වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගෙ උයනක් සැලසුම් කිරීමට පෙර මනසේ සිතුවම් කළ යුතුයි
නෙත පිනවන, සිත දැහැන්ගත කරවන අපූරු ගෙඋද්යානය නිවෙසට රැගෙන එන අසිරිසිරිය මොනතරම් අගනේද?
අපිළිවෙළට වැඩුණු ගහකොළ, විවිධ දිශාවන්ට විහිදී යන අඩිපාරවල්, අවිධිමත්ව බැහැර කළ කැළිකසළ, ඔහේ දිරාපත්වන අබලිද්‍රව්‍ය සහිත ගෙමිදුල ඔබට සිහිපත් කරලන්නේ යකුන් නැටූ සොහොන් පිටියකි.
අපිළිවෙළට ඇති මේ ගෙමිදුල, විවිධ වර්ණයේ මලින් පිරුණු, සමනලයන් - පුංචි කුරුල්ලන් පියාසලන, ඇසට ප්‍රිය මනස්කාන්ත පාරාදීසයක් බවට පත්කිරීම අපහසු කාර්යයක් නම් නොවේ. ඒවාගේම එය සිතනා තරම් පහසු ක්‍රියාවක් ද නොවේ. ඒ සඳහා පළමුව ඔබ තුළත් යම් වෙනස්වීමක් අවශ්‍ය කෙරෙන අතර එය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා වෙන්කළ හැකියි.
1. චිත්ත රූප මැවීම
2. කලින් ලබාගත් අත්දැකීම්
3. නිර්මාණශීලී වෙනස් කිරීම්
4. සරල තාක්ෂණික දැනුම
ඉතින් අපි මේ කරුණු පිළිබඳ වඩාත් විස්තරාත්මකව සොයා බලමු.
1. චිත්ත රූප මැවීම
මෙය එක්තරා ආකාරයට භාවනාවකි. එසේත් නැතිනම් මානසික ව්‍යායාමයකි. මනස හොඳින් ව්‍යායාම වන්නට මතක සෛල තුළ උත්තේජනයන් ඇතිවී ඒවා ක්‍රියාකාරී විය යුතුය. එමඟින් අපේ සිත තුළ නව සංකල්ප නිතැතින්ම බිහිවේ.
උපදෙස්
ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,
ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,
මාබොදලේ රංජිත් කළුආරච්චි
2019/07/31 තරුණි බලන්න