මුහුණේ ඉරියවු අනුව යෙහෙළියගේ ගතිගුණ හඳුනාගන්න

දේහ ලක්ෂණ විද්‍යාව
ජූලි 14, 2021

 

secrets of body language

 

මුහුණ හදවතේ කැඩපතයි. මෙලෙස කියන්නේ කෙනකු සතු බොහෝ ගුණාංග මුහුණෙන් පිළිබිඹු කරන නිසාය. යමෙක් හා ඇසුරක් ලබන්නට මුහුණේ ඉරියව් ඔස්සේ ද යම් ඉඟියක් ලබා ගැනීම අතිශය වැදගත්.

ඔබේ යෙහෙළිය, පෙම්වතිය හඳුනා ගැනීමට අද අපි ඇගේ මුහුණේ ඉරියව් කියවා බලමු.

මසින් පිරුණු කම්මුල් ඇති වටකුරු මුහුණක් ඇත්නම් ඇය වාසනාවන්තයි. විවිධ කාර්යයන්හි අති දක්ෂයි. කැපී පෙනෙන චරිතයකි. අන් අයගේ සිත් දිනා ගනී. ආකර්ෂණීයයි.

මෙලෙක් වූ සමක් ඇත්නම් ගුණ ගරුක චරිතවත් අයෙකි. සැප සම්පත් හිමි වේ. උසස් ප්‍රභූ තත්ත්වයක් හිමියි.

ජීවිතයේ මැද භාගයේ මහා ධනයක් ලැබේ. නළල් තලයේ සිට ත්‍රිකෝණ හැඩැති මුහුණක් නම් අතිශයින්ම සැප ලබනු ඇත.

බුදුධිමත්ය. ගුණ ගරුකය. උත්සහයෙන් දියුණු වේ. පෙම් සබඳතා ඇති වී යුග දිවියට පත් වේ.

රවුම් හෝ ත්‍රිකෝණයක් මෙන් ඇති මුහුණක් හිමි ඇයට ජීවිතයේ මුල් කොටස හිරිහැර කරදර විඳි නමුත් මැදි වියේ දී සැපවත් වේ.

වටකුරු රවුම් මුහුණක් නම් කලාත්මක අංශයට බරය. ආගමික පැත්තට ද නැඹුරුය. පරාර්ථයේ යෙදේ. ධනය ලැබේ. ජීවිතය සෞන්දර්යය අංශයට නැඹුරු වේ. වාසනාවන්ත දිවියක් ගත කරනු ඇත.

දිගැටි හැඩයේ නම් දක්ෂතා රැසක් හිමියි.

කලාවට සංගීතයට නැටුමට දක්ෂය. තරමක් රාගිකයි. සමාජයේ කැපී පෙනේ. උපක්‍රමශීලී ඇය ප්‍රශ්නවලට වහා විසඳුම් සොයයි. සුවිශේෂී මනෝභවයක් තිබේ. කිසි දිනෙක පරාජයට පත් නොවේ.

මුහුණ ඉතා සිහින් නම් සමාජශීලී බවින් අඩුය. කෝපයට පත් අයෙකි. මිල මුදල් හීන වේ. සමාජ ඇසුර වැඩියි. විවාහය නීරස බවක් ඇති කරයි. වගකීම් දැරීමට නොහැකියි.

මුහුණ දෙපස වළ ගැසී ඇත්නම් හා උපන් ලපයක් උඩු තොලේ වේ නම් ඇය කාමයට තදින්ම ආශා කරයි. විවිධ කායික සබඳතා ඇතිකර ගනී. ප්‍රශ්නවලින් තෙරපී ඇත. විවිධත්වය ප්‍රියකරන නිසා යුග දිවියේ රස පැත්ත වෙනත් පැතිකඩවලට හැරේ.

උල් සහිත මුහුණ ඇත්නම් භාග්‍යය අඩුයි. කුහක අයෙකි. ක්‍රෝධයෙන් පිරී ඇත. ජනප්‍රිය නොවේ. මිල මුදල් හිඟයි.

එල්ලෙන මුහුණක් හිමි ඇයගේ හිත තුළ වෛරය පවතී.

දැඩි ආත්මාර්ථකාමියි. රහසින් වංචා සහගත දේ සිදු කරයි. සමහර විට අනියම් සබඳතාවලට පැටලේ.

අර්ධ කවාකාර සාමාන්‍ය දිගැටි මුහුණක් ඇතිනම් කලාවට දක්ෂතා ඇත. අන්‍යයන් වශී වේ. වරක් බැලූ විට කීපවරක්ම බැලීමට හිත බැඳෙන සුලු චරිතයකි. වාසනාවන්තයි. සම්පත් පිරී ඉතිරේ. කිසි දිනෙක දුකක් නොම වේ.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල