ලග්න පලාපල

මැයි 12, 2021

මේෂ ලග්නය

 

උසස් චින්තනයකින් යුතු සතියක්

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබ චින්තනයකින් යුතුව කාලය ගත කිරීමට හැකිවේ. නව නිර්මාණ කරණයේදී කුසලතා මතුවන සතියකි. තම විවාහ සහකරු හෝ සහකාරිය අතර හොඳහිත, ආදර කරුණාව පහළ වීම තුළ එදිනෙදා කටයුතු ද සාර්ථක වන ලකුණු පෙනේ.

 

වෘෂභ ලග්නය

දුර බැහැර ගමන් බිමන්

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයත් සමඟ දුර බැහැර ගමනකට හේතුවේ. ඒ නිසාම ගෘහ ජීවිතයේ කටයුතු මඟ හැරෙනු ඇත. හිතේ කනස්සල්ල මතින් සතිය ගෙවීමට සිදුවේ.

 

මිථුන ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

මිථුන ලග්නයට අනුව ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීම වෙනදාට වඩා සුබඵල දෙන කාලයකි. විශේෂයෙන් ආර්ථික ප්‍රතිලාභයක් සමඟ ඉදිරියට යාමට වාසනාව උදාවේ. කොයිකාගේත් සහාය ඔබට ලැබෙනු ඇත.

 

කටක ලග්නය

රැකියා ස්ථානගත යහපත

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණයක්ව තිබෙන්නේ යන එන තැන පිළිගැනීම, ප්‍රසාදය ඇති වීමත් සමඟින් රැකියා ස්ථානගත යහපත සැලසේ. චන්ද්‍රයා මෙම කේන්ද්‍රයට අනුව 10, 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීම මෙම යහපතට හේතු වෙයි. දණහිසට සහ පාදයේ වළළුකරට අගුණයි.

 

සිංහ ලග්නය

ජීවිතයේ විශිෂ්ට ඵල

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථාන පසුකර යන නිසා විශිෂ්ට ඵල දෙන සතියකි. පෙර පිං මහිමය අනුව ඉඩම් ලාභ ද ආර්ථික රැකියා ප්‍රතිලාභ ද ඇත. නි‍ෙවසේ ආගමික කටයුත්තක් සිදුවන සතියකි.

 

කන්‍යා ලග්නය

හදිසි අනතුරු තත්ත්වයක්

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ආරම්භය ඔබට එතරම් සුබ නොවේ. ඒ හදිසි අනතුරු තත්ත්වයක් සමඟ ඉදිරියට යාමට සිදුවීම නිසයි. කෙසේ නමුදු සතිය මැද භාගයේ සිට සුබයි. චන්ද්‍රා මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව 08, 09, 10, 11 යන ස්ථානවල ගමන් කිරීම ඊට හේතුවයි.

 

තුලා ලග්නය

විවාහගත අභිවෘද්ධිය

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබ ඵල රැසක් උදාවේ. විවාහ ස්ථානගත අභිවෘද්ධිය, රැකියා සහ වෙළෙඳ ව්‍යාපාර ප්‍රතිලාභ ඒ අතර වෙයි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරන්නේ 07, 08, 09, 10 යන ස්ථාන හරහාය. ගනුදෙනු වලදි සුපරික්ෂාකාරී වන්න. නැතහොත් පාඩු සිදුවේ.

 

වෘශ්චික ලග්නය

ධන හානි

වෘශ්චික ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථාන පසුකර යන නිසා දැඩි ප්‍රවේශම අත්්‍යවශ්‍ය වෙයි. හදිසි ධන හානි ආදායම් පහත වැටීම් පෙන්වයි. තමා රැවටීමකට හසුවන සතියකි. අනුන් විශ්වාස කිරීම ඕනෑවට වඩා සුදුසු නැත. අනතුරු තත්ත්වයක් අතළඟ ඇතැයි යන විශ්වාසය තබාගෙන කටයුතු කිරීම සුබයි.

 

ධනු ලග්නය

ආදායම් ගලා එයි

ධනු ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථානවල ගමන් කිරීම සුබ ඵල ඇති කරන තත්ත්වයකි. දරු සම්පත් හිමිවීම හා තම පාසල් වියේ දරුවකුගේ විභාග ජයක් නිසා නි‍ෙවසේ සතුටුදායක තත්ත්වයකි. යන එන තැන පැසසුම් ගලා ඒම ආදායම් ගලාඒම ඒ අතර වෙයි.

 

මකර ලග්නය

හදිසි ආදායම්

මකර ලග්නයට අනුව ඔබ කේනද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 04, 05, 06, 07 යන ස්ථාන පසුකර යන නිසා හදිසි ආදායම් සරුවීම, වාහන ඉඩම් නිවාස ලාභ මෙන්ම තම

දූ දරුවන්ගේ කටයුතු සතුටුදායක ලෙස සාර්ථක වේ.

තම යටිබඩට අගුණ පළවේ. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න.

 

කුම්භ ලග්නය

දේපළක උරුමය

කුම්භ ලග්නයට අනුව මෙම සතියේ ආරම්භයත් සමඟ ඔබට දේපළක හිමිකම උදාවනු ඇත.

කලක් තිස්සේ ගැටලු සහගතව තිබූ තත්ත්වයකින් මිදී සිටීමට හැකිවේ.

චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීම නිසා වාසනාවන්ත සතියකි.

 

මීන ලග්නය

 

වාහන නිවාස ලාභ

මීන ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණ කීපයක් උදාවේ. ඒ අතර හදිසි ධන සම්පතක්, දේපළක් හා වාහන නිවාස ලාභ රැකියා ස්ථානගත අභිවෘද්ධිය ද සමගින් තම ඥාති සබඳතා පුළුල් වන අතර කලා අංශ නියෝජනය කරන වෘත්තීන්වල නියැලී සිටින අයට සතිය සුබවාදි වෙයි.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි