තාරුණ්‍යයේ කැපී පෙනෙන්නට අගනා විලාසිතාවක ලෙහෙන්ගා ඇඳුමක්

පෙබරවාරි 12, 2020

තාරුණ්‍ය හැමදාමත් හැඩකාරබවට කැමැතියි. ඒ හින්දම අපේ යුවතියන් හැඩ වෙන්නට ලස්සන ලස්සන විලාසිතාවල ඇඳුම් සොයනවා.

එවැනි යුවතියන් වෙනුවෙන් අද අපි හරිම ලස්සන ඇඳුමක් මෙලෙස තිළිණ කරනවා. මෙය ලෙහෙන්ගා විලාසිතාවක්. ඒ ඇඳුමේ තියෙන විශේෂත්වය වන්නේ එය සාමාන්‍ය ගමනකට මෙන්ම උත්සව අවස්ථාවකටත් ගළපාගන්නට හැකි වීමයි. එය ඔබ තෝරාගන්නා රෙදි වර්ගය අනුව තීරණය කළ හැකියි. එමෙන්ම මේ ඇඳුම අපේ යුවතියන්ගේ හැඩකාර පෙනුම තීව්‍ර කරන්නට කදිම විලාසිතාවකි.

පළමුව අපි උඩින් ඇඳ ඇති දිග බ්ලවුස් එක නිර්මාණය කරන ආකාරය විමසා බලමු.

ඉදිරි පළුව

මූලික ඉදිරිපළුව පිටපත්කර ගන්න. කර AB උරහිස  BC කිහිලි කට CD  ලෙසත් ඉණ EF ලෙසත් නම් කරන්න. E සිට පහළට උකුළ උස ගෙන G ද   G සිට තිරස් අතට උකුළ පළලට අඟල් ½ ක් එකතුකර ජ් ලකුණු කරන්න. ඡ් සිට පහළට සාය උසගෙන ධ් යොදන්න.

උපදෙස් ප්‍රවීණ උපදේශිකා
ෂර්මිලා රණවීර