ජ්‍යොතිෂ ගැටලු

සැප්තැම්බර් 2, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

 

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

නි‍ෙවසේ පිහිටීමේ දෝෂ

 

මාගේ නි‍ෙවසේ පිහිටීම ඔබ වෙත එවා ඇත. එයට අනුව නි‍ෙවසේ දෝෂ සඳහන් කරන්න.

පානදුරේ - ප්‍රියන්ති

 

ප්‍රධානම දෝෂය ලෙස නි‍ෙවසේ ඉදිරිපස දොරටුවට හරි මැදින් පිහිටා ඇති කණුව ඉවත් කළ යුතුවම ඇත. මෙය දරුණු වාස්තු දෝෂයකි. ගෘහ මූලිකයාගේ සෞඛ්‍ය තත්ත්වය හීන කරන අතර මරණය පවා සිදුවිය හැකි දරුණු දෝෂයකි. එමෙන්ම එම සටහනට අනුව නි‍ෙවසේ එක් මුල්ලකට වැසිකිළි වළ හසුවීම ද පෙන්වයි. එම කෝණයේ නූලක් ඇද බැලීමෙන් හරියටම දැනගත හැකි වේ. එය එසේ වන්නේ නම් හැකි ඉක්මනින් මෙම දෝෂ දෙකම නිවැරැදි කිරීමට කටයුතු කරන්න.

 

ජීවිතයේ සැනසීමක් නොවෙයි

 

මා හට ඇති ගැටලුව වන්නේ කිසිම දෙයක් සාර්ථක නොවීමත්, ජයග්‍රහණයක් නොලැබීම හා ජීවිතයේ සැනසීමක් නැති වීමත්ය. ඊට හේතුව කුමක්ද?

 

වැල්ලම්පිටියේ - මාලනී

 

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහයන් සියලු දෙනාම පාප ග්‍රහයන්ට මැදිව පීඩිතව ඇත. සරලව දැක්විය හැකි හේතුව එයයි. ජීවිතයේ ඉතාම කටුක

 

කාලය ඔබට තවම ලබා නොමැත. ඉදිරි කාලයේදී එවැනි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් බිය නොවන්න. සියල්ලටම මුහුණ දීමේ ආත්ම ශක්තිය ඔබට ඇත. ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න.

 

දියණියට දරුඵල දෝෂ

 

මාගේ දියණිය විවාහ වී වසර හතකි. දරුඵල තවම නොමැත. එයට ප්‍රතිකාර කළද, තවම ප්‍රතිඵලයක් නොමැත. මෙයට හේතුව කුමක්ද?

යක්කල - සරත් කුමාර

 

ඔබගේ දියණියගේ සහ ඇයගේ සැමියාගේ හඳහන් දෙකට අනුව දෙදෙනාටම දරුඵල දෝෂ පවතී. මෙයට වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් පමණක් සාර්ථක නොවන අතර, ජ්‍යොතිෂ්‍ය ගුප්ත විද්‍යා වතාවත් කිරීම සමඟ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මගින් දරුෙවකු ලබා ගත හැකි බව සඳහන් කරමි. දෙදෙනාගේම ශරීරයේ අධික උෂ්ණත්වයක් පවතී. පළමුව ඇඟ නිවීමට අවශ්‍ය ප්‍රතිකාර කළ යුතු වෙයි. මල බද්ධය වැනි රෝග ඇති බව සඳහන් කරමි. සුදුසුකම් ලත් පළපුරුදු ආයුර්වේද ‍ජ්‍යොතිෂ්‍ය ෙවෙද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න.

 

සුදුසු රැකියාවක්

 

මා හොඳින් අධ්‍යාපනය හැදෑරූ අයෙක්මි. නමුත් සුදුසු රැකියාවක් නොවෙයි. මෙයට හේතුව කුමක්ද?

පාදුක්කේ - ශ්‍රියාණි

 

තුලා ලග්නයෙන් උපන් ඔබට හොඳ ධාරණ ශක්තියක් හා නිර්මාණශීලී හැකියාවක් උපතින්ම ඇත. නමුත් රැකියාවේදී හා විවාහයේදී ඔබ අසමත් වෙයි. එයට හේතුව නම් ඔබට ඉහළින් සිටින අයගේ අණසකට යටත්වීමට නොහැකි බවයි. මේ වනවිටත් ඔබට හොඳ රැකියා ලැබී ඒවා අතහැර ඇති බව කිව හැකියි. තවම පමා නොමැත. නිහතමානී ලෙස කටයුතු කිරීමට සිතා ගතහොත් හොඳ රැකියාවක් ලැබෙනවා නියතයි. එම නිසා එම කරුණ සිතේ තබාගෙන කටයුතු කරන්න.

 

සිකුරාදා දිනක බෝධි පූජාවක් පටන්ගෙන දින 21ක් එය අඛණ්ඩව පවත්වාගෙන ගොස් විෂ්ණු, කතරගම දෙවියන්ට භාර වෙන්න. ඉන්පසු හොඳ ආයතනයකට රැකියා ඉල්ලුම් පතක් යොමු කරන්න. නිසැකවම ප්‍රතිඵල ලැබෙයි.

 

 

සැමියාට අපල

මාගේ ස්වාමියා එක්තැන්විය. හඳහනට අනුව ඉදිරි කාලය කෙසේ වෙයි ද?

 

වලස්මුල්ලේ - මාග්‍රට්

 

ඔහු එක්තැන්වී ඇත්තේ හදිසි අනතුරකින් බව පෙනේ. එය උසකින් වැටීමක් බව ද පෙන්වයි. මේ කාලයේ ඔහුට මෙය සිදුවීමට තිබූ මාරක කාලයකි. නමුත් ඔහුගේ ජීවිතයට හානියක් නොවන බව සඳහන් කළ හැකි වෙයි. ඉදිරියට වසර තුනහමාරක් ගෙවන තුරු ඔහු මෙලෙස එක්තැන්ව සිටියි.

 

පසුව ක්‍රමයෙන් සුවපත් වෙයි. පුර පස සෙනසුරාදා දිනෙක රාත්‍රී 8 - 9 අතර

 

 

බෝධි පූජා පටන්ගෙන, එය දින 21ක් අඛණ්ඩව පවත්වන්න. නවතෙල් පහන් 108කට තල පොට්ටනි දමා දල්වා ඔහුගේ උසට සුදු මල් මාලාවක් අමුණා එයටම නිල් මල් ද අමුණා අනෙකුත් පූජා ද්‍රව්‍ය සමඟ එම පූජාව සෙනසුරාදා දිනවල විශේෂයෙන් පවත්වන්න.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ