ජ්‍යෝතිෂය ගැටලු හා වාස්තු විද්‍යාව

ජුනි 17, 2024

 

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂි ‍ෙජ්‍යාතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ හඳහනේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යොතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

 

විදේශගත වීම සාර්ථක ද?

මා විවාහ වී විදේශගත වීමට අදහස් කරමි. එය සාර්ථක වේවිද?

පදවිපුර - පියල්

 

ඔ‍බේ හඳහනට අනුව විදේශගත වීම නොපෙන්වුවද මෙම කාලයේ පවතින ග්‍රහචාරයට අනුව කෙසේ හෝ විදේශගතවන බව සඳහන් කරමි. නමුත් මුදල් හා ධන හානි පෙන්වන බැවින් බොහෝ කල්පනාකාරීව කටයුතු කරන්න. වංචනිකයන් හා සොර සතුරන්ට හසුවන කාලයකි. විශේෂයෙන්ම කපටි කාන්තාවන්ගෙන් ප්‍රවේශම් වන්න. එවැනි අයට වන්දි ගෙවීමට ද සිදුවන බව සඳහන් කරමි. මේ වනවිටත් එවැනි දේ සිදුව ඇතැයි සිතමි. මේ දෝෂ භංගකර ගැනීම සඳහා බදාදා දිනක බෝධි පූජා පටන් ගෙන අනිවාර්යෙන් අඛණ්ඩව බෝධි පූජා තබන්න. විෂ්ණු කතරගම දෙවියන්ට භාර හාර වෙන්න. දුප්පත් දරුවන්ට පොත් පත් පිරිනමන්න.

 

කලාවෙන් ඉදිරියට

මට කලා ක්ෂේත්‍රයට පිවිසීමට අදහසක් තිබේ. එයින් ඉදිරියට යා හැකි වේවි ද?

කොළොන්නාවේ - සුජාතා

 

ඔබ උපතින්ම වාෂභ ලග්නය ලබා ලග්නාධිපති සිකුරු බලවත්ව ඇති නිසා ඉතා ලස්සන සෝබමාන කාන්තාවක් බව පෙනේ. නර්තනය, ගායනය, රංගනය ඔබට පිහිටා ඇත. දැනටමත් ඔබ එම විෂයන් පිළිබඳ තම දක්ෂතා පෙන්වන අයෙකු බව පෙනේ. කෙසේ හෝ මේ වනවිටත් නමක් දිනා ඇති බව පෙනේ. නමුත් ඔබගේ විවාහයේදී බොහෝ ගැටලුවලට මුහුණ දෙනු ඇත. තම වයස රූපය මුහුකුරා යෑමට පෙර සුදුසු විවාහයක් කරගන්නා ලෙස සඳහන් කරමි. එමෙන්ම තමාට ලැබෙන ස්වාමියා ධනවත් අයෙක් බවත්, සියලු සැප සම්පත් ලැබෙන බවත් පෙන්වයි. එහෙත් පවුල් දිවියේ විවිධ ගැටලු අඬදබර, කලකිරීම් ඇති වේ. ඒවා විඳ දරාගෙන අනෙකා ගැන සිතා උපරිම කැප කිරීමක් කිරීමට සිදු වේ. එසේ නොකළ හොත් විවාහය දෙදරා යන බව සඳහන් කරමි. සිකුරාදා දිනක බෝ්ධි පූජා තබා ශිව පාර්වතියට භාර වෙන්න.

 

විදේශගත ස්වාමියා ගෙන්වා ගැනීම

මගේ සැමියා විදේශගතව සිටියි. ඔහු මා සමඟ නැවත එක් වේද?

මොරොන්තුඩුවේ - කාන්ති

 

ඔබ දෙදෙනාගේම හඳහන් පරීක්ෂා කළෙමි. විවාහ වී වසර 5කට පෙර දෙදෙනා නීතියෙන් වෙන් නොවුණ ද වෙන් වී ඇති බව සටහන් කළ හැකියි. නැවත ඔහු ඔබ සමඟ එක් වහලක් යට සිටීම ගැන සඳහන් කළ නොහැකිය. එයට හේතුව දෙදෙනාගේ නොගැළපීම් බවත් ඒ සමඟම රාහුගේ මහ දශාව දෙදෙනාටම එකටම ලැබීමත් නිසා අනිවාර්යෙන්ම වෙන්වන බව කිව හැකියි. තව වසර 10ක් එම දශාව දෙදෙනාම ගෙවයි. මේ වනවිටත් ඔහු ඔහුගේ ලෝකයකත්, ඔබ ඔබගේ ලෝකයකත් අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව පෙන්නුම් කරයි. දෙදෙනාම මෙලෙස වෙන්ව සිටින නිසා දෙදෙනාගේ ජීවිත රැකී තිබේ. දැනට ඇති දෝෂ භංග කිරීම සඳහා බෝධි පූජා 21ක් තබන්න. ඉරිදා දිනක උදේ 7.45ට පමණ වැටකෙයියා ගසක් නිවෙසට බටහිරින් සිටුවා සාත්තු කරන්න.

 

රැකියාව පිළිබඳ ගැටලුවක්

දැනට මාගේ අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියාවක් ලැබේ ද?

කොට්ටාවේ - මලිත්

 

ඔබගේ හඳහනට අනුව ගණිතමය අංශයෙන් උසස් අධ්‍යපනය ලබා ඇති බව පෙනේ. වයස අනුව තවත් අධ්‍යාපනය ලැබීම වැදගත් බව සඳහන් කරමි. ඉංජිනේරු විෂයය පිහිටයි. අනාගතය ගැන බිය නොවන්න. ඔබට රැකියාවක් හිමිවන බව ස්ථිරවම කිව හැකිය. නමුත් අධ්‍යාපන කටයුතු නිසි අයුරින් ඉටුකර ගන්නා ලෙස නැවත මතක් කරමි. දැනට පවතින බාධාවන් ඉවත් වීම සඳහා සෙනසුරාදා දිනවල බෝධි පූජා 7ක් තබන්න. බෝධි පූජාව අවසානයේ අලුත් පහන් තැටියකට ගිතෙල් දමා දල්වා තම ප්‍රාර්ථනා ඉටුවන ලෙස ප්‍රාර්ථනා කරන්න. විෂ්ණු, කතරගම දෙවියන්ට භාර වෙන්න.

 

රැකියාවේ උසස් වීම්

දැනට කරන රැකියාවේ උසස් වීමක් අපේක්ෂා කරමි. එය ලැබේ ද?

හොරණ - ලාලනී

 

ඔබගේ හඳහනට අනුව රැකියාවේ ඉහළට යෑමේ සුදුසුකම් ඇති බව පෙනේ. නමුත් ඔබගේ චර්යා රටාව අනුව චරිතයට තිබෙන නොගැළපීම් නිසා ලැබෙන උසස්වීම් නොලැබී තිබේ. ආයතනයේ ප්‍රධානීන් සමඟ, පහළ මට්ටමේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අවවාද කරමි. කිසිවෙක් තව අයෙකු සමඟ විවේචනය කිරීමෙන් වළකින ලෙස අවවාද කරමි. තම කටින් පිටවන වචන දෙවරක් සිතා සිහි බුද්ධියෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරමි. අඟහරුවාදා දිනක බෝධි පූජා පටන්ගෙන දින 7,14,21 අඛණ්ඩව පවත්වා කතරගම දෙවියන්ට භාර වීම වතාවත් ලෙස කළ හැකි වේ.

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ