වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙස හැඩ කරන්න කදිම ආයිත්තම්
වර්ණ කීපයක කැරැලි නූල් සහ රිබන් භාවිත කොට මනරම් ආකාරයෙන් ගෙත්තම් කළ නිර්මාණ කීපයකි මේ.
රිබන් එම්බ්‍රොයිඩරි කලාවත් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවත් මිශ්‍ර කරගනිමින් කර ඇති මේ අත්කම් නිර්මාණ කළේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෙහානි නවෝද්‍යා දියණියයි. බලන්න, මෙවැනි නිර්මාණයන් ඔබටත් මසාගන්න පුළුවන් නේද කියා.
කුෂන් කවරය
නිර්මාණය සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
ලිනන් රෙදි
ලයිනිං රෙදි
පැඩිං
සිප්
අඟලේ ඕගන්දි රිබන්
අඟල් භාගයේ ඕගන්දි රිබන්
අඟල් 1/4 සෙටින් රෙදි
ගැළපෙන වර්ණවලින්
කපු කැරැලි නූල්
ටැපැස්ට්‍රි ඉඳිකටු
සාමාන්‍ය ඉඳිකටු
නිර්මාණය කිරීම
පළමුව මෝස්තරය ඔබට අවශ්‍ය පරිදි විශාලකර ටිෂූ කොළයක් මත ඇඳගන්න. ඉන්පසු කුෂන් කවරය සඳහා අඟල් 16 ය 16 හෝ 18 ය 18 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපා ගන්න. ඉන්පසු එහි එක් කොටසක් ගෙන ඩ්‍රෙස් මේකිං කාබන් කොළය ආධාරයෙන් මෝස්තරය රෙද්ද මත පිටපත් කරගන්න. දැන් අඟලක් පළල ඕගන්දි රිබන් එක ගෙන අඟල් 20 ක් දිග කොටස් තුනක් කපාගන්න. පොහොට්ටු සඳහා අඟල් 1/2 ඕගන්දි රිබන් එකෙන් අඟල් 10 ක් දිගට රිබන් කොටස් කපා ගන්න.
ඉන්පසු මල් සෑදීම සඳහා කපාගත් රිබන් කොටසක් ගෙන එහි එක් කෙළවරකින් පටන් ගෙන එහි අවසානය දක්වා ළඟින් ළඟින් නූල් දුවවන්න. පසුව නූල ඇද අවශ්‍ය ප්‍රමාණයට රැලිකර වටේට කරකවමින් මල සාදාගන්න. අවසානයේ මල එහා මෙහා නොවන පරිදි පිටතට නොපෙනෙන සේ මල යටින් මසන්න. එවැනි මල් තුනක් මේ නිර්මාණය සඳහා අවශ්‍ය වේ.
අඟල් 1/2 ක් පළල ඕගන්දි රිබන් එකෙන් ඉහත ආකාරයටම ගැදර් කර පොහොට්ටු සාදා ගන්න. පසුව කොළ ඉති මසා ගනිමු. ඒ සඳහා පළමුව පිටපත් කරගත් මෝස්තරයේ ඇති ඉති, නැටි මැස්මෙන් මසාගන්න. එහි කොළ සඳහා අඟල් 1/4 ක් සෙටින් රිබන්වලින් ලේසි ඩේසි මැස්මෙන් මසා ගන්න. නැටි මැස්ම මැසීම සඳහා නූල් පොටවල් තුනක් භාවිත කරන්න. පිහාටු මැස්මෙන් ද නැටි කීපයක් මසාගන්න. ඒ අතරට ප්‍රංශ ගැට මසන්න. මේ සඳහා ද නූල් පොටවල් තුනක් භාවිත කර ඇත. කැරැලි නූලෙන් මසා ඇති පෙති පහේ මල් පිරවිලි මැස්මෙන් මසා තිබේ.
අවසානයේ ගැදර් කරගත් මල් සහ පොහොට්ටු මෝස්තරයේ මැදට තබා මසා ගන්න. පසුව එම කොටසට පැඩිං සහ ලයිනිං තබා මසාගන්න. අනෙක් කොටස දෙකට කපා එයට සිපරය අල්ලා ඉහත කොටසට තබා මසා ගන්න. මෙලෙස ඔබට අවශ්‍ය ප්‍රමාණයට කුෂන් කවර මසාගන්න.
2019/10/23 තරුණි පුවත්පත බලන්න
ස්තූතිය - ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනී චිත්‍රා රුද්‍රිගෝ මහත්මියට
අත්කම් නිර්මාණය - ශෙහානි නවෝද්‍යා
උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා වෙරෝනිකා කුමාරි
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
රූ රටා - විදුමිණි