වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වයස සඟවා ගන්න පෙනුම වැදගත්
ලස්සන ජීවිතයක ඇරැඹුම ඔබේ ජීවිතයම ලස්සන කරන බව නොරහසකි. ඒ නිසාම අපි ඔබත් ඔබේ ජීවිතයත් ලස්සන කරගන්නට අලුතින් සිතන්න යැයි කීවෙමු. එපමණක් නොව අලුතින් සිතන ආකාරය ද පියවරෙන් පියවර පැහැදැලි කර දුන්නෙමු.
ගිය සතියේ ලස්සනට, පිළිවෙළට ඉන්න අපේ සිතුවිලි හසුරුවා ගත යුත්තේ කෙසේදැයි පැහැදිලි කළෙමු. එහි දී අප කතාව නැවැත් වූයේ කාර්යාලයක රැකියාවක් කරන ළඳුන් ගේ සිතුවිලි සමඟනි. අද අපි ඒ මඟ ඔස්සේ ඉදිරියට යමු.
අපි ඕනෙම කෙනෙක් ප්‍රසිද්ධියේ පවසන්නෙ.. “අනේ අපිට හොඳ නරක ඕනේ නැහැ. අපිට අපේ රස්සාව හරියට කරන්නයි අවශ්‍ය, කෙනකුට හොඳ වෙන්නත් පුළුවන්. අපිව නරක් වෙන්නත් පුළුවන්. අපිට පඩියක් ගෙවනවනෙ. අපි අපේ සේවය හරියට කරනවා. ඒ ඇති."
ඔබට මෙහෙම හිතුණා නේද? මඳක් ගැඹුරටම හිතන්න ඇයි ඔබ තුළ ඔය විදිහට හීනමානයක් ඇතිවුණේ. ඔබ තුළ ගැටලු රාශියක් තියෙන නිසා. ඔබේ අපිළිවෙළට ඔබ සාධාරණීය හේතු හොයනවා. ඔබේ කලබලකාරී නොසන්සුන් බවට ඔබ ඔබට වෛර කරනවා. ඔබේම ප්‍රශ්න නිසා ඔබ මිරිකිලා ඉන්නේ හැම උදෑසනකම, රාත්‍රියකම වතුර යට හිරකරගෙන සිටින රබර් බෝලයක් වගේ ඔබේ පීඩාවන් යටකරගෙන ඉඳලා අවස්ථාවක් ලැබුණ ගමන් අනවශ්‍ය විදිහට පිටකරනවා. ඔබේ එම හැසිරීම අන් අයට ඉතා දරුණුවට දැනෙනවා. මිනිසුන් ඔබව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා.
නිර්මාණීශීලීව ගැටලුවලට විසඳුම් සොයන්න. “හරියන්නෑ... ඕක හරියන්නෑ... ඔන්න ඔතැන තමයි ඔබ ඉන්නේ. ඔය වචන ටික වෙනස් කරගන්න අඩුම තරමේ... හරියනවා ඕක හරියනවා.. ඵභපඥ ම තමයි හරියනවාමයි..” ඔය ටික මතුරන්න බැරිද හැමවෙලාවෙම... ඔහොම සිතන්න පුරුදු වෙන්න. එවිට ඔබට අලුත් අත්හදා බැලීම්වලට යොමුවෙන්න පුළුවන්.
නිකන් සෙරප්පු දෙකක් දාගෙන සාරියක් ඔතාගෙන කොණ්ඩෙ විහිදාගෙන ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඔළුවෙ තියාගෙන උදේ පාන්දර එළියට බහින්න නම් එපා. අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි එකින් එක හදාගමු. ඔබ, ඔබේ යහළුවන්ට, ආයතනයට, නිවෙසට අවශ්‍යම කෙනෙක් බවට පත්වෙන්න හැසිරෙන්න, ක්‍රියාකරන්න. ඔබ ජය ගන්නවාමයි.
අපේ කාන්තාවන් අතින් වෙන තවත් අඩුපාඩුවක් තමයි, අපිට ගැළපෙන විලාසිතා මොනවද කියා අවබෝධයක් නොමැතිකම. අම්මා තමන්ට ගැළපෙන විලාසිතාව නො කිරීම නිසාම දියණියන්ටත් තමන්ට ගැළපෙන දේ තෝරාගැනීමට නොහැකි වී තිබෙනවා. කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙළින් ගමන් කරන්න කියනවා වගේ.
උපදෙස්
දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා
2020/01/29 තරුණි බලන්න