ගෘහ අභ්‍යන්තර අලංකරණයෙන් හැඩවූ නත්තලේ මිහිරියාව

දෙසැම්බර් 4, 2019

අරුමැසි නත්තලක මිහිරියාව විඳගන්නට මේ අවුරුද්දේත් හැමෝම සූදානම්. ඒ සූදානමට නිර්මාණශීලී යමක් එකතු කරන්නයි අපේ මේ වෑයම. මේ නිර්මාණශීලීත්වය එක්කාසු කරන්නේ ගෘහ අභ්‍යන්තර අලංකරණයට අනුගත වෙමිනි.

තේමාවන් කරා

මෙම නිර්මාණශීලී වෙනසට අනුගත වීම සඳහා ඔබට බොහොම සුළු මුදලක් වැයවනවා විය හැකියි. මුලින්ම ඔබ තේමාවක් කරා යෑම නුවණට හුරු ය. නැතිනම් හිතෙන, හිතෙන හැමදේම කරන්නට සිදුවේවි. මෙම තේමාව බොහෝවිට නත්තලට සුදුසු වර්ණයක් විය හැකියි. සුදු, රතු, දම්, කොළ,...ආදී ලෙස. එසේත් නැතිනම් තරුවක්, බෝ එකක්, ත්‍රිකෝණයක් හෝ ඒ සියල්ලකම මිශ්‍රණයක් විය හැකියි. ඊළඟට මෙම නත්තල් සැරසිලි තැබීම සඳහා නිවෙසේ කුමන ස්ථාන තෝරා ගන්නේ ද? යන්න පිළිබඳ සිතන්නට සිදුවේවි. මෙය වෙසක්වලට තැනින් තැන කූඩු එල්ලනවාක් මෙන් කළ නොහැකියි.

කොෆි ටේබල් එකට, කෑම මේසයට, සෝෆා සෙටියේ පිටුපස බිත්තියට, සෝෆා සෙටියේ දෙපැත්තට, විසිත්ත කාමරයට ඇතුළු වන තැනට, තිර රෙදිවලට, දොරට, පඩිපෙළට, කාමරවල නම් ඇඳට, ඇඳ රෙද්දට, ඩ්‍රෙසිං ටේබල් එකට... මේ ආදී තෝරාගත් තැන් ගණනාවකට ඔබේ නිර්මාණශීලී නත්තල් සැරසිලි ආදේශ කළ හැකිවේ. එසේම විදුලි බුබුළුවලින් අලංකාර කොටගෙන මිදුල ද නත්තල් සැරසිලිවලින් ආලෝකවත් කළ හැකියි. මෙහිදී වයර් ආදිය අවලස්සනව දිස්වන අයුරින් නොව එය ද පිළිවෙළකට එහා මෙහා යැවිය යුතු වේ.

දිලිනි හල්විටිගල

ස්කූල් ඔෆ් ඉන්ටීරියර් ඩිසයින් හි ප්‍රවීණ ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පිනී ආචාර්ය

 

2019/12/04 තරුණි බලන්න