ලග්න පලාපල

ජූලි 14, 2021

 

මේෂ ලග්නය

යහපත් දරු උපත්

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබවාදී වෙයි. වාසනාවන්ත දරු සම්පතකට හිමිකම් කියයි.

ආර්ථික ප්‍රවර්ධනය සිදුවේ. තමා බලපොරොත්තුව සිටි පරිදි ප්‍රබල ආයෝජන කටයුත්තකට අත ගැසේ. සතිය අවසාන දින දෙක තුන හදිසි අනතුරු තත්ත්වයක් නිසා තුනටියට අපල මතු කෙරේ.

 

වෘෂභ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂි සතියකි. ආර්ථික ප්‍රතිලාභ ඉහළ යයි. වාහන ඉඩම් නිවාස හිමිකම් සහිතයි. වෘත්තිය ස්ථානගත ප්‍රසාදය හා ඇගයීම් වලට ලක්වනු ඇත. තම සිතැඟි පරිදි වියපැහැදම් කිරීමට අවශ්‍ය මූලධනය උපරිම ලෙස ලැබේ.

 

මිථුන ලග්නය

දේපළ උරුමයක්

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට යහපත්ය. චන්ද්‍රයා 03 වැන්නෙන් ගමන් අරඹන මෙම සතිය තම දේපළ උරුමයකට හේතු මතු කරයි. තමාට විරෝධව සිටි අය තමාට අවනතවන තත්ත්වයකි. නීති ගැටලු ඉස්මතුවනු ඇත. සතිය අවසාන භාගයේ යටිබඩ ආශ්‍රිත අසුබ පලකෙරේ.

 

කටක ලග්නය

හදිසි ධන සම්පත්

කටක ලග්නය හිමි ඔබට මෙම සතිය ධන සම්පතක් සමඟ ඉදිරියට යාමට වාසනාව පවතී. තමා කලකසිට සැලසුම්කරගෙන සිටි කටයුත්තකට අතගැසීමට හැකිවේ. තම ඥාති හිතෛෂී කොයි කාගෙත් සහයෝගය ඇප උපකාර ලැබෙනු ඇත. අනාගතය සාර්ථක කෙරෙන කටයුතු සම්පාදනයට අවස්ථාව උදාවේ.

 

සිංහ ලග්නය

නිර්මාණ ප්‍රචලිතවේ

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබට ජීවිතයේ නොසිතූ වාසනාවක් ලැබෙනු ඇත. සිතේ සතුට අභිවෘද්ධිය මෙන්ම තමාට හිමි ඉරණම්කරු හමුවනු ඇත. විවාහක අයගේ යුගදිවි සතුට හිමිවනු ඇත. නිර්මාණකරණයේ නියැලෙන අයගේ නිර්මාණ ප්‍රචලිත වන්නට පටන් ගනී.

 

කන්‍යා ලග්නය

දුරස්ව සිටි අය ළංවේ

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට කිසියම් ව්‍යාකූල මානසිකත්වයකට මුල් දින දෙක තුන වෙන් වුවද ඉන්පසු එනම් සතියේ මැද භාගය හා අග භාගය සතුටුදායක වෙයි. තමා තුළින් දුරස්ව සිටි අය තමාට ළංවීම හා තම එදිනෙදා කටයුතුවලට අතහිත දීම සිදුවනු ඇත. ආර්ථිකය සුබවාදී වෙයි.

 

තුලා ලග්නය

සමබර දිවියක්

තුලා ලග්නයට අනුව ඔබගේ දිවියේ සමබර තත්ත්වයකි. ණය මුදලකින් නිදහස්වීම, ඉඩම් නිවාස ගැටලු නිරාකරණය වීම පෙන්වයි. ඔබට කෙනකු වෙතින් ලැබීමට තිබූ ධනසම්පතක් උරුමවීමට නියමිතයි. තම දණහිස ආශ්‍රිතව පවතින ආපදා තත්ත්වයක් වැඩිදියුණු වීමට පුළුවන.

 

වෘෂ්චික ලග්නය

රැකියා අභිවෘද්ධිය

වෘෂ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 10 වැන්නෙන් ගමන් අරඹන මෙම සතියේ රැකියා තත්ත්වය උසස් වනු ඇත. එහි ප්‍රධානින්ගෙන් ප්‍රසාදයට ඇගයීමට ලක්වනු ඇත. කෙසේ නමුදු ඔබ හදිසි රෝගී තත්ත්වයකට පත්විය හැකියි. ඒ නිසා විෂබීජ වැනිදේ වලින් ආරක්ෂාවීමට උන්නදු වන්න.

 

ධනු ලග්නය

පෙර සැලසුම් සාර්ථකවේ

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබ දිවියේ පුණ්‍යවන්තම කටයුතු කීපයක් වෙනුවෙන් වෙන්වේ.

පෙර සැලසුම්කර සිටි ව්‍යාපාර කටයුත්තක සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. එදිනෙදා කටයුතුවල කාර්යය බහුලතාවක් පැවතුණද සිතට සතුට උදාවනු ඇත.

ආර්ථික ප්‍රතිලාභ හා හදිසි දේපළ උරුමකම්ද ඇත.

 

මකර ලග්නය

ආදායම් මාර්ග විවරවේ

මකර ලග්නයට අනුව මෙම සතිය ආරම්භයේ ප්‍රවේශම් විය යුතු වන්නේ ශාරීරිකව විය හැකි හදිසි ආපදා තත්ත්වයක් පෙන්වන නිසාය.

එහෙත් සතිය මැද හා අවසානය වන විට උවදුරු දුරුව සැනසීම සතුට අභිවෘද්ධිය උදාවේ.

ඔබ සතු ආදායම් මාර්ගයක් නව ජීවය ලබන බව පෙනේ.

 

කුම්භ ලග්නය

යුගදිවි ගැටලු නිමවේ

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබ වන්නේ කලක් තිස්සේ පැවති යුගදිවි ගැටලුවක් නිරාකරණය වන නිසාය.

තවද අවිවාහක අයට මංගල යෝග උදාවේ.

ආර්ථික අභිවෘද්ධියටද හේතු මතු කෙරේ. තම දුවා දරුවන්ගේ කටයුතු වලදී දැඩි වෙහෙස මහන්සියක් දැරීමට සිදුවේ.

 

මීන ලග්නය

කණගාටුදායක ආරංචි

මීන ලග්නයට අනුව ඔබට සතිය ආරම්භය හා අවසානය ගැටලු සහිතයි. ඒ අනුව කණගාටුදායක ආරංචියක් සමඟ සතිය ඇරඹෙනු ඇතත් සතිය මැද භාගය සතුටුදායක වෙයි.

දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර තම අභිවෘද්ධිය සඳහා පැවති ව්‍යාපරයක බිඳවැටීමක්ද පෙන්වයි.

 

සුබසෙත
ජ්‍යෙෂ්ඨ කර්තෘ
අජිත් ධර්මසිරි