ජ්‍යොතිෂය ගැටලු

ජූලි 30, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපන් කේන්දරයේ දෝෂ

 

මාගේ ස්වාමියා අකල් මරණයට ගොදුරු විය. මෙයට හේතුව මගේ උපන් කේන්ද්‍ර ග්‍රහ දෝෂද?

 

පෝද්දල - වසන්තා

 

සිදු වූ සිදුවීමක් ගැන නැවත නැවත ළතැවීම නොවටිනා දෙයකි. එයට අතීතය සමඟම වළලා දමන ලෙස පළමුව සටහන් කරමි. නමුත් මෙය ඔබගේ කේන්දර පමණක් බලා කිව නොහැකිවුවත් ඔහුගේ කර්ම ශක්තිය ඔහු මියගොස් ඇතිබව පළමුව සටහන් කරමි. නමුත් කුජ පළමු කොටුවේම ශනි සමඟ සිටීම විවාහය දෙදරා යෑම හා ස්වාමියා අහිමිවීම පෙන්වන ප්‍රබල දෝෂයකි. දෙවැනි කොටුවෙන් සහ දොළොස්වැනි කොටුවේද පාප ග්‍රහයන් පිහිටා ඇති නිසා මෙය අනිවාර්යයෙන් සිදුව ඇත. නමුත් ඔහු ජීවිත්ව සිටින කාලයේ දෙදෙනාම ආදරණීය යහපත් ජීවිතයක් ගෙවා ඇති බව සඳහන් කළ හැකියි. පෙර පතාගෙන ආ සංසාරික බැඳීමක් සිදු වී අැති බව ද සඳහන් කරමි. නැවත කිසි දිනෙකත් මෙම පැරැණි අතීතය ගොඩ නොදමා සිත හදාගෙන අනාගතයට මුහුණ දෙන ලෙස ද තම මියගිය ස්වාමියා වෙනුවෙන් පින් දහම් කර සසර වසනා තුරා මෙවන් අකල් මරණයක් සිදු නොවන ලෙස ප්‍රාර්ථනා කරන්න.

 

කොච්චර කෑවත් කෙට්ටුයි

මා කොතෙක් කෑවත්, බීවුවත්

ශරීරය ඉතා කෙසඟය.

මෙයට හේතුව ග්‍රහ දෝෂයක්ද?

 

අනුරාධපුර - දීපානි

 

අනිවාර්යයෙන්ම කේතු ග්‍රහයාගෙන් බලපාන දෝෂයක් වෙයි. එය උපතින්ම කේතුගේ පිහිටීම අනුව සිදුවන්නකි. නිතර අධික කුසගින්න දැනීම සහ අධික ආහාර ගැනීම ද ඔබට පවතින තවත් දෝෂයකි. කපුටන්ට මෙන් නිතර බඩගිනි වෙයි. අධික ආහාර ගැනීම නිසාත් කෙසඟ සිරුරක් ඇති නිසාත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතිවීමේ ප්‍රමුඛතාව පවතී. ඒ නිසා නිතර මේ රෝග පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරගන්න. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ඇති බැවින් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. සෙනසුරාදා දිනවල හැකිතාක් බෝධිපූජා පවත්වන්න. බලු කපුටු දාන දෙන්න. මහලු පුද්ගලයන්ට දානය පිරිනමන්න.

 

පවුලේ අසමගිය

 

ෙමතෙක් කලක් මා හා ස්වාමියා, දරු දෙදෙනා හොඳින් කල්ගත කළෙමු. දැනට වසරකට පෙර සිට පවුල තුළ ගැටලු හා අසමඟිය අැති වී තිබේ. එයට හේතුව කුමක්ද?

මහනුවර - බියංකා

සියලු දෙනාගේ හඳහන් හොඳින් පරීක්ෂා කළෙමි. ඔබට සහ ස්වාමියාට යන දෙදෙනාටම රාහුගේ මහ දශාව එකට ගෙවෙමින් පවතී. මෙයට දශා සන්ධි දෝෂය ලෙස කියයි. එසේම වැඩිහිටි දරුවා සෙනසුරු මහ දශාවද දෙවැනි දරුවා රාහු මහා දශාව ද තුන්වැනි දරුවා කේතු මහා දශාව ද ගෙවයි. මෙය පාපග්‍රාහී සියලු දෙනාගේ සංයෝගයකි. ඉතාම නරක කාලයකි. හැකි ඉක්මනින් උගත් ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂාකර එයට නිසි පිළියම් යොදන ලෙස දන්වමි.

 

උසස්වීම් ප්‍රමාදයි

 

මා කාන්තා පොලිස් සේවයේ යෙදෙන තැනැත්තියකි. උසස්වීම් ලැබීමට තිබුණද එය නොලැබීමට හේතුව හා එයට පිළියම් මොනවාද?

 

තලාව - ජේ. තිසේරා

 

එයට හේතුව උපතින්ම ගෙනදෙන ග්‍රහ බලපෑම් බව සටහන් කරමි. වසර 10ක සිට සෙනසුරු මහාදශාව ගෙවාගෙන යයි. තව වසර 9ක් එයට ගෙවීමට තිබේ. සෙනසුරු ග්‍රහයා ඔබට නරක බැවින් ගෙදරද රැකියාවේ ද ගැටලු ඇති කරයි. සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන් ගෙන දින 7,14, 21ක් අඛණ්ඩව එම බෝධි පූජා පවත්වන්න. විෂ්ණු කතරගම දෙවියන්ට බාර වෙන්න. අඟහරුවාදා දිනෙක කතරගම කිරි වෙහෙරට කිරි පිඬු ආහාර පූජාවක් තබා, ගණපති කෝවිලට කඩල පූජාවක් තබා කතරගම දේවාලයට පැණි බතක් පූජාකර ඒවා දානයක් ලෙස බැතිමතුන්ට බෙදා දෙන්න. දේවාලය අසළ ඇති කඩවර බෝධිය අසළට ගොස් අලුත් පහන් තැටියකට මී තෙල් දමා එයට මී ඉටි කැබැල්ලක් දමා පහන හඳුන්කූරු සමඟ දල්වන්න. කතරගම දෙවියන්ට පින් දී තම ප්‍රාර්ථනාව හදවතින්ම කරන්න. අවසන එය පහන් දල්්වන තැනින් තබන්න.

 

 

මත්ද්‍රව්‍ය නිසා ගැටලු

 

මාගේ ස්වාමියා ඉතා හොඳ කෙනෙකි. මෑතක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී විනාශ මුඛයට යයි. මෙයට පිළියමක් සොයමි.

 

කොළොන්නාවේ - සුනීතා

 

2020 ජනවාරි 20 සිට රාහුගේ මහ දශාව මොහුට ලබා ඇත. එතැන් සිට ඔබ කියන දෙය සිදු වී ඇති බව සටහන් කළ හැකි වේ. වසර 18ක් මෙලෙස රාහු මහ දශාව ගත කරයි. නපුරු ග්‍රහයකු ලෙස දුෂ්ට ස්ථානයක උපතින්ම මෙම ග්‍රහයා පිහිටා ඇත. හේතුව දරුණු වී ඇත්තේ ඒ නිසාය. එපමණක් ද නොව ඔහුගේ මෙම ග්‍රහ චාරය අනුව අධික කාන්තා ඇසුරට ලොල්වන බවද සඳහන් කරමි. ඔබ එය තේරුම් ගෙන එම අවශ්‍යතාවයන් සඳහා ඔහු පිටතට නොයන ලෙස කටයුතු කිරීම ඔබගේ දක්ෂතාවය බවට පත්කර ගන්න. එමෙන්ම නිතරම ඔහුට වදයක් නොවී දරුවෙකුට මවක් මෙන් කරුණාවෙන් කරුණු පැහැදිලිකර දෙන්න. හැකි ඉක්මනින් අඟහරුවාදා දිනක බෝධි පූජා පටන් ගෙන අනිවාර්යයෙන්ම දින 21ක් බෝධි පූජා පවත්වන්න. ‍ෙමයට පහන් තෙල් 108ක් තල තෙල් දමා දල්වන්න. රතු, නිල්, කහ මල් පූජා කරන්න. ඉරිදා දිනක උදේ 7.45 හෝ 8.00 අතර වැටකෙයියා ශාකයක් ඔහු අතින්ම නිවෙසට බටහිර දෙසින් සිටුවන්න. වැටකෙයියා මල් ද පූජා කරන්න. පලුදු නොවු රතු ගලක් ඇල්ලූ නාග රූපයෙන් සෑදූ රිදී මුද්දක් පලඳවන්න.

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ