛද්‍ය රාජාය ධීමතී
නත්තෝ ධන්වන්තරී ප්‍රචෝදයාත්

ඕම් ශංඛම් චක්‍රම් ප්ලෞප්‍රකාමි දදඩ්
අමෘත සංඛම් චාරු ද්‍රෙර්භිෂ් චතුර්භිෂ්
සුක්ෂ්ම ස්වවිචහානි හෘදයාමි
ශුල පරි විලාසම් චෞලිම් අම්බෝප් නෙනුම්

කාල අම්භ උද්‍ර උජ්ජාව ලාන්ගම් කතිතක
විලාසද් චාරු පිටාම් ධරාධසම්
වන්දේ ධන්වත්තරිම් තම් නියිල
ගදවත පෞඪ ද්‍රාවාග්ගි ලිලනම්

ඕම් නමො භගවතෙ
මහ සුදර්ශන
වාසු දේවාය ධන්වන්තරායේ
අමෘත කලස හන්ථාය
සර්ව සාය විනාසාය
සර්ව රෝග නිරාවරණය
ත්‍රෛෙලාක්‍ය පථයෙ
තෛත්‍රලොක්‍ය නිථායේ
ශ්‍රී මහා විෂ්ණු ස්වරූප
ශ්‍රී ධන්වත්තරි ස්වරූප ශ්‍රී ශ්‍රී ශ්‍රී
ඖෂධ චක්‍ර නාරායන ස්වාහඃ

ඕම් සර්වාංග ව්‍යාධි නිරාවරණය
ධන්වන්තරාය නමහඃ
ඕම් වාත පිත්ත කප්ප ව්‍යාධි නිරාවරණය
ධන්වන්තරාය නමහඃ
ඕම් හෘද ව්‍යාධි නිරාවරණය
ධන්වන්තරාය නමඃ
ඕම් ආග්මරි ව්‍යාධ් නිරාවරණය
ධන්වන්තරාය නමහඃ
ඕම් සන්ධි ඝ්‍රොත ව්‍යාධි නිරාවරණය
ධන්වන්තරාය නමහඃ