ශ්‍රී ලංකා රූපවාහිනීය ගුවන් හමුදා පා පැදි සවාරිය 2022

මාර්තු 7, 2022

කාන්තා සහ පිරිමි අංශ දෙක යටතේම පවත්වන පා පැදි තරගය මාර්තු මස 06දා උදෑසන 7.30 ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර් 99.6ක දුරක් පැවැත්වෙන මේ තරගය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

තරගය සඳහා ලියාපදිංචිය මේ වනවිට අවසන් වී ඇති අතර පාපැදි කණ්ඩායම් රැසක්ම තරගය සඳහා සහභාගි වීමට නියමිතය. නිල වශයෙන් තරගය ආරම්භය පුත්තලම වෙරළ උද්‍යානයෙන් සිදු වී කටුනායක 20 කණුව eglo lightsආයතනය අසලින් අවසන් වීමට නියමිතය.

මෙම තරගයේ ජයග්‍රහකයන් 10 දෙනකු සඳහා තෑගි සහ සහතික පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. මෙම පාපැදි තරගය සඳහා සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සංවිධානය හා සම්බන්ධීකරණය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෙළෙද අංශයේ අධ්‍යක්ෂ තරිඳු ලංකාතිලක මහතා විසිනි. තරග පිළිබඳ විස්තර හා තොරතුරු 0112501616 අංකය අමතා ඔබට ලබාගත හැකියි.