වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
පේපර් කුවිලිං කලාව උපන් දිනයට වර්ණවත් පැතුම් පත්
පොඩිත්තන්ට උපන් දිනය සුවිශේෂීයි. ඒත් මේ දිනවල උපන් දින සුබ පැතුම්පත් සොයාගන්න එක නම් ලේසි නැහැ. ඒ හින්දම ගෙදර තියෙන වර්ණවත් කඩදාසි කොටස් මඟින් පේපර් කුවිලිං ක්‍රමයට පොඩිත්තේ කැමැති ආකාරයට සුබ පැතුම් පත් මෙලෙස නිර්මාණය කරගන්න පුළුවන්.
කොටු හැඩයට කාඩ් පත් කපා ඇතත් ඔබට සෘජුකෝණාස්‍ර හැඩයට කපා සකසා ගන්න හැකියි. කොටු හැඩයට නම් අඟල් 6×6 ප්‍රමාණය සෑහෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
විවිධ වර්ණ ඒ4 කඩදාසි
කුවිලිං ටූල් එක
පේපර් ෂෙඩර් මැෂින් එක
බයින්ඩර් ගම්
සෙලෝපේන් කොළයක්
කතුර
ඒ4 (ඒෆෝ) බෝඩ් කොටසක්
සෘජිෆෝම් බෝඩ් එකක්
පින්ස්
නිර්මාණය කිරීම
පළමුව ඔබ කරන්නට යන නිර්මාණයට අනුව දළ සටහනක් ඇඳගන්න. එය ඔබටම කළ නොහැකි නම් මෙම නිර්මාණ මත විනිවිද පෙනන කඩදාසියක් තබා රූපය පිටපත් කරගන්න. මේ සඳහා මෙහි දැක්වෙන නිර්මාණ වෙනුවට ඔබේම සිතැඟි අනුව රූපයක් ඇඳගත හැකියි. මෙහි දැක්වෙන්නේ කුරුල්ලන් හා පූස් පැංචකු සහිත කාඩ් පත් දෙකකි. ඒවායේ දළ සටහන් කාඩ් කොටස මත ඇඳගෙන කැමැති වර්ණ භාවිත කරමින් වර්ණගන්වා ගන්න.
උපදෙස් ප්‍රවීණ උදේශිකා
පූර්ණා කුලරත්න
2020/06/03 තරුණි පුවත්පත බලන්න.