වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බේබි නැපි රඳවනයක්
අලුත උපන් කිරිකැටියාට අත්‍යවශ්‍යම දෙයක් තමයි නැපි. සිඟිත්තාට අන්දවන්න, පිහදාන්න, පිරිසුදු කරන්න බේබි නැපි අවශ්‍යමයි. ඒ වාගේම නැපි එකක් දෙකක් නෙවෙයි නැපි බොහෝ ගණනක් දවසකට උවමනා වෙනවා.
මේ නැපි හොඳීන් සෝදා වියළා, ඉස්තිරික්ක කරගෙන භාවිත කරන්නත් ඕනෙ. මේ ආකාරයට සකසා ගත් නැපි පිළිවෙළකට අසුරා ගත්තෙ නැත්නම් අම්මලා මුහුණ දෙන්නේ ලොකු අපහසුතාවකටයි. එහෙම නම් මේ නැපි පිළිවෙළකට අසුරා ගන්න බේබි නැපි රඳවනයක් තිබුණොත් අම්මලාට පහසුවක් නේද?
අවශ්‍ය ද්‍රව්‍ය
තනි පැහැති රෙද්දක්
මුද්‍රත රෙද්දක්
අඟල් 18 ක් දිග සිප් එකක්
පැඩිං
ලයිනිං
මසාගන්නා ආකාරය
1 රූපයේ දැක්වෙන වලාකුළක් වැනි කොටසින් තනි පැහැයෙන් කොටස් දෙකක් කපා එම එක් කොටසකට මෝස්තරයක් ඇප්ලික් කරගන්න. (මේවාට ඇප්ලික් කළ හැකි රටා තරුණී වෙතින් නිතරම ඔබට තිළිණ කරයි) පසුව එම කොටස් දෙකටම පැඩිං හා ලයිනිං තබා වක්රාකාර වූ දාරය වටා මසා ගනිමින් හොඳ පිටට හරවා ගන්න. ෆ්‍රිල් එක හෙවත් රැලි කොටස සඳහා අඟල් 30×2 ප්‍රමාණයේ පටියක් මුද්‍රිත රෙද්දෙන් කපා එක් පැත්තක වාටි මසා අනෙක් පැත්ත රැලිකොට ඉදිරිපස කොටසට අල්ලා ගන්න. පසුව ඉදිරිපස හා පිටුපස කොටස් දෙක හොඳ පිට මුහුණට මුහුණ තබා වක්රාකාර වූ දාරය වටා ඉහළින් අඟල් 2 ක පමණ විවරයක් තබා මසා හොඳ පිටට හරවා ගන්න.
උපදෙස්
ප්‍රවීණ මැහුම් උපදේශිකා
සඳුනි මධුෂිකා
2020/05/13 තරුණි පුවත්පත බලන්න