ජ්‍යොතිෂ ගැටලු

සැප්තැම්බර් 30, 2024

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

ව්‍යාපාරය අඩාළයි

 

මා මාළු වෙළඳාම හොඳින් කළෙමි. එය අසාර්ථක වූ පසු විදේශතවීමට උත්සාහ කළේය. එය ද සාර්ථක නොවීය.

 

මාතර - ජයන්ති කුමාරි

 

ඔබගේ හඳහනට අනුව කිසිම රැකියාවක් සාර්ථක නොවනු ඇත. විදේශගත වීමට ද නොහැකි වෙයි. වෙළෙඳාම කළ ස්ථානය මඳක් නවීකරණය කර 2024 ඔක්තෝම්බර්07 වැනි දින පෙ.ව. 10.08ට කිරි උතුරුවා නැඟෙනහිර දිසාව බලා 11.10 ගනු දෙනු කර ව්‍යාපාර ආරම්භ කරන්න. මෙයට පෙර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා සියලු අපළ දුරුවීමට භාර හාර වන්න.

 

හිතට සහනයක්

 

මා කුඩා කල සිටම ජීවිතය වරදවා ගත් අයෙකි. දෑනට ද අසීමිත රාගික ගින්නකින් පෙළෙමි. මෙය මට විශාල හිසරදයකි. මෙයට විසඳුමක් නොමැති ද?

 

කැකිරාවේ - නිලන්ති

 

ඔබගේ උපන් හඳහනේ 7 වැනි කොටුව රවිට අයිතිය. එම කොටුවේම රවි, කුජ, චන්ද්‍ර, කුජ ග්‍රහයන් සංයෝගයෙන් සිටීම නිසාත් මෙම අධි රාගික බව ඔබට පිහිටා ඇත. මේ වනවිට රාහුගේ මහ දශාව ද නොවන අතර එම තත්ත්වය තිව්‍ර කර ඇත. දැනට තිබෙන මානසික තත්ත්වය අනුව තැන නොතැන නොබලා ලිංග භේදය ද නොසලකා ඕනෑම අයෙකු සමඟ තම ආසාවක් ඉෂ්ට කර ගැනීමට පෙළෙඹේ. මේ වන විටත් විශාල ගැටලු රාශියකට ඔබ මුහුණ පා ඇති බව පෙනේ. වයසින් අඩු අය සමඟ මෙවැනි දෙයට එළඹීම තුළින් බාල අපරාධ යටතේ දඬුවම් විඳීමට සිදු වී අැතැයි අනුමාන කළ හැකි වේ. මේ වන විටත් එසේ සිදුව ඇති බව මා සිතමි. විදේශගතවීම , උපන් ගෙයින් පිටවීම යහත් වේ.

 

දේපොළ පිළිබඳ ගැටලුවක්

 

මා පාරම්පරික ව්‍යාපාරික කාන්තාවක් වෙමි. දරුවන් 4 දෙනෙකු උස් මහත් කර හොඳ පුරවැසියන් කර ඇත. නමුත් ඔවුන් කිසිවෙකු මා හට නොසලකා හැර දේපොළ බෙදා දෙන ලෙස බල කරයි.

 

එසේ කළහොත් මා හට කුමක් සිදු වේද?

 

බඩල්ගම - චන්ද්‍රලතා

 

තමා හිසට තම අතට සෙවනැල්ල ලෙස මුලින්ම ප්‍රකාශ කරමි. හඳහනට අනුව නොවුණත් ඔබ දරුවන්ට දේපොළ ලියා පැවරූහොත් මහ මඟට වැටෙන බව සිහියේ තබාගන්න. නමුත් හඳහනට අනුව ඔබ සිටුවරියක් බව කිව හැකියි. එසේම යහපත් මරණයක් ද ඔබට හිමි වෙයි. කිසිවිටෙකත් කිසිවෙකුට පැවරීමට කලබල නොවන්න. තමාගේ අවසානයෙන් පසු නිසි ලෙස බෙදී යන අයුරින් අන්තිම කැමැති පත්‍රයකින් එය ලියා පවරා තබන්න. ඔවුන් ගැන නොසිතා ඔබගේ ඉදිරි ගමන ද ගමන් කරන්න. ඔබට සේවක සේවිකාවන් ගෙන් උදව් ලබාගත හැකි අයෙකි. කිසිවිටකත් සරුංගලයේ නූල අත නොහරින්න ලෙස නැවත මතක් කරමි. පින් දහම් කරන්න.

 

තදබල හිසේ රුදාවක්

 

මා හට දේවරමක් ඇති බව පවසයි. දිනපතා තදබල හිසේ රුදාවක් පවතී. ජීවිතය හානි කර ගන්නට පවා සිතේ. මෙයට පිළියමක් පවසන්න.

 

හිඟුල - රාණිලතා

 

ආයුර්වේද දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ඔබට ඉරුවාරදය නොහොත් ම්ග්රේන් නමැති රෝගය පවතින බව පළපුරුද්දෙන් පැවැසිය හැකියි. කටක ලග්නයෙන් උපන් ඔබ රාහුගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම එම ජීවිත රෝගය ද පවතින බව පවසමි. එවැනි රෝග සඳහා ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය හැදෑරූ පළපුරුදු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්න. මෙවැනිම මානසික රෝගීන් පවත්වාගෙන යන දේවාලවලට ගොස් කරදරයේ නොවැටෙන්න. අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන රෝග නිට්ටාවටම සුවකර ගන්න. ජ්‍යොතිෂයට අනුව සඳුදා දිනක බෝධි පූජා පටන් ගෙන දින 7ක් එම බෝධි පූජා පවත්වා දෙහි කපාගෙන එයට අදාළ නව නූල් පොටක් පලඳවා ගන්න.

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය චන්දන සතරසිංහ