වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අප්‍රේල් 28 සිට මැයි 04 දක්වා

කුම්භ ලග්න හිමියන්ට ධන හානි ඇති වේ.
කන්‍යා ලග්න හිමියන්ට විදේශගතවීමට වරම් හිමි වේ.
මේෂ
රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවලින් නොසිතූ ලාභ අත්වේ. ගෙදර දොර කාර්යබහුල වේ. අධ්‍යාපනය තරමක් මන්දගාමී ස්වරූපයක් ගනියි. බෙල්ලෙන් උඩ රෝග, පීඩා ඇති කරයි.
වෘෂභ
විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සාර්ථක ප්‍රතිඵල ලැබේ. වෙෙළඳ ව්‍යාපාරවලින් ලාභ හිමිවේ. ගමන් බිමන් නිතර ඇති කරයි. හෘදය ආශ්‍රිත රෝග පීඩා ඇතිවේ.
මිථුන
රැකියාවල උසස්වීම් ද අලුත් රැකියා අපේක්ෂිත අයට රැකියා ලාභ ද හිමි වේ. නීතිමය ප්‍රශ්න එන කාලයකි. නිකරුණේ මුදල් නාස්ති වේ. ලේ ධාතුව ආශ්‍රිත රෝග පීඩා ඇති කරයි.
කටක
නව ව්‍යාපාරයක් අලුතින් අරඹයි. රැකියාවේ ස්ථාන මාරුවක් හෝ කරන රැකියාවේ වෙනසක් සිදුවේ. දේපළ සම්බන්ධ ප්‍රශ්න හට ගනියි. හදිසි අනතුරක් සිදුවීමට ඉඩ ඇත.
සිංහ
රැස්කළ ධනය නිකරුණේ නාස්තිවන කාලයක් වේ. හදිසි ගමන් බිමන් යෙදේ. අඹු සැමියන් අතර මතභේද ඇතිවේ. සෙම් රෝග සෑදීමට ඉඩ ඇත.
කන්‍යා
උසස් අධ්‍යාපනයට සුබ යෝග යෙදේ. විදේශගතවීමට වරම් හිමි වේ. සිතේ සතුට ඇතිවන පරිදි ගෘහ ජීවිතය ගෙවීමට හැකිවේ. හන්දිපත් වේදනා මතුවන කාලයකි.
තුලා
දරුපල අපේක්ෂිත අයට දරුපලයක් ලැබීමේ වාසනාව හිමිවන කාලයකි. හදිසි ධන ලාභ ඇතිවේ. පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමය වැය කරයි. උෂ්ණ අධික රෝග පීඩා ඇති කරයි.
වෘශ්චික
දේපළක්, ඉඩමක් විකිණීමට හෝ මිලදී ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. රැකියා මාරුවක් හෝ උසස් වීමක් ද ලැබෙන කාලයකි. තුනටියෙන් පහළ රෝග ලක්ෂණ මතුකරයි.
ධනු
උත්සව, ප්‍රිය සම්භාෂණවලට ආරාධනා ලැබෙන කාලයකි. නිතර ගමන් බිමන් ඇති කරයි. මවු පාර්ශ්වයෙන් වාසි ගෙන දේ. අධ්‍යාපනයේ තරග විභාගවලින් ජය අත්වේ. උණ, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ මතුවේ.
මකර
දුර ගමන් බිමන් යෙදේ. අතමිට සරුවන කාලයකි. නව ව්‍යාපාර ආරම්භයට සුබයි. ස්නායු රෝග මතුවන කාලයකි.
කුම්භ
ධන හානි ඇති වේ. යහළුවන් සමඟ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. රාත්‍රී ගමන් බිමන්වලින් වැළකී සිටිය යුතු කාලයකි. රැකියාවේ අවුල්සහගත තත්ත්ව මතු කරයි. බෙල්ලෙන් ඉහළ රෝග ලක්ෂණ මතු කරයි.
මීන
තම රැකියා ව්‍යාපාර නව තත්ත්වයකින් යුතුව ආරම්භ කරන කාලයකි. මානසික නිදහස අඩුවේ. පීඩාකාරී, වෙහෙසකාරී කාලසීමාවක් වේ. ශාරීරික අපහසුතා මතුවිය හැකියි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ