වෙනසක් ගැන හිතන ඔබට සොඳුරු යකඩ නිර්මාණ

අගෝස්තු 26, 2020

යකඩ යනු කිසිසේත්ම නම්‍යශීලී නොවන එමෙන් ම ස්වභාවයෙන් ම රළු මාධ්‍යකි. එහි කිසිදු මෘදු, සුමට බවක් දැකිය නොහැකිය .

නමුත් මේ සොඳුරු නිර්මාණ දෙස බලන්න. ළදැල්ලක් සේ එහාට මෙහාට නැවෙමින්, ඇඹරෙමින් ඉතාමත් දැකුම්කලු නිර්මාණ රැසක් බිහි කර ඇත්තේ ඒ රළු වූ යකඩ වලිනි .

මැටි, සිමෙන්ති, සෙරමික්, වීදුරු ,ප්ලාස්ටික් ආදී විවිධ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන විවිධ ප්‍රමාණයෙන් සැකසූ එකකට එකක් නොදෙවැනි මල් බඳුන් මොනතරම් නම් ඔබේ නෙත ගැටී ඇතිද? ඒ අතරට එකතුවන මේ යකඩින් තැනූ මල් බඳුන් සහ ඒ බඳුන් රඳවනවල සුන්දරත්වය බලන්න. හැමදාමත් ඇස ගැටෙන නිර්මාණවලට වඩා තරමක් වෙනසක් ගැන නිරතුරුව ම සිතන ඔබට මේවා අපූරු පෙළඹවීමක්. ඒ විතරක් නෙවෙයි මෙවැනි නිර්මාණ වෙළෙඳපොළේ දක්නට නොමැති නිසා ඔබේ රුචිකත්වය අනුව සකසා ගන්නත් පුළුවනි නේද ?

2020/08/26 තරුණි බලන්න