වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලක්ෂ ගණනක් වියදම් කර හැදූ බාත්රූම් එක දැන් මහා නරකාදියක්
''හිරු එළිය නොවැටෙන කාමරයට වෙදැදුරු ගෙන ඒමට සිදුවන්නේය.''
මෙය පැරැණි වටිනා කියමනකි. එය එදාට වඩා අදට බෙහෙවින්ම ගැළපෙන කියමනකි. වර්තමානයේ පර්චස් කිහිපයකට කොටු වූ ඉඩමක නිවෙසක් තනන අපට හිරු එළිය ලබා ගන්නට ඉඩක් සෙවීම විශාල අභියෝගයක් බවට පත්ව ඇති හෙයිනි.
එහෙත් යම් තරමකට හෝ කාමරයකට නිසි පරිදි වාතාස්රය හා හිරු එළිය ලැබෙන්නේ නම් විශාල සම්පතකි.
එයින් නිවෙසේ අභ්‍යන්තර පරිසරය විසබීජ විනාශවී නිරන්තරයෙන් පිරිසුදුවීම ස්වභාවිකව සිදුවන සරල ක්‍රියාවලයකි. නමුත් මේ සියලු දේ අපට අහිමි වී තිබේ. හිරු එළිය පවා අපට කෘත්‍රිමව ලබා ගන්නට සිදුවන කාලය වැඩි ඈතක නොවනු ඇත. විශේෂයෙන් හිරු එළිය වැදගත් වන්නේ ජලය භාවිතා කරන ස්ථානවලටය. ඒ නිසා නිවෙසක හිරු එළිය අවශ්‍යම ස්ථානය වන්නේ නාන කාමරයයි.
නාන කාමරය නිරන්තරයෙන් පිරිසුදු කර නඩත්තු කිරීම අසීරු කටයුත්තකි. එය කෙතරම් අසීරු වුවත් නාන කාමරය පිරිසුදු කිරීම ගෘහණියගේ දෛනික කටයුතුවල අංගයකි.
මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ නිරන්තර තෙතමනය සහ අඩු ආලෝකයත්, අඩු වාතාස්රයත් ඇති පරිසරයක් නාන කාමරය තුළ තිබීමයි.
මේ නිසා විසබීජ වෛරස් සහ දිලීර වර්ධනයට ඉතා හොඳ පසුබිමක් සලසන්නේ ය.
පළාත් පාලන ආයතන සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාන කාමරවල තිබිය යුතු අවම බිම් ප්‍රමාණයක් හා එහි කවුළුවල ප්‍රමාණය ද නියම කර ඇත.
මෙම සම්මතයන්ට අනුකූල නොවන ගොඩනැගිලි ඉදිකිරීමට නොදෙන මට්ටමේ නීති මේ වන විට සම්පාදනය වී ඇත.
නාන කාමර ඉදිකිරීමේදී , මෙම ඉංජිනේරුමය ලක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ඇතුව කළ යුතු ය.
* ටයිල්වල ප්‍රමාණය, වර්ණය සහ මතුපිට රළු බව, ඒවා තෝරා ගැනීමේදී, ආලෝකය පරාවර්ථනය වන, පිරිසුදු කිරීමට පහසු, කුණු නොරැඳන ආකාරයේ ඒවා තෝරා ගත යුතුය.
* දොර සහ කවුළු (fan light) ආලෝකය සහ වතාශ්රය ලැබෙන දිශාවන්ට යොමුකර, ඊට සුදුසු වීදුරු ගල් (glass blocks), මල් වීදුරු හෝ ලැටිස් ගැසීම වැනි ක්‍රමවේදයන් ගෙන් සමන්විතව විය යුතුය.
* නාන කාමරයේ දිග පළලට ගැළපෙන ආනතියකින් යුක්තව පොළොව මත ජලය නොරඳන ලෙස තිබිය යුතුය.
* කැරපොත්තන්, මකුළුවන් හූණන් ආදී සතුන්ට සැඟවිය හැකි තැන් අවම වන ලෙස ඉදිකිරීම කළ යුතු ය.
* සෑම අපත හා කසළ නළයක්ම ජල උගුල් (traps)යොදා කිසිදු දුර්ගන්ධයක් නොයෙන ලෙස සකස් කර තිබිය යුතු ය.
*කිසිදු ජල කරාමයක් ජල බිඳක් හෝ කාන්දු නොවන ලෙස සකස් කර තිබිය යුතු ය.
* පොළොව, බිත්ති සහ නාන කාමර පිරිසුදු කිරීමට අදාළ උපකරණ (Cleaning brush) මෙන්ම සේදුම් කාරකයන් (cleaning agent)) භාවිත කළ යුතුය.
එය එසේ වුවද නාන කාමරය පිරිසුදුව තබා ගැනීම භාවිතා කරණ කාගේත් යුතුකම මෙන්ම, එය නිසි පරිදි සිදුවන්නේ ද බලා පරීක්ෂා කිරීම ගෘහණියගේ වගකීමයි.
උපදෙස් : ජල නළ කාර්මික උපදේශක
(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)
අජන්ත කාරියවසම්
2020/07/22 තරුණි පුවත්පත බලන්න.