වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔහු / ඇය හොඳම මිතුරා වුණොත් ආදරය සුන්දරයි සැමදා
බැරැක් ඔබාමා තවදුරටත් අමෙරිකාවේ අංක එකේ පුරවැසියා නොවෙයි. මිෂෙල් රටේ පළමු කාන්තාව ද නොවෙයි. එහෙත් ජනපතිවරයා සහ පළමු කාන්තාව වශයෙන් පමණක් නොව ලොව වඩාත්ම ජනප්‍රිය අඹු සැමි යුවළක් ලෙස ඔවුන් පිළිබඳ ඇති යුග දිවියේ සොඳුරු මතකයන් බොහෝය.
දෙදෙනා විසිපස් වැනි විවාහ දිවිය සැමරූ දින ඉන්ස්ටග්රම් සමාජ ජාල වෙබ් අඩවියේ මිෂෙල් විසින් අපූරු සටහනක් තබා තිබිණි.
“බැරැක් ඔබ තවමත් මගේ හොඳම මිතුරායි”. යුග දිවියේ හොඳම සබඳතාවේදී දෙදෙනා ආදරවන්තයන් වනවා සේම හොඳම මිතුරන් ද වෙයි.
මිතුරා යනු දුකේදීත් සැපේදීත් නොවෙනස් සිය සගයාගේ අඩුපාඩු දැනගෙන ඔහු / ඇය අතහැර නොයන පුද්ගලයාය. යුග දිවියට කලණ මිතුමක් අවශ්‍ය ද මේ ගුණාංග යහපත් පවුල් ජීවිතයකට අවශ්‍ය නිසාය. සැමියා සහ බිරිය අතර ගොඩ නැඟෙන්නේ සාමාන්‍ය මිතුදමක් නොවෙයි. සුපිරි මිතුදමකි.
පවුල් දිවියේ සෙනෙහසට සුපිරි මිත්‍රත්වයක් එක්වීම අතිකාල දීමනාවක් බඳුු බව මනෝ වෛද්‍ය විශේෂඥයන් සහ යුග දිවිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තේ අය ප්‍රකාශ කරති. විරුද්ධ ලිංගික ආකර්ෂණය සියලු සීමා මායිම් බිඳ දැමුව ද මේ අසීමාන්ත ආකර්ෂණය විකර්ෂණයක් බවට පත් වූ පසු ආදරය පෑල දොරින් පළා යන අවස්ථාවන්ට උදාහරණ ඕනෑ තරම්ය. එහෙත් මිත්‍රත්වය සමඟ ඇතිවන ආකර්ෂණය එලෙස වියැකී නොයයි. එය ගලේ කොටන ලද අකුරක් බඳුය.
එකිනෙකා දිරිමත් කර ගන්නේ, එකිනෙකාට පිහිට වන්නේ, එකිනෙකා වෙනුවෙන් අනුවර්තනය (වෙනස්) වන්නේ එවැනි පති පතිනියන්ය.
යුග දිවියේදී මුහුණදීමට සිදුවන අභියෝග බොහොමයක් මෙවැනි අඹු සැමියන් ජය ගනියි.
සැමියා / බිරිය හොඳම මිතුරා / මිතුරිය වීමේ වාසි
* ආත්මාර්ථකාමිත්වය ඉක්ම වූ සබඳතාවක් ගොඩ නැඟෙයි. මිතුරකු බවට පත් වූ විට කෙනකු තමන් පිළිබඳ සිතනවාට වඩා මිතුරා ගැන සිතීිමට පෙළඹෙයි. එය අඹු සැමියනට අත්‍යාවශ්‍යය.
* අනෙකාගේ දුර්වලතා, අයහපත් ගති ආදී සියල්ල ගැන අවබෝධයක් තිබුණ ද ඒ සියල්ල ඉවසා ගනියි. මිතුරියක් / මිතුරෙක් විදියට නොව සැමියා / බිරිය ලෙසින් පමණක් සිතා කටයුතු කරන විට ඉවසීමේ සීමාව ඉක්මනින්ම ඉක්මවා යාමේ ඉඩකඩ වැඩිය.
* දෙදෙනාට දෙදෙනාගේ අතීතය පිළිබඳ හොඳ වැටහීමක් ඇත.
2019/12/11 තරුණි බලන්න