රෝස පැහැය භාවිතයෙන් මුහුණට සුන්දර පෙනුමක්

ජූලි 3, 2019

තරුණියක් මනාලියක වන්නට සිහින මවන්නේ හය හතර නොදන්නා කුඩා අවධියේ සිටයි. විසිතුරු ඇඳුමින් සැරසුණු මනාලියක ලෙස හැඩ වෙන්නට ඇය තුළ ඇති කැමැත්ත නිසාම මනාලියක් වන්නට සිතන ඇය තරුණ වියට පා නගන්නේ මේ සිහිනයට තවත් දෑ එකතුකර ගනිමිනි.

ඇතැම් තරුණියන් නවීන විලාසිතා අනුව මනාලියක ලෙස සැරසීමට සිහින මවන අතර තවත් අය සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී මනාලියක ලෙස සැරසීමට වැඩි කැමැත්තක් දක්වති. ඒ අනුව සාම්ප්‍රදායික, එහෙත් වර්තමානයට ගැළපෙන ලෙස උඩරට මනාලියක සරසන ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන අතර මනාලියක් වීමට සිටින ඔබට මෙයින් යම් අදහසක් ලබා ගත හැකියි.

මේ සාම්ප්‍රදායික උඩරට මනාලියක වුවද එම සම්ප්‍රදාය රැක ගනිමින් සුළු වෙනස්කම් සිදුකර හැඩගන්වා ඇති මනාලියකි. ඇයගේ මේක්අප් එක දමා ඇත්තේ පරිසරයේ පවතින දැඩි උණුසුමට සරිලන පරිද්දෙනි. බොහෝ විට මනාලියන්ගේ මේක්අප් එක පැය 3-4කින් නැතිව යන බව දකින්නට ලැබෙන්නක්. ඒ නිසා නිවැරැදිව මනාලියක් මේකප් කරන ආකාරය අපි ඔබට ඉදිරිපත් කරනවා. මෙම මනාලියගේ මේක්අප් එක පැය 8කට වැඩි කාලයක් තබා ගැනීමට හැකියාව ඇත.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

ප්‍රේමසිරි හේවාවසම්

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

2019/07/03 තරුණි බලන්න