සුනිල් අරුණ වීරසිරිගේ වීර්යා දැන් රිදී තිරයේ

ජනවාරි 22, 2024

 

සුනිල් අරුණ වීරසිරි කතාව ලියා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ‘වීර්යා’ සිනමාපටය දැන් දිවයින පුරා තිරගත වේ. මෙහි විධායක නිෂ්පාදක ලෙසින් කටයුතු කරන්නේ ඔහුගේ ප්‍රිය බිරිය කාන්ති වීරසිරියි.

ශ්‍රියානි අමරසේන, ලකී ඩයස්, ජගත් චමිල, ශේෂාද්‍රි ප්‍රියසාද්, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල, රම්‍යා වනිගසේකර, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ, සුජානි මේනකා, ඇන්ටන් ජූඩ්, ඥානාංග ගුණවර්ධන, සරණපාල සූරියආරච්ච්, නෝමන් පලිහවඩන, සමන්ත මායාදුන්න, ගයා ක්‍රිෂානි, නෙතූ ප්‍රියංගිකා, සංජු සමරසිංහ, සමාධි නිර්මාණි, ඉන්දික දලුගම, මානෙල් වීරසිංහ, රශී ද සිල්වා සමඟ හඳුන්වා දෙන නිපුණි වීරසිරි නාරායන රංගනයෙන් වීර්යා සමඟ එක්වෙති.

ලාල් පාගොඩඅරච්චි තිර රචනය කරන මේ චිත්‍රපටය සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණයෙන් අජිත් රාමනායක, ශබ්ද සංකලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, සටන් අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බිලි වෝන්, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත පතිරගේ, ආනන්ද කපුගේ හා සුගත් ලෙල්ලම්පිටිය, සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රමෝද් නාරායන හා අමිත් ගුරුලවල දායකත්වය දක්වති. ඊට අමතරව මෙහි වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණය නාලක

ප්‍රසන්න, ආලෝකකරණය සුරේන්ද්‍ර කුමාර, නිශ්චල ඡායාරූප මහේෂ් නිශාන්ත, ගේය පද රචනය නිලාර් එන්.කාසිම් හා බයිලා සැන්ටි, ගායනය උරේෂා රවිහාරි, ප්‍රභාෂ් වීරසිරි නාරායන, කුමාර තිරිමාදුර, රොඩ්නි වර්ණකුල, විමලජිත් දොඹගහවත්ත හා නිෂ්පාදන කළමනාකරණය සුමිත් ප්‍රසන්නගෙනි.