තරුණී මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් හැඩවන වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය

“විවාහ” 2025 ජනවාරි 3,4,5 BMICH හි දී
දෙසැම්බර් 30, 2024

ශ්‍රී ලංකේය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන ගිය ආයතනයක් ලෙස Event Media ආයතනය ඉතිහාසගත වන්නේ ලෝක වාර්තාවක් තබමිනි. 2019 වසරේදී The most Brides in bridal Fashion Show ලෙස තැබූ එම වාර්තාව සඳහා සෑබෑ මනාලියන් 150ක් පමණ සංඛ්‍යාවක් සහභාගි කර ගනිමින් වාර්තාවක් තබන ලදි. මෙම අපූරු කර්තව්‍යය පිටුපස සිටින දැවැන්ත ශක්තිය Event Media ආයතනයේ සභාපතිනි නිරෝෂා මෙන්ඩිස්ය.

තරුණී පුවත්පත විසින් වසර ගණනක් පුරා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන මේ වැඩසටහනේ විශේෂාංග හා විශේෂත්වය පිළිබඳ ඇය අපට සඳහන් කළේ වසර ගණනක බැඳීම නැවත අලුත් කරමිනි. විවිධ වැඩසටහන් හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ආයතනයක් ලෙස අප දශක තුනකට ආසන්න කාලෙක පටන් ඉතාම ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. මෙම ජනප්‍රියත්වයේ පංගුකාරයන් ලෙස තරුණී පුවත්පත අප සමඟ දිගු කාලයක පටන් කටයුතු කිරීම අපට විශාල ශක්තියක්.

'විවාහ' 2025 මංගල ප්‍රදර්ශනය දුරුතු මහේ මහා මංගල්‍යය ලෙස ජනවාරි 3, 4, 5 පෙරවරු 10:00 සිට රාත්‍රී 08:00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම විවාහ මංගල ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය වන්නේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෑම ආයතනයක්ම කටයුතු කිරීමයි. එමෙන්ම විශාල වෙළෙඳ කුටි සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ දී ඔබට ඉතාමත් හොඳින් තම මංගල උත්සවය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිනියන්, ඇඳුම් විලාසිතා, රන් ආභරණ වගේම මංගල උත්සව සඳහා සුදුසු හෝටලයක් තෝරා ගැනීම සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා.

2025 වසරේ කුලගෙට පියමං කරන්න අපේක්ෂා කරන මනාල යුවළ සඳහා අප කියා සිටින්නේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන ඔබට පුංචි හෝ අදහසක්, දැනුමක් ලබාගන්න පුළුවන් බවයි. මංගල උත්සවයේ මංගල ආරාධනා පත්‍රයේ සෑදීම, මංගල කේක් පෙට්ටිය සැකසීම මෙන්ම පෝරුවේ චාරිත්‍ර සිදු කිරීම වැනි සුවිශේෂී අවස්ථාවන් සඳහාද ඔබට අවශ්‍ය කරන ශිල්පීන් පහසුවෙන්ම තෝරා ගැනීමේ හැකියාව පවතියි.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රමිතියන් රාශියක් එකම ස්ථානයකදී හමුවීමට ලැබෙන මෙම ප්‍රදර්ශනයේදී, ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා දැවැන්ත වේදිකාවක් තනා තිබෙනවා. එහිදී ඔබට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් හැඩගැන්වූ මනාලියන් ද දැක බලාගත හැකියි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වන ප්‍රසන්න කොළඹආරච්චි සහ ලංකා කුමාරි සුමනසේකර ඉදිරිපත් කරන සම්පූර්ණ මනාලියක් හැඩගැන්වීම සහ පේෂල් එකක් නිවැරදිව කරගන්නා වැඩමුළු සඳහා ද ඔබට නොමිලයේ සම්බන්ධ විය හැකියි.

තවද 2025 වසර ආරම්භයේදී පැවැත්වෙන දැවැන්තම මංගල ප්‍රදර්ශනය සහ මනාලියන් හැඩගැන්වීමේ දීප ව්‍යාප්ත තරගාවලිය ද මෙහිදී පැවැත්වේ.

ඒ සඳහා බටහිර මනාලියන් (සිකුරාදා) ඉන්දියන් මනාලියන් (සෙනසුරාදා) උඩරට මනාලියන් (ඉරිදා) යන තරග අවස්ථාවන් පැවැත්වේ.

වැඩි විස්තර සඳහා 0767542787 / 0773180955 අංක ඇමතිය හැකියි.

එමෙන්ම තරුණී හා ළබැදි පාඨක ඔබට මෙහිදී අනගි අවස්ථාවක් හිමිවේ.

Event Media ආයතනයේ සභාපතිනි නිරෝෂා මෙන්ඩිස්

 

[email protected]