වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
ජ්‍යොතිෂ ගැටලු
දුවගේ විවාහය ප්‍රමාදයි
මාගේ දියණියගේ විවාහය දවසින් දවස ප්‍රමාද වෙයි. එයට හේතුව කුමක්ද?
ජා - ඇළ - ලලිතා
ඇයගේ කේන්ද්‍රයට අනුව විවාහය යෝජිත එකක්ම වෙයි. විවාහය මෙන්ම දරුඵල ද ප්‍රමාද වෙයි. 2025 අප්‍රේල් මස දෙක දිනෙන් පසු මෙම දෝෂ මග හැරෙයි. එම කාලයේදී විවාහ යෝජනා ගෙන ඒම සුදුසුයි. එයට පෙර දින 21ක් බෝධි පූජා තබන්න. සිකුරාදා දිනෙක බෝධි පූජා පටන් ගන්න මහනුවර දළදා මාළිගාවට ගොස් නෙළුම් මල්, පිච්ච මල් දළදාවට පූජා කර, නාථ දේවාලය අසල ඇති වැල් බෝධිය නොහොත් ප්‍රාර්ථනා බෝධියට බෝධි පූජාවක් තබන්න. ශිව පාර්වතියට, නාථ දෙවියන්ට බාර වෙන්න. හොඳ විවාහයක් දූ දරුවන් ලබනට ප්‍රාර්ථනා කරන්න. අනිවාර්යෙන් ඇයගේ බලාපොරොත්තු ඉටු වෙයි.
දියණියගේ පෙම්වතා මඟ හරියි
මගේ දියණිය ආදර සබඳතාවක් මත වසර තුනක කාලයක් පෙම්වතෙක් ඇසුරු කරයි. ඔවුන්ගේ මව්පියන් ද එයට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. නමුත් ළඟකදී සිට පොරොන්දම් නොගැළපෙන බව කියා මගහරින්නට උත්සාහ කරයි. මෙය සත්‍යයක්ද?
හුංගමුවේ - ශ්‍රියාලතා
පළමුව සඳහන් කළ යුත්තේ මෙපමණ කාලයක් වැඩිහිටි ආශීර්වාදයෙන් පවත්වාගෙන ආ මේ සබඳතාවය දැන් මෙසේ හඳහන් බලා තීරණය කිරීම සදාචාර නොවනු ඇත. නමුත් සත්‍ය වශයෙන් මේ දරුවාගේ පළමු ස්වාමියා මිය යන බව හඳහනේ ග්‍රහයෝගවල පෙන්වයි. නමුත් පිරිමි දරුවාගේ හඳහන ද නැති නිසා මෙය මා හට නිසැකවම කිව නොහැකි වෙයි.
මේ ආකාරයට ගැළපෙන හඳහන් හමුවුවහොත් මෙය මඟ හැරෙයි. එම නිසා දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු හමුවී පොරොන්දම් පරීක්ෂා කර ගන්න. මෙවැනි දෙයකට කළ හැකි පිළියම් වෙයි. ඒ ගැනද ඔහුගෙන් අසා දැනගන්න.
නරක කාලයට පිළියමක්
මා විශ්‍රාමලත් ගුරුවරියකි. ස්වාමියා මා හැර ගොස් ඇති අතර විවාහක දරු දෙදෙනෙකුද සිටී. ඉතාම නරක
තත්ත්වයක කාලය ගත කරමි. මෙයට හේතු දක්වන්න.
දික්වැල්ලේ - ශ්‍යාමි ගුණතිලක
උපන් කේන්ද්‍රයට අනුව හොඳ චරිතවත් අයෙකි. නමුත් ඔබට හමුවන ස්වාමියා ඉහළ තනතුරු දරන ලද පහත් ගති ඇති සල්ලාල අයෙකු බව පෙනේ. විවාහ ජීවිතයේ කෙටි කලකින් දරු දෙදෙනකු සමඟ තනිවීමට සිදුවී ඇත්තේ ඒ නිසයි. දරුවන්ගෙන්ද කරදර මිස සහනයක් නොලැබෙන බව කනගාටුවෙන් වුවත් සඳහන් කරමි. ඔවුන්ගේ කටයුතු ද ඔවුන්ට කරගෙන යෑමට ඉඩදී පින් දහම් කරගෙන දිවි ගත කරන ලෙස උපදෙස් දෙමි.
පෙම්වතා හැර ගොසින්
පළමු විවාහයෙන් දික්කසාදව සිටිමි. දරුවන් නොමැත. දෙවැනි වර ඉතාම හොඳ අයෙක් ඇසුරු කළෙමි. අපි හොඳ යහළුවන් ප්‍රේමවන්තයින් ලෙස වසර හයක් පමණ කල් ගත කළෙමු. නමුත් ඔහුද මාගෙන් වෙන් විය. මෙයට හේතුව කුමක්ද?
කෝට්ටේ - එස්. පෙරේරා
ඔබගේ හඳහනට අනුව ඔබට හොඳ ආර්ථික තත්ත්වයක්, රැකියාවක්, අධ්‍යාපනයක් යාන වාහන දේපොළ සියල්ල හිමි වාසනාවන්තියකි. නමුත් ජීවිතයේ ළමා වියේදීම ඔබගේ පියා අහිමි වී ඇත. වැඩිහිටි වියේදී මවගෙන් ද වෙන් වී ඇත. පණ මෙන් සිටි සහෝදරයාත් මියගොස් හෝ සිටියත් ඔබට ඵලක් නොමැතිව ජීවත් වෙයි. කම්පා නොවන්න. ඔබට උරුම එම හුදෙකලා ජීවිතයයි. හොඳ අාධ්‍යාත්මික ශක්තියක් ඔබට ඇත. එය වර්ධනය කර රටට ජනතාවට සේවය කරන ලෙස සඳහන් කරමි. ඔබගේ මානසික සුවය සඳහා හැකි සෑම විටම බෝ මළුවක් ළඟ හිත එකලස් කර භාවනාවක යෙදෙන්න. එය ඔබට හොඳ ශාන්ති කර්මයක් වේ.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ
අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ෙජ්යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.