ශමීර නාඔටුන්නගේ 'සිහින නෙළුම් මල්' 23 දා සිට

අගෝස්තු 19, 2024

ජාත්‍යන්තර සම්මාන දිනූ 'මෝටර් බයිසිකල්' සිනමා කෘතිය තම කුලුඳුල් සිනමා වෘත්තාන්තය කර ගත් ශමීර නාඔටුන්නගේ දෙවැනි සිනමා කෘතිය 'සිහින නෙළුම් මල්' මේ මස 23 වෙනිදා සිට රිදී තිරයට එකතු වේ.

විවාහ වූ බොහෝ පිරිස් මඳ සරු භාවයෙන් පෙළීමත් සමඟ විවාහ ජීවිතවල ඇති වන ගැටලු, ව්‍යාකූලතා හමුවේ සහන් සහ නයෝමි මෙම අභියෝග ජය ගැනීමට දරන උත්සාහය සමස්ත සිනමාපටය තුළින් නිරූපණය වේ.

සිහින නෙළුම් මල් වරුණ අරඹගේ ගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනයයි. හේමාල් රණසිංහ, දුෂේනි සිල්වා, ශ්‍රියානි , ප්‍රියන්ත සෙනෙවිරත්න, වීණා ජයකොඩි, උමාලි තිලකරත්න, කලණ ගුණසේකර, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ, මයුර කාංචන ඇතුළු පිරිස මේ සඳහා රංගනයෙන් දායක වෙති.

මෙහි තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය ශමීර නාඔටුන්නගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න, සංස්කරණයෙන් රවින්ද්‍ර ගුරුගේ, කලා අධ්‍යක්‍ෂණයෙන් ධම්මික හේවදූවවත්ත, සංගීත අධ්‍යක්ෂණය හා ගීත නිර්මාණයෙන් මිලින්ද තෙන්නකෝන්, අංගරචනයෙන් බුවනෙක රණවක, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, ගීත ගායනයෙන් ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා, ආශ්කා කුලතුංග දායක වේ.