හොරා අංකල් දැන් තිරයේ

අගෝස්තු 19, 2024

පියකුගේ හදවත තුළ දරු සෙනෙහස වෙනුවෙන් නැගෙන අතිශය දයාර්ද බවත් අතිශය ධාවනකාරී ජීවන රටාව තුළ මිනිසුන්ට මඟහැරෙන සංවේදීතාවන් පිළිබඳවත් කතාබහක යෙදෙන 'හොරා අංකල්' පවුලේ චිත්‍රපටය රිදී තිරයේ දිගහැරේ.

මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, සමන් ධර්මවංශ, ජයරත්න ගලගෙදර, අෂිකා මතසිංහ, දොංගයි මේ සඳහා රංගනයෙන් එක්වේ. ප්‍රධාන ළමා චරිත සඳහා එක්වන්නේ සෙනූල්යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙව්මි සතිෂ්කා යි.

'හොරා අංකල්' හර්ෂණ වික්‍රමසිංහගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. නිෂ්පාදනයෙන් දේශබන්දු සමන් ධර්මවංශ, ආචාර්ය සුමින්ද ලොව් දායක වේ.