දරුවන්ගේ ඉගෙනුම සපල කරන ‍ෙජ්‍යාතිෂ පිළියම්

ජනවාරි 20, 2025

මෙලොව උපත ලබන සෑම දරුවෙකු පිළිබඳවම මවුපියන් අසීමිත බලාපොරොත්තු තබති. තම දරුවා සමාජයේ උසස් වැදගත් පුද්ගලයෙකු කිරීම ඔවුන්ගේ සිහිනයකි. මෙම සිහිනය සැබෑ කරගන්නට විශාල කැපවීමක් කරති. මෙලොව උපන් දා පටන් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසන මවුපියන් එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් ද වැය කරති. එසේම දහසක් බලාපොරොත්තු තබමින් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ තමා දරුවාගේ අනාගතය යහපත් කරන්නටය.

යමෙකු මෙලොව බිහිවන අවස්ථාවේ පෙරදිග අහසේ පිහිටන ග්‍රහයන් පිළිබ‍ඳ‍ ජ්‍යෝතිෂයේ මනාව පැහැදිලි කරයි. යමෙකු මෙලොව ඉපදීමේ දී බලපවතින්නේ කේන්දරයේ 5 වැනි භාවයත් 5 වැන්නේ ත්‍රිකෝණ ස්ථානයේ හෝ ග්‍රහයන් වන බුධ ගුරු සිකුරු වේ. එම ස්ථානවල පිහිටීමෙන් ග්‍රහ යෝග වශයෙන් හඳුන්වනු ලබන රවි බුධ සිකුරු යෝගය, රවි බුධ ගුරු යෝගය, රවි සෙනසුරු යහපත් ව පිහිටා රවි ගුරු ශනි හෝ රවි බුධ ශනි හෝ ශනි බුධ ගුරු වැනි යෝග බලවත් අයුරින් යෙදී. කේන්දරයේ 1,5,9 ස්ථානයේ පිහිටීමෙන් දරුවාගේ මානසික වර්ධනය, කායික වර්ධනය හා ඥාන වර්ධනය ඇති වීමෙන් ධාරණ ශක්තිය ඇතිවීම දිනෙන් දින ඉහළ යමින් උසස් ඉගෙනීමක් සඳහා මඟ පෑදේ. ජීවිතය අවසානය දක්වාම ඉගෙනුම ලබමින් ගෞරව සම්මාන රාජ්‍ය අනුග්‍රහය ලබන බවද කේන්ද්‍ර රාශියක් තුළින් සනාථ වී ඇත.

භද්‍රා යෝගය ගුරු හංස යෝග වැනි ප්‍රබල යෝග මනා සේ පිහිටීමෙන් උසස් අධ්‍යාපනයකට හිමිකම් ලබයි. 9, 5 වැනිඅධිපති පස්වැන්නා අධිපති ස්ථානයෙහි ලග්නාධිපතිගේ හෝ දහය අධිපතිගේ දෘෂ්ටියට ලක් වීමෙන් උසස් අධ්‍යාපනයට හිමිකම් කියයි. එසේම ධර්මකමාධිපති යෝගය යම් කේන්දරයක සුභ ලෙස කේන්ද්‍ර 4 න් එකක හෝ ත්‍රිකෝණ ස්ථානය තුන්වෙනි භවයට යෙදීමෙන් සුබ අධ්‍යාපන ගුණවගාවන්ගෙන් යුත් බත්‍රියකු දැනුම සම්භාරයක් හිමි වේ. උගත් පණ්ඩිත අයෙකු කරයි. සමාජයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු වෛද්‍යවරු, විදුහල්පතිවරු, විධායක අංශයේ බලතල දරන්නෝ වෙති. නමුත් අප මතක තබා ගත යුතු වැදගත් ම කරුණ වන්නේ පස්වැනි භාව අධිපති පූර්ණ රශ්මි මණ්ඩලයේ පිරිසුදු ව සිටිය යුතු බවයි. ලග්නාධිපති 5 වෙනි බව අධිපති නව වැනි අධිපති යන තිදෙනාගෙන් කවරෙකු හෝ අවිනිශ්චිතව සතුරු වීමෙන් හෝ 22 වෙනි කේන්ද්‍රස්ථානාධිපති වීමෙන් හෝ එම ග්‍රහයන් නීචස්ථානවල පිහිටීමෙන් හෝ දුර්වල නොවන බවයි. එසේ වීමෙන් ඒ අයගේ ඉගෙනීමේ කටයුතු කෙසේ හෝ අතරමඟ නවතා දැමීමට හේතුවේ.

එසේ ම රාහු නීචව ධනු රාශියේ තැන්පත් ව සිටිමින් එගෙනුම ලබන අවධියේ හා ඔහුගේ මහදසාව ලැබීමෙන් ඉගෙනුම තමන් විසින් ම නතර කර දමයි. රාහු 12 වෙනි භාවයේ ගමන් කරන අතර සෙනසුරු මහදසාවේ හෝ අතුරු දසාවක් ලබා ඇත්නම් අනිවාර්යයෙන් ම ඉගෙනුම නතර කර දමන්නට සිදු වේ. තව ද සෙනසුරු මාරක තත්ත්වය උදා වීමෙන් දහ වැන්නේ හෝ හතර වැන්නේ කේන්ද්‍රගත ව දසාවක් යෙදේ ද එම වකවානුවේ ඉගෙනුමට බාධාවන් පමුණුවා ඉගෙනුම නතර කර දමයි.

එසේ පවතින ග්‍රහලෝක හඳුනාගෙන ඒ ග්‍රහදෝෂයන්ට අවශ්‍ය ග්‍රහ හරණයක් තුළින් නිසි අයුරින් අධ්‍යාපනයට යොමු කිරීමේ හැකියාව තිබේ. ඒ සඳහා පිළියම් ලෙස අාධ්‍යාත්මිකව කළ හැකි වත් පිළිවෙත් රාශියකි. බෝධි පූජා පැවැත්වීම, ගණ දෙවියන්, විෂ්ණු දෙවියන් සඳහා බාර හාර වීම, ඖෂධ වතුර නැහැවීම, අපල මුදු ගල් පැලඳවීම වැනි ජ්‍යොතිෂ පිළියම් රාශියක් පවතී. ඊට අමතරව,

01. සෙත්කවි ලියවා කියවීම

02. සුදුසු මැණික් වර්ග තෝරාගෙන අදාළ ලෝහයෙන් ආභරණ සාදා පැලඳීම

03. බෝධි පූජා පැවැත්වීම

04. ග්‍රහ පූජා, ග්‍රහ දාන පැවැත්වීම

05. යන්ත්‍ර පැලඳීම

06. භාරහාර වීම

07. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යන ත්‍රිවිධාකාරයේ දාන මඟින්

08 තමාගේ අපල දුරු වේවා යැයි ලියූ ධජ/කොඩි මඟින්

09. තම ආහාරයේ කොටසක් ඉතිරි කර සතුනට ලබාදී එම පින තමාගේ ඉටු දෙවියාට අනුමෝදන් කරවීම මඟින්

10. ග්‍රහයන්ට අදාළ ඖෂධ යෙදූ ජලයෙන් ස්නානය කිරීමෙන්

11. ග්‍රහයන්ට අදාළ ගස්වලට සාත්තු කිරීම හා ඒ ආසන්නයේ සතියකට පැය කිහිපයක් රැඳී සිටීමෙන්

12. පිරිත් ශ්‍රවණය කිරීම සහ පිරිතෙන් ආරක්ෂා යන්ත්‍ර පැලඳීමෙන්

13. ගලා යන ජලයේ සිටින මාළුවන්ට බත් පොරි ආදිය ආහාරයට ලබා දීමෙන්

14. උගුල්වල පැටලී සිටින සතුන් ඉන් නිදහස් කිරීමෙන්

15. කූඩු කර ඇති සතුන් නිදහස් කිරීමෙන්

16. මිනිසුන්ට හා සතුනට සැමදා මෛත්‍රියෙන් යුතුව උදවු උපකාර කිරීමෙන්

17. කුඩා අසරණ දරුවන්ට කැවිලිපෙවිලි බෙහෙත් ආදිය ලබා දීමෙන්

ඉහත සඳහන් අදාළ ග්‍රහ ශාන්තිකර්ම හා සෙනසුරු, කුජ, රවි, සිකුරු අපල වෙනුවෙන් සෙනසුරාදා, අඟහරුවාදා සිකුරාදා, ඉරිදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම ග්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.

ඒ සඳහා කළ හැකි පිළියම් පිළිබඳ අප ඉදිරියේ දී ඉදිරිපත් කරමු.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න

 

[email protected]