ලග්න පලාපල

පෙබරවාරි 24, 2021

මේෂ ලග්නය

නීති ගැටලුවලට විසඳුම්

 

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේ සිටම සුබයි. දේපළ හිමිකමක් නීති ගැටලුවලට විසඳුමක් ලැබේ. සතිය මැද වන විට වාහන - ඉඩම් - නිවාස මිලදී ගැනීමක් හෝ නිවාස අලුත්වැඩියාවක් පෙනෙන්නට තිබේ.

තම අභිලාසය අනුව ජය ගත හැකි බොහෝ දේ වන අතර සතිය අවසානයේ යටි බඩ ආශ්‍රිත අසාත්මිකතාවක් මතු විය හැක.

 

වෘෂභ ලග්නය

ලොතරැයි ජයග්‍රහණ

 

වෘෂභ ලග්නයට අනුව ධන සම්පත් උදාවත් සමඟ ඇඹෙන සතිය අවසානය දක්වාම දියුණුව අභිවෘද්ධිය උදෙසා කටයුතු සැලසෙයි.

තමා අන් කෙනකුට දී තිබූ මුදලක් යළි ලැබීම හෝ හදිසි ධනලාභ පෙන්වන අතර ලොතරැයි ජයග්‍රහණද පෙන්වනු ඇත. ව්‍යාපාර ලාභ අතර විසිතුරු දේ වලින් ලාභ පෙන්වයි. ඔබ කලා කටයුතු කෙරේ යොමු වුවහොත් ජයග්‍රහණය නිරතුරුවම ඔබට ලැබෙනු ඇත.

උගුරේ අසාත්මිකතා, පපුවේ හිසේ සෙම් ආපදා මතු කෙරේ.

 

මිථුන ලග්නය

මහන්සියේ තරමට ප්‍රතිඵල

මිථුන ලග්නයට අනුව සිතේ ශක්තිය ආත්ම අභිමානය ලැබෙන සතියකි.

තම ආදරය ආලය යන කාරණාවලදී තම ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙතින් ප්‍රසාදය පිළිගැනීම මතු කෙරෙනු ඇත.

දරුවන් බලාපොරොත්තු වන අයට ඉතා වාසනාවන්ත දරුවන් ලැබේ.

වෙහෙස මහන්සියේ තරමට ප්‍රතිපල අත්විඳීමට හැකිවේ.

විවාහක ගැටලු විසඳෙන අතර ආර්ථික ප්‍රතිලාභද පෙන්වයි.

 

කටක ලග්නය

ප්‍රබල ආයෝජනයක්

කටක ලග්නයට අනුව සතිය ආරම්භයේ පිටරටකට සම්බන්ධ කටයුත්තක් සාර්ථක වනු ඇත.

තම අනාගතය වෙනුවෙන් බොහෝ ප්‍රබල අභියෝග කටයුත්තක මූලාරම්භය සිදු වනු ඇත.

කොහොමින් හෝ තම කටයුතු උදෙසා මිල මුදල් පරිත්‍යාග ලැබෙන සතියකි.

නමුත් තම සිතැඟි අනුව පමණක් කටයුතු නොකර අන් අයගේ දැනමුතුකම් වලට අනුව කටයුතු කිරීම සුබයි.

 

සිංහ ලග්නය

අත්වැරැදීම් නිසා ධනහානි

සිංහ ලග්නයට අනුව ඔබට හදිසි ධනලාභයක් පෙන්වයි. පිටරටක සිට පැමිණි අයකුගේ පරිත්‍යාගයක් නිසා බොහෝ කලක් බලාපොරොත්තුව සිටි ව්‍යාපාර කටයුත්තකට ආරම්භය වැටේ.

ඒ අතර අන් අයගේ සහයෝගය ඇප උපකාර ලැබෙනු ඇත.

කුස ආශ්‍රිත අජීර්ණ පවතී. හදිසි තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න. නැතහොත් අත්වැරැදීම් මත ධනහානි වීමට පුළුවන.

කන්‍යා ලග්නය

රැකියා ස්ථානගත ප්‍රතිලාභ

කන්‍යා ලග්නයට අනුව විශේෂයෙන් ඔබගේ රැකියාගත ගැටලුවලට විසඳුම් ලැබෙන සතියකි. බොහෝ විට තමාට සතුරුව සිටි අයකු තමාට නම්‍යශීලීව කටයුතු කිරීමට පෙළඹේ. ඒ නිසාම තම සෘජු අදහස් උදහස් ක්‍රියාවට නැංවීමට ඔබට හැකිවේ. වාහනයක් මිලදී ගැනීම හෝ තමාට විකුණා ගැනීමට නොහැකිව තිබූ ඉඩමක් නිවෙසක් ඉතා හොඳ සාධාරණ මිලකට විකුණා ගැනීමටද ඔබට හැකිවනු ඇත.

 

තුලා ලග්නය

පෙර පිං පල දේ

 

තුලා ලග්නයට අනුව ඔබට මෙම සතිය පෙර පිං මහිමය වාසනාව ගෙන දෙයි. තම දේපළ සම්බන්ධව වාසනාව ගෙන එයි.

තම විවාහ සහකරු හෝ සහකාරිය වෙත ලැබෙන ජනප්‍රතිරාව මත ඔබව කැපී පෙනෙන සතියකි.

තම අදහස් ඉතා නිවැරැදි ලෙස ක්‍රියාවට නැංවිය හැකි ආර්ථික වාසනාව ගෙන දෙන සතියකි.

ඇඳුම් ව්‍යාපාර විසිතුරු දේ නිෂ්පාදන සාර්ථකත්වයට හේතු වෙයි.

වෘශ්චික ලග්නය

මහජන ආකර්ෂණයට

 

වෘශ්්චික ලග්නයට අනුව සතිය ආරම්භය තුනටිය ආශ්‍රිත උවදුරු හදිසි ආපදා පෙන්වනු ඇත.

තමා දුර බැහැර නුහුරු නුපුරුදු ප්‍රදේශයකට යාමෙන් අධික ධන වියදමක් තත්ත්වයක් ද විශේෂයෙන් නිකරුණේ කල්ගත කිරීමට සිදුවන වකවානුවකි.

සතිය මැදවන විට ආරම්භයට වඩා පලදායිවේ. බොහෝ මහජන ආකර්ෂණයට ලක්වන සතියකි.

 

ධනු ලග්නය

කුමන්ත්‍රණයක සුළමුල හෙළිවේ

 

ධනු ලග්නයට අනුව විවාහක අයගේ සාර්ථකත්වය හොඳින් තහවුරු වන සතියකි. පිටස්තරයකුගේ ඉගැන්නුම් බහකට අනුව ඔබට ගෙන ආ චෝදනාවක සුළමුල හෙළිවී කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබා දෙන සතියකි.

විවාද - කථික තරග හෝ වෙනත් සංවාදශීලී කටයුතු වලින් ජයග්‍රහණ උදාවනු ඇත. කෙසේ නමුදු අවිවාහක අයට නිසි ලෙස පෙම් සබඳතා පවත්වාගෙන යාමට අවස්ථාව උදාවේ.

 

මකර ලග්නය

දේපළවල අයහපත් බලපෑම්

මකර ලග්නයට අනුව සතිය ආරම්භයේ තමනට ආර්ථික පාඩුවක් පෙන්වන අතර සොර සතුරු කරදර එළඹීමට පුළුවන.

තම දේපළවලට කිසියම් බලපෑමක් ඇතිවන අතර නීති ගැටලු හා බාධා කිරීම් නිසා තමාට ආර්ථික පාඩු පවා එළැඹීමට පුළුවන.

කෙසේ නමුදු සුපරික්ෂාකාරී වුවහොත් විය හැකි පාඩු අවම කරගත හැකි අතර දියුණුවට ඉවහල්විය හැකි ආයෝජන කටයුත්තකටද අතපෙවීමට හැකිවෙයි.

 

කුම්භ ලග්නය

අන් අයගෙන් ඇප උපකාර

කුම්භ ලග්නයට අනුව දරු සම්පත් අපේක්ෂා කරන අයට දරු සම්පත් ද නැතහොත් තම දරුවකුගේ ජයග්‍රහණයක් නිසා කිසියම් පිළිගැනීමකට ලක්වන සතියකි.

දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර ආර්ථික ප්‍රතිලාභ හිමිවන සතියකි.

තමාට ළඟින් සිටින අය වෙතින් ඇප උපකාර ලැබෙනු ඇත. කුස ආශ්‍රිත අජීර්ණ තත්ත්වයකින් පිඩා විඳීමට සිදුවේ. ප්‍රවේශම් වන්න.

 

මීන ලග්නය

හදිසි ධන ලාභ

 

මීන ලග්නයට අනුව හදිසි ධනලාභ නිවාස ඉඩම් වාහන මිලදී ගැනීමකට ද හේතුයි. තම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේදී බොහෝ දෙනෙකුගේ ඇප උපකාර ලැබෙනු ඇත.

තමාට තම ශක්ති ප්‍රමාණය අනුව බොහෝ ජයග්‍රහණ හිමිකර දෙන සතියකි.

තම ලේ ඥාති පාර්ශවයන් වෙතින් ප්‍රසංශා ඇගයීමට ලක්වනු ඇත.

පපුවට යටි බඩට අසාත්මිකතා පැන නගී. සැර උෂ්ණ ආහාරපානාදියෙන් වැළකී සිටින්න.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි