වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රසිකයන් සේදර මැණිකේ චරිතය ආදරයෙන් වැලඳ ගනීවි
උදාරි වර්ණකුලසූරිය
උදාරි වර්ණකුලසූරිය කෙටි කලෙකින් රිදී තිරය සහ පුංචි තිරය එකසේ ජයගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ‘පායා එන්න හිරු සේ’ සිනමා පටයෙන් රංගනයට පිවිසි ඇය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රය වූයේ ‘බොඳ මීදුම්’ ටෙලි නාට්‍යයේ ‘සංසලාගේ’ චරිතය හරහායි.
එවන් චරිත රැසකට රංගනයෙන් දායක වූ ඇය ‘එකගෙයි සොකරි’ සිනමා පටයේත් විශිෂ්ට රංගනයක යෙදෙන බව පසුගියදා එළිදැක්වුණු එහි පූර්ව ප්රචාරක පටය නැරැඹීමෙන් අපට වැටහුණා. ළඟදීම තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ තිර රචනයත් අධ්‍යක්ෂණයත් සිනමාවේදී ජැක්සන් ඇන්තනීගෙනි. එහි සේදර මැණිකේගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. මේ ඇය සමඟින් කළ කතා බහයි.
මේ දිනවල කාලය වෙන්කරලා තියෙන්නේ මොන වගේ නිර්මාණවලට ද?
දුවගේ අධ්‍යාපන කටයුතුවලටයි මං මේ දවස්වල මුල් තැන දෙන්නේ. ඒ වගේම අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වලටත් සහභාගී වෙනවා. ‘එකගෙයි සොකරි’ සිනමාපටයේ ගීත එළිදැක්වීම පසුගියදා වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේදී සිදුවුණා. ඒ වෙනුවෙන් තමයි මං ලංකාවට ආවේ.
‘එකගෙයි සොකරි’ හි සේදර මැණිකේ වෙන්න ලැබුණේ කොහොම ද?
මම වෙනස්ම චරිතයක් කරන්න කැමැත්තෙන් හිටියේ. ඒ කැමැත්ත ඉෂ්ට වුණේ හිතාගන්නවත් බැරි විදිහට. රංගන ශිල්පී, සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහත්මයා මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔහු කිව්වා මෙහෙම චිත්‍රපටයක් කරනවා. මේ චරිතයට මාව සුදුසුයි කියලා. ඔහු මා තුළින් සේදර මැණිකේ දකින්න ඇති.
‘එකගෙයි සොකරි’ මොන වගේ අත්දැකීමක් ද?
මෙය මට බොහොම සුන්දර සිනමා අත්දැකීමක්. අපේ රටේ අතීතයේ තිබූ එකගෙයි විවාහ චාරිත්‍රය පිළිබඳ කියැවෙන තේමාවක් රැගත් අලංකාර සිනමා නිර්මාණයක්. ජැක්සන් ඇන්තනී මහතා අතින් අධ්‍යක්ෂණය වුණු තවත් විශිෂ්ට සිනමා කෘතියක් ලෙස ‘එකගෙයි සොකරි’ හඳුන්වාදිය හැකියි.
රංගන ශිල්පිනියක්, ශ්‍රී ලාංකික කාන්තාවක් විදිහට උදාරි එකගෙයි සංකල්පය දකින්නේ කොහොම ද?
එකගෙයි කෑම කියන්නේ අපේ ලංකාවේ තිබු පැරැණි සිරිතක්. හැබැයි ඒ චාරිත්‍රය මොකක්ද කියලවත් ලංකාවේ වර්තමාන පරපුර නොදන්නවා විතරක් නෙවෙයි ඒක ගැන වැරැදි අවබෝධයකිනුයි ඉන්නේ. මේ සංකල්පයේ ඇත්ත තේරුම මොකක්ද කියලා තමයි අපි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. ආදරය කියන දේ උපරිමයෙන් තියෙන හරිම පිරිසුදු සංකල්පයක් තමයි එකගෙයි කෑම කියන්නේ. එකිනෙකා ගැන ගෞරවයක්, ආදරයක් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා.
2020/01/22 තරුණි බලන්න