වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කප්පරක් දුක ජය ගත් කප්රුකක් වැනි ගැහැනියක්
කප්රුකක් තරමට උස ජීවන බර උසුලාගෙන ජීවිතයට මුහුණදෙන මිනිසුන් බොහෝය. ඇතැමුන් තමුන්ට ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ කඩා වැටෙති. තවත් සමහරුන් ජීවිතයෙන් පලා යන්නට විසඳුම් සොයති. එහෙත් ඇතැම් ධෛර්යවන්ත කාන්තාවන් තමුන්ට උරුම වූ ජීවිතයට කෙසේ හෝ මුහුණ දෙන්නට විවිධ රැකියාවන් කරති. ඇතැම් යුවතියන් තෝරා ගන්නා රැකියා සිවුමැලි දෑතට හුරු නොවේ.එහෙත් ඔවුන්ට උරුම වූ ජීවිතයට අභියෝග කරමින් ජීවන අරගලයක යෙදේ.
අම්බලන්තොට ලුණම රෝහිනී මල්ලිකා.... ඇය ජීවිත උරුමයට අභියෝග කළ ධෛර්යමත් කාන්තාවකි. එපමණක් ද නොවෙයි. ඇය පවුල් දෙකක් ජීවත් කරවන්න මුදල් උපයා ගන්නේ තමා පොල් ගස් නැඟීමෙන් උපයා ගන්නා සුළු මුදලෙනි. පවුල් දෙකක් ජීවත් කරවන්නට පොල් ගස් බඩ ගාන මල්ලිකා අපට හමුවුයේ අම්බලන්තොට ලුණම රණවිරු ගම්මානයේදීය.
ඇගේ දුක්බර ජීවිත කතාව ඉතාම හැඟුම්බර එකකි. එසේම සංවේදී ජීවිත කතා ගොන්නක එකතුවකි. එම සිදුවීම් සියල්ල එකිනෙක මෙහි සටහන් තබන්නට ඉඩ නොවෙයි. ඇය තම ජීවිතය ජය ගන්නට බොහෝ උත්සාහ කළ කාන්තාවකි. ඇය ගස් නඟින වළල්ල තම දෙපා අතරට සිර කර ගන්නේ කරන්නට කිසිවක් නොමැතිව ය.
සිය සැමියා පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටිය දී හදිසියේ මිය ගොස් දරුවන් දෙදෙනෙක් සිටින එම පවුල අසරණ විය. තවද යුධ හමුදා සෙබලෙකුගේ බිරියක්ව සිටි ලොකු අම්මාගේ දුව සහ එම දියණියත් යන පවුල් දෙකම ජීවත් කරවීමට මෙම කාන්තාව පොල් ගස් තැඹිලි ගස් බඩ ගාමින් තැඹිලි වෑවර කපා ගෙන මහ මඟ තබා විකුණාගෙන ජීවත් ව සිටිති.
ඇගේ එම සංවේදී කතාව අපට මෙලෙසින් පැවසුවේ ඉතාමත් හැඟුම්බරවය.
“මගේ ගම මොණරාගල. මගේ සැමියා මේසන් බාස් කෙනෙක්. එයා මීට වසර දහයකට පමණ පෙර හදිසියේ මිය ගියා. මම දරුවන් දෙදෙනෙක් සමඟ අසරණ වුණා. මගේ ලොකු අම්මාගේ දුව යුධ හමුදා සෙබලෙක් සමඟ විවාහ වී සිටියේ. අැයටත් දියණියක් සිටිනවා. ඇය ඉගෙනුම ලබන්නේ 7 වසරේ. නංගිගේ මහත්තයත් ආබාධිත සෙබළෙක්. නමුත් ඔහු නංගි අතහැරල ගිහිල්ලා. දැන් නංගිත් දරුවාත් අසරණ වෙලා. එයාට ලුණම රණවිරු ගම්මානයේ නිෙවසක් ලැබිලා තිබුණා. නංගි සිටියේ එම නිවෙසේ. එම නිෙවසත් දැන් එයාටත් අහිමි වෙලා. දැනට එම ගම්මානයේ වෙනත් අයකුගේ නිෙවසක තාවකාලික තමයි නංගියි දරුවයි ඉන්නේ. මම එම නිසා නංගිත් එක්ක තැඹිලි කපලා තමයි ජීවත් වෙන්නේ.
අම්බලන්තොට වලවේ ගඟේ පාලම යට ටික දවසක් යන්න තැනක් නැතිව අපි සිටියා. ඊට පස්සේ තමයි තාවකාලිකව මේ දැනට ඉන්න නිෙවසට ආවේ. පාලම ළඟ පන්සල අසල පාරේ තැඹිලි කපන කොට පන්සලේ හාමුදුරුවොත් එ්කට විරුද්ධ වුණා. දැන් නෝනගම වැව ළඟ පාරේ අපි තැඹිලි කපනවා. මෙතනිනුත් යන්න කිව්වොත් තැඹිලි කපන්නත් අපට තැනක් නැති වෙනවා.”
ඇයගේ නැගණියවන දිනුෂා සෙව්වන්දි ඔවුන්ගේ දුක්බර ජිවිත කතාව ගැන පැවසුවේ මෙලෙසිනි.
“මම ලෙඩෙක්. අක්කා තමයි මමත් දරුවාත් ජීවත් කරවන්නේ. අක්කා තමා දරුවා පාසල් යවන්නේ. මගේ සැමියා පූර්ණ ආබාධිත වුණා. ඇත්තටම අපි සතුටින් සිටියේ. නමුත් ඔහු වෙනස් වුණා. ඔහුට ලැබුණු රණවිරු ගම්මානයේ නිෙවසත් අපට අහිමි කළා. දැන් එම ගම්මානයේම නිෙවසක තාවකාලිකව ඉන්නේ. අක්කා තැඹිලි කපලා හම්බ කරන මුදලින් තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ. මට නැතත් මගේ දරුවාට ඉෙගනගන්න උදවු කරනවානම් ඒක ලොකු පිනක්.”
මේ අසරණ දරු පවුල් දෙක වෙනුවෙන් වචනයකින් හෝ උපකාරයක් කළ හැකි නම් 011-2429592 තරුණී අපට කතා කරන්න. ඔවුන්ට එය මහමෙරකි.