ඔබේ නිවෙසේ මුළුතැන්ගෙය ඇත්තේ open plan ක්‍රමයට ද ?

අප්‍රේල් 18, 2022

 

අපේ කාන්තාවෝ වැඩිපුරම ගැවසෙන සමහර කාන්තාවෝ හරිම ආසාවෙන් ඕනෑකමින් ගැවසෙන නිවෙසේ එකම තැන වන්නේ මුළුතැන්ගෙයි. අතීතයේ පටන් විවිධ ක්‍රම වලට, විවිධ හැඩවලට ඉදිකෙරුණු මුළුතැන්ගෙය කාලයත් සමගින් අලුත් වෙලා ඊට විවිධ මුහුණුවරයන් එකතු වෙලා.

 

ගැමි නිවෙස්වල දුම් කුස්සියක් සාමාන්‍යයෙන් මුලුතැන් ගෙයත් දෙකම තියෙද්දි නගරබද සාමාන්‍ය නිවෙස් බොහොමයක ඉවුම් පිහුම් කටයුතු කරන මුළුතැන්ගෙය සහ show pantry එකක් සහිත මුළුතැන්ගෙයක් ලෙසින් මුළුතැන් ගෙවල් දෙකක් ම තිබුණා.( wet kitchen, dry kitchen)

මෙහි dry kitchen එක එහෙමත් නැත්නම් show pantry එකේ අත සේදීමට කුඩා සින්ක් එකක් සහ වටිනා පිඟන් බඩු, හැඳි, ගෑරුප්පු ආදිය ලස්සනට පිළිවෙලට පිටතට පෙනෙන පරිදි තැන්පත් කර තිබූ credancy එකක් තිබෙනවා. එය කලකට ඉහත දී තිබුණු කැබිනෙට්ටුව හා සමානයි. මෙහිදී pantry එකක් හැදෙන්නෙ නැහැ. wet kitchen එකෙහි පමණක් පෑන්ට්‍රී එකක් දකින්නට පුළුවන්.

නගරබදට වෙන්න පර්චස් පහ, හය ප්‍රමාණයේ ඉදිවෙන නිවෙස්වල මුළුතැන්ගෙයක් සඳහා වෙන් වන්නේ ඉතා සීමිත ඉඩකඩකින් යුතු කොටසක්. සීමිත ඉඩකඩක ඉදිවෙන මුළුතැන්ගෙවල්වල දැන් අලුත්ම විලාසිතාව වන්නේ open plan ක්‍රමයයි. මෙහිදී විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය මේ තුනම එකම කොටසකයි තිබෙන්නේ. විදෙස් රටවලින් අපට දායාද වුණ open plan ක්‍රමය apartment සඳහා මුලින්ම ආදේශ වුණා.

wet kitchen සහ dry kitchen වශයෙන් තිබූ මුළුතැන්ගෙය open plan ක්‍රමයට හැරෙද්දි ඒ සඳහා වෙන් කළේ අඩු ඉඩකඩක්. කුඩා බිම් කොටසකින් ඉදිවෙන නිවෙස්වලට මෙය අපූරුවට ගැළපුණා. ඒ හින්දම අද වන විට open plan ක්‍රමය ඉතාම ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වුණා.

විසිත්ත කාමරයේ පැත්තක් කෑම කාමරය සහ මුළුතැන්ගෙට විවෘත වන අන්දමින් ඉදිවෙන අවස්ථාත් දැන් දැක ගන්න පුළුවන්.open plan ක්‍රමයේදී මුළුතැන්ගේ වෙන් වන්නේ බොහෝ විට breakfast counter එකකින්. නි‍ෙවසේම අය පමණක් කෑම ගනිද්දී බොහෝවිට breakfast counter එක ආහාර ගැනීම සඳහා භාවිත කරයි.මෙහි උස බංකු කිහිපයක් තබා තිබේ. නවීන ක්‍රමයට සැලසුම් කෙරෙන මුළුතැන්ගෙවල්වල breakfast island එක ලෙසත් සැකසෙනවා. Open plan ක්‍රමයට මුළුතැන්ගෙය හදද්දි වඩාත් සැලසුම් දායකව කරන්නට සිදුවෙනවා මන්ද හැමදේම විසිත්ත කාමරයට පවා දිස්වන නිසයි මෙහිදී සියලුම දේවල් පැන්ට්‍රි කබඩ් ඇතුළතයි තබන්නේ. pantry top එක තැබිය යුතු වන්නේ හිස්වයි. බ්ලෙන්ඩරය,පෝස්ටරය, මයික්‍රෝ අවන් එක ඇතුළු විද්‍යුත් උපාංග පවා රාක්ක ගසා ඒ අසල අදාළ පරිදි switch සවි කොට තැබිය යුතුයි . මන්ද හැමදේම විසිත්ත කාමරයට පවා දිස් වෙයි. මෙහිදී සියලුම දේවල් පැන්ට්‍රි කබඩ් ඇතුළතයි තබන්නේ.

මෙහිදී පැන්ට්‍රිය උඩ සිට පහළට ලාච්චු මෙන් සැකසීම හරිම වැදගත්. හැළි වළං, පිඟන්, හැඳි, ගෑරුප්පු, තුනපහ බෝතල් මේ ආදී සියල්ල තැබිය යුතු වන්නේ මේ ලාච්චුවලයි.

අපේ රටේ තරම් ඉවුම් පිහුම් කටයුතු වල දී ස්වභාවික රසකාරක භාවිත කරන කෑම කලාවක් නොමැති තරම්. ඉතින් ලාච්චුවල බහාලන තුනපහ බෝතල්වල තියෙන ඒවා ලේබල් කර දැක්විය හැකියි. තුන පහ බෝතල් සඳහා වීදුරු බෝතල් එක් කිරීම දැන් අලුත්ම විලාසිතාවයි.

මුළුතැන්ගෙයි ත්‍රිකෝණය (kitchen trangle) අනුව සැලසුම් කිරීම එහි නිතර ගැවසෙන ගෘහණියට හරිම පහසුවක් මෙම මුළු තුන ලෙස සැලකෙන්නේ ළිප, සින්ක් එක සහ ශීතකරණයයි. මෙය L,U,V හැඩයන්ගෙන් නිම කළ හැකියි.ලයින් එකක් හෝ ලයින් දෙකක් ලෙසත් නිර්මාණය කළ හැකියි. මේ මුළු තුන තිබිය යුත්තේ එකිනෙක අතර දුර මීටරයක් හෝ මීටර් එකහමාරක් වශයෙනි.

මුළුතැන්ගෙය සැලසුම් කරද්දිම හාල්, පරිප්පු, සීනි, පොල් මේ ආදී දේ ඇසුරුම් කළ යුත්තේ කෙසේද යන්න සලකා බැලිය යුතුයි. සහල් ආදිය ගබඩා කිරීමට තරමක් විශාල ඇසුරුමක් අවශ්‍යයි.

 

open plan ක්‍රමයේ තවත් විස්තර ලබන සතියේ

 

 

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පී

ආචාර්ය දිලිනි හල්විටිගල