පවුලේ සමගිය වඩවන බලගතු සිද්ධි සංජීවනී යන්තරය

ජූලි 30, 2024

 

ලංකාවේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාර සියල්ල එක්වරම කඩාවැටීම සිදුවිය. ඔහු නොසිතන ලෙසින් අසරණ වූවේය. සංචාරක ව්‍යාපාරයේ ඉහළින්ම බැබළුණු ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙකු ද විය. ඔහුගේ සියලු ආදායම් ඇහිරී යමින් කළ හැකි කිසිවක් නොවුණු අවස්ථාවේ ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍රවල පිහිට පතා තිබේ. එයින් ද හෙම්බත් වූ ඔහු අපේක්ෂාභංගව ඉතාමත් දුප්පත්ව සිටින කාලයේ අපට හමු විය. පළමුව ඔහුගේ සහ පවුලේ හඳහන් පරීක්ෂාවෙන් පසු සියලු දෙනාටම ඒ වන විට ගෙවී යන්නේ ඉතාම නරක ග්‍රහ දෝෂ ඇති මහ දශාවක් බව වටහා ගැනීමට හැකිවිය.

 

ඉන්පසුව ඔහුගේ පදිංචි නිෙවසේ සිට සියලු ව්‍යාපාරික ස්ථාන, වතුපිටි සියුම්ව පරීක්ෂාවට භාජනය කරන ලදී. එසේ සොයාගෙන යන විට අවසාන වරට 2016 වසරේ ඔහු විසින් මිලදී ගත් සංචාරක හෝටලය බව හොඳින්ම අනාවරණයකර ගැනීමට හැකි විය. එම හෝටලයේ පිහිටියේ රුහුණුපුර කිරින්ද මුහුදු තීරයට ආසන්න ගල්තලාවක ඉතාම සුන්දර ස්ථානයකය. නමුත් අප එහි යන විටත් එය අතහැර දමා පාළුවට ගොස් තිබුණි. එයට හේතුව නම් එම භූමිය සිතුල්පව්ව මූලික කරගෙන මහරහතුන් වැඩ සිට අපවත් වූ බැමිණිතියා සාය නමැති මහා සාගතයකින් රට පෙළුණු යුගයේ එම ස්ථානයේ ද රහතුන් වහන්සේලා වැඩ සිට අපවත් වූ භූමියක් ලෙස සනාථ විය. එසේම එහි වටිනා නිධන්ද තැන්පත්ව ඇති බව තොරතුරුවලින් අනාවරණය විය.

මොහුගේ නරක කාලයට මෙම දේපොළ මිලදී ගෙන ඇති බවට වටහාගැනීමට හැකි විය. මෙයට ලබාදිය යුතු විසඳුම නම් ප්‍රබල යන්ත්‍රයක් සාදා පැලඳවීමත් මෙම භූමියේ දෝෂවලින් ආරක්ෂාවීමට මෙම භූමිය ආරක්ෂා කිරීම කළ යුතු බව අවබෝධ විය. එම ස්ථානය ශුද්ධ පවිත්‍රකර ගොඩනැඟිලිවල තීන්ත ආලේපකර වාස්තු විද්‍යානුකූලව අඩුපාඩු ද සකසා අද අප ඔබට තිළිණ කරන සිද්ධි සංජීවනී යන්ත්‍රය පැලඳවීම කළේය. අදාළ දෘෂ්ටි මන්ත්‍ර ප්‍රාණ පිලිප්පු කූඨ මන්ත්‍රවලින් නියමිත වාර ප්‍රමාණය මතුරා ප්‍රධාන ගෘහ මූලිකයාට එය පලඳවා එම ස්ථානයේද හතරකොන සහ අටකොන ලෙස දිසානුගත කළේය.

 

එයට පෙර නවග්‍රහ පූජා තබා දෙහි පුහුල් හොඬල කරුංකා කපා සියලු දෝෂයන් භංග කළේය. එදින උදෑසනම අපට පැමිණි සිතිවිල්ලක් අනුව එම භූමිය භාවනා මධ්‍යස්ථානයක් බවට පත්කරන ලදී. මේ වනවිට එම ස්ථානයේ දේශීය හා විදේශකයින්ගේ සිත් නිවන ඉතා සුන්දර භූමියක් බවට පරිවර්තනය වී තිබේ. සැමදාම එම ස්ථානයට කණ්ඩායම් වශයෙන් නොඅඩුව සේවය ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙයි. එයින් හොඳ ආදායමක් ද ලබයි. එමෙන්ම ඔහුගේ අනෙකුත් ව්‍යාපාර සියල්ලද වතුපිටිවල ආදායමද පෙර තිබුණාටත් වඩා හොඳ ආදායම් මාර්ග බවට පත්වී ඇත.

මෙවර හඳුන්වා දෙන සිද්ධි සංජීවනී යන්ත්‍රය යනු පාළු වී කඩා වැටුණු කිසිදා ගොඩ ගැනීමට නොහැකි යැයි සිතන ව්‍යාපාර දියුණුවට මෙන්ම හොඳ රැකී රක්ෂා කළද දියුණුවක් නොමැතිව පවු‍ලේ ගැටලු ඇති සාමාජිකයින්ට ද ඒවා විසඳා ගැනීම සඳහා වටිනා යන්ත්‍ර රත්නයක් බව අපගේ අත්දැකීමයි.