වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මරණ බිය නිසා ලොවෙන් සැඟවෙන රෝස කැකුළිය
බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය රහස් ගබඩාවක් වැනිය. ඒ රහස් ගබඩාවට කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩක් නොලැබෙයි. වරින් වර හමා එන සුළි කුණාටු වැසුණු ගබඩාව විවර කරයි.
අමෙරිකානු ලේඛිකා නැන්සි ඊ. රයන් විසින් 2011 දී රචිත 'ද ඩිසපියරන්ස් ඔෆ් ඔලීවියා ' නව කථාව රජ පවුලට ටොනෙඩෝවක් බවට පත්වී අවසානය. උණු කැවුම් මෙන් අලෙවි වන මේ කෘතිය වරක රාජකීය ඇත්තන්ගේ රුධිරය කෝපයෙන් උණුසුම් කරයි. තවත් විටක භීතියෙන් හිම මෙන් සිසිල් කරයි. එහෙත් සාමාන්‍ය ජනතාවත් විලියම් - හැරී කුමාරවරුනුත් කෘතියෙන් හෙළිවන්නේ රස රහසට ළෙන්ගතුය.
' ද ඩිසපියරන්ස් ඔෆ් ඔලීවියා ' කෘතියේ කතා නායිකාව ඔලීවියා, ඩයනා කුමරිය ගේත් චාල්ස් කුමරුගේත් සහජාත දියණියයි. ඇය උපදින්නේ විලියම් කුමරු උපන් වසරට කලින් වසරේදීය. ඒ ඩයනා කුමරියගේ කුසින් නම් නොවෙයි. ඇය උපදින්නේ ගැබ කුලියට දෙන මවක ගේ කුසෙහි නොවුණත් මේ මවු පදවියේ ඊට වැඩි ලොකු වෙනසක් නැත. මෙය ප්‍රබන්ධ කතාවක් කියා බැහැර කළ නොහැක්කකි. සත්‍යවූ ප්‍රබන්ධ කතා අතරට 'ද ඩිසපියරන්ස් ඔෆ් ඔලීවියා' කෘතිය ද එක්වන බවට පෙරනිමිති පළ කොට අවසන්ය.
බකිංහැම් මාලිගයෙන් ලැබෙන ආරංචි මාර්ග ඊට හොඳටම ප්රමාණවත්ය.
නව කතාවට අනුව ඩයනා නම් නව යෞවනිය ඔටුන්න හිම කුමරුගේ කුමරිය ලෙසින් රජ ගෙදරට කැන්දා ගෙන ඒමට පෙර ඇයට කිරුළට හිමිකම් කිව හැකි කුමරුන් කුමරියන් බිහිකළ හැකිදැයි බැලීමට අවශ්‍ය විය. දෙවැනි එළිසබෙත් මහ රැජන ප්රමුඛ රජ පවුලේ අවශ්‍යතාව අනුව ඩයනා කුමරිය ගේ ඩිම්බත් චාල්ස් කුමරුගේ ශුක්‍රාණුත් රැගෙන සරුබව සඳහා පරීක්ෂා කෙරිණි. ඩිම්බ සාර්ථකව සංසේචනය වූ අතර ඒ සංසේචිත ඩිම්බ විනාශ කිරීමට රජ පවුලෙන් අණ ලැබිණි. එහෙත් රජ අණට පිටු පෑ එක් තරුණ වෛද්‍යවරයෙක් සිය බිරියට සත්‍ය හෙළි නොකර සංසේචිත ඩිම්බය ඇය ගේ ගැබෙහි තැන්පත් කරන ලදී. මේ ආගන්තුක මාපියන් නව මසකට පසු උපන් රෝස කැකුළක් වන් සොඳුරු දියණිය ඔලීවියා ෆ්රෑන්ක්ලීන් නමින් බෞතිස්ම කරන ලදී. ඇය ඉපදී පස් මසකට පසුව චාල්ස් කුමරුගේත් ඩයනා කුමරිය ගේත් රාජකීය විවාහ මංගල්‍යය ජයටම පැවැත්විණි.
රයන්ගේ නව කතාවේ කතා නායිකාව ඔලීවියා දවසින් දවස උස්මහත් වූයේ ඩයනා කුමරිය ගේ ප්‍රතිබිම්බයක් බවට පත් වෙමිනි. තිස් වැනි උපන් දිනයේදී ඇයට බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු හමුවන අතර ඔහු ඔලීවියා යනු අන් කවරකු හෝ නොව ඩයනාගේම දියණිය බව දැන ගනියි. ඇය තටු සිඳීන ලද කිරිල්ලියක බවට පත් වන්නේ එතැන් සිටය.
ඝාතන ඉලක්කයකින් ඇය නූලෙන් දිවි ගලවා ගනියි. එපමණක් නොව ජීවත් වීමට ආසාවක් ඇත්නම් ලන්ඩන් නුවරින් යුරෝපයේ කුමන රටකට හෝ ගොස් සැඟව ජීවත් වන ලෙසට අණක් ද ලැබෙයි.
අන්තර්ජාලයෙනි
2020/06/08 තරුණි බලන්න.