වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඇල්සයිමර් රෝගය සඳහා වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන් බව ඔබ දන්නවාද?
සමාජයේ පිළිගත් වෘත්තියක නියැළි ඇය සැමියාද මිය ගිය පසු තම දූදරුවන්ට මැනවින් අධ්‍යාපනය ලබා දෙමින් ඇස් පාදන්නට බොහෝ සේ වෙහෙසුණාය. දරුවන්ට බාධාවකින් තොරව රැකියාවල නිරත වීම සඳහා මුනුපුරු, මිනිපිරියන්ට ද රැකවරණය ලබා දුන්නේ සෙනෙහෙ සිතිනි.
එහෙත් තම මවගේ, ආත්තම්මාගේ දෛනික දිවි පෙවෙතේ නොයෙකුත් වෙනස්කම් දුටු දරුවන් මව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් වෙත පෙන්වූයෙන් වෛද්‍ය නිගමනය වූයේ ඇය ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බවකි. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් උත්සන්න වූයේ ඉතාම කෙටි කලකදීය.
මානසික රෝග එම රෝගියා පමණක් නොව රෝගියාගේ මුළු පවුලම මානසිකව ඇද දමයි. මානසික රෝග අතුරින් ඩිමෙන්ෂියා තත්ත්වය මේවනවිට එන්න එන්නම වැඩි වී තිබේ.
ඩිමෙන්ෂියා යනු මොළයේ මතකය සම්බන්ධ ස්නායු ක්‍රමක්‍රමයෙන් අඩපණවීමකි. වයස්ගතවත්ම යම්කිසි කාලයකදී මොළයේ මතකය සම්බන්ධ හැකියාවන්, සිතාමතා යමක් කිරීමට ඇති හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, එදිනෙදා තම කර්තව්‍යයන් කරගැනීමට ඇති හැකියාවන් ඇතැමුන් කෙරෙන් ඈත්ව යයි.
මෙය වයස්ගත වීමත් සමඟ සිදුවන සාමාන්‍ය දෙයක් යැයි සිතීම නිවැරැදි නොවේ. වයස අවුරුදු සියය ඉක්මවා ගියත් හොඳ මතකයක් හොඳ සිහි බුද්ධියක් ඇතිව ජීවත්වන අය සිටී. මේ නිසා වයස්ගත වීමත් සමඟ ඇතිවන්නක් බව සැමටම පොදු නැත. වර්තමාන මතකය ගිලිහී ගොස් ඈත මතකයේ ජීවත්ව සිටීම මොවුන් වෙතින් දක්නට ලැබේ. මෙය රෝගයක් ලෙස හෙවත් ඩිමෙන්ෂියා තත්ත්වය ලෙස හඳුනාගෙන තිබේ.
මතකය අමතක වීම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස ගැනුණද මෙහිදී සිදුවන්නේ අමතක වීම පමණක්ම නොවේ. නිතර අමතක වීම තිබූ පමණින් ඔබට ඩිමෙන්ෂියාව වැලදී ඇති බවට තහවුරු නොවේ. නමුත් මෙම රෝග ලක්ෂණය ඩිමෙන්ෂියා රෝගය කල් ඇතිව හඳුනා ගැනීමට උපකාරී වේ. ඩිමෙන්ෂියා රෝගය නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකර්මයක් තවමත් නැත. නමුත් මෙම රෝගය කල්තබා හඳුනා ගැනීම, රෝගියාගේ අනාගත සැලසුම් පිළියෙල කිරීමට පහසුවෙයි. එමඟින් රෝගියාට වඩාත් ගුණාත්මක ජීවිතයක් ගත කිරීමටද අවස්ථාව ලැබෙයි.
2050 වනවිට ශ්‍රී ලංකාවේ අවුරුදු 60න් ඉහළ සියයට 25කට ඩිමෙන්ෂියාව
ඩිමෙන්ෂියාව ඇතිවීමට නිසියාකාර හේතුවක් තවමත් සොයාගෙන නැත. ලොව පුරා සිටින වෛද්‍ය පර්යේෂකයන් මෙයට හේතුව සෙවීමට සහ ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට මහත් වෙහෙසක් දරයි. ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියාවට ගොදුරු වූවන් 150,000 - 200,000ක් පමණ සිටින බවට ඇස්තමේන්තුකර ඇත. 2050 වන විට ලංකාවේ අවුරුදු 60න් ඉහළ පුද්ගලයින්ගෙන් සියයට 25ක් ඩිමෙන්ෂියා රෝගීන් ලෙස වර්ධනය විය හැකි බව අනුමාන කර ඇත.
මෙම රෝගය සුලබව වයස්ගත වූවන් අතර දක්නට ලැබූවද අවුරුදු 40ක් හෝ අවුරුදු 50 ක් වැනි අඩු වයස්වලදී පවා යම් පුද්ගලයකුට මෙම රෝගය වැලඳිය හැකියි.
වයස ප්‍රධානම සාධකයයි
ඩිමෙන්ෂියා තත්ත්වයත් සමඟින් බොහෝ අයගේ පෞරුෂත්වය හීන වී යයි. මනා හික්මීමකින් යුතුව කටයුතු කළ පුද්ගලයා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයත් සමඟින් තරහ යන පුද්ගලයෙක් බවට, දරුණු අයෙක් බවට පත් වන්නට පුළුවනි. එසේ වන්නේ අප සිතාමතා කටයුතු කරන මොළයේ සෛල විනාශ වීම නිසයි.
වයස
වයස්ගත වීමත් සමඟ ඩිමෙන්ෂියා රෝගය වැලඳීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවේ. පෙර කීවාක් මෙන් වයස්ගත වූ පලියටම ඩිමෙන්ෂියා ඇති නොවේ. එහෙත් වයස යනු මේ සඳහා බලපාන ප්‍රධානම අවදානම් සාධකයයි.
ඩිමෙන්ෂියා වැලඳෙන අයකුට වයස අවුරුදු පනහේ සිටම මෙහි රෝගී ලක්ෂණ දැකගත හැකි අතර වයස අවුරුදු හැටෙන් පමණ පසු මෙම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණුවේ. වයස අවුරුදු 80ක් වන විට තුන්දෙනකුගෙන් එක අයකුට ඩිමෙන්ෂියා රෝගය වැලඳිය හැකියි.
වයසට යද්දී දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්ව ඇතිවන්නාක් මෙන් ඩිමෙන්ෂියාවද ඇතිවිය හැකියි. ඩිමෙන්ෂියා ඇති අයකුට මෙම රෝග තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවනි.
ඇල්සයිමර් රෝගය(Alzheimer disease)
මෙහිදී වැඩි වශයෙන්ම එනම් සියයට හැත්තෑවකට පමණ දැකගත හැකි වන්නේ ඇල්සයිමර් ඩිසීස්(Alzheimer disease ) තත්ත්වයයි. මේ සඳහා ප්‍රතිකාරයක් නොමැති අතර මොළයේ සෛල දිනෙන් දින විනාශ වී යයි. මොළයේ සෛල වලට හානි පමුණුවන නිසා මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවේ.
මොළයේ සෛල අතරමග ඇම්ලොයිඩ්(Amyloid) නමැති ප්‍රෝටීනය තැන්පත් වීම සහ ටාවෝ ප්‍රෝටීනය සෛල තුළ තැන්පත් වේ. එවිට එම සෛලය මිය යයි. ඒ නිසා ඇල්සයිමර් රෝගී තත්ත්වය ඇතිවේ. මෙම වෙනස්වීම් වලට බලපාන හේතු සෙවීම සහ ඒවා පාලනය කිරීම සඳහා දැනට ලොව පුරා පර්යේෂණ සිදුවෙමින් පවතී.
අවාසනාවකට මෙන් මුල් කාලයේ සිදුකරන ස්කෑන් පරීක්ෂණ සඳහා මෙය එතරම් හසු නොවේ. එහෙත් පසු කාලීනව එය නිරීක්ෂණය වේ. මොළය ක්‍රමයෙන් කුඩා වී ඇති ලෙස නිරීක්ෂණය වේ.
ඔබ දන්නවාද ඇල්සයිමර් රෝගය සඳහා ලොව වඩාත්ම ගොදුරු වන්නේ කාන්තාවන් බව.
වාහිනික ඩිමෙන්ෂියාව(Vascular dementia)
ඩිමෙන්ෂියා රෝගීන් අතුරින් සියයට 20කට පමණ ඇත්තේ වාහිනික ඩිමෙන්ෂියාව(Vascular dementia)යි. මොළයේ සෛල වලට රුධිරය සැපයීමේ ගැටලු නිසා මෙම තත්ත්වය ඇති වෙයි. මොළයට රුධිරය සැපයෙන නාළ සිහින් ඒවා වීම ඊට හේතුවයි. උදාහරණයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ මොළයේ කුඩා ප්‍රදේශවලට රුධිරයේ සැපයීම ඇණහිටීම නිසා ඇති වූ ඉතා කුඩා ආඝාත මෙහිදී දැකගත හැකි වේ. මෙය ආඝාතය නිසා ඇතිවන ඩිමෙන්ෂියාව ලෙස ද හඳුන්වයි. මේ නිසා රුධිර ගමනාගමනය හොඳින් පවත්වාගෙන යෑම වැදගත් වේ.
තරුණ වයසේ සිටම කොලෙස්ටරෝල් මට්ටම හොඳින් පවත්වා ගත යුතුවේ. කොලෙස්ටරෝල් තැන්පත් වීම රුධිර නාල සිහින් වීමට හේතුවේ. රුධිරයේ සීනි මට්ටමද මැනවින් පවත්වා ගත යුතුවේ. අධි රුධිර පීඩනය ඉහළ නොයෑමට වග බලා නොගතහොත් මොළයේ සියුම් නහරවලට එම පීඩනය දරා ගත නොහැකිව පුපුරා යයි.
කරකැවිල්ල පැවතීමද යම් රෝග ලක්ෂණයක් විය හැකියි. නමුත් කරකැවිල්ල තිබූ පමණින් ඩිමෙන්ෂියා ඇති නොවීමටත් පුළුවනි. වෙනත් හේතුන් නිසාද කරකැවිල්ල ඇතිවීමට පුළුවනි.
ලලාටශංඛක ඩිමෙන්ෂියාව
මේ තත්ත්වය නිසා තීරණ ගැනීමට, චර්යාව, හැඟීම් පාලනය කරන සහ භාෂාව සම්බන්ධයෙන් බලපාන මොළයේ කොටස්වල වෙනස්කම් ඇතිවේ. මෙය සිදුවීමට හේතු සම්පූර්ණයෙන්ම නොදන්නා නමුත් මොළයේ සෛලවල ඇති ඇතැම් ප්‍රෝටීන වල අසාමාන්‍ය වර්ධනයක් මීට හේතුවන බව පෙන්නුම් කරයි. සියයට 30 - 50ක් පමණ ලලාට ශංඛක ඩිමෙන්ෂියා ඇති පුද්ගලයින්ට ඒ හා සම්බන්ධ පවුල් ඉතිහාසයක් පවතී.
දුම් පානය
සක්‍රීය හෝ අක්‍රීය දුම් පානය මේ සඳහා සුදුසු නොවේ. එය රුධිර නාල වලට බලපාන නිසා ඉන් ආඝාත තත්ත්ව ඇති විය හැකියි. එහිදී ද අවසානයේ ඩිමෙන්ෂියාව ඇතිවීමට පුළුවනි. දුම් පානය නොකර සිටීමෙන් මෙම තත්ත්වය යම් තරමකට පාලනය කර ගත හැකියි.
මත්පැන් පානය
ඇල්කොහොල් අඩංගු දෑ ගැනීම ඩිමෙන්ෂියා ව සඳහා බලපාන බව සොයාගෙන තිබේ. මත්පැන් වැඩිපුර පානය නම් එකහෙළාම ඩිමෙන්ෂියාව සඳහා බලපායි. මෙහිදී ඇති වන්නේ ඇල්කොහොල් ඩිමෙන්ෂියාවයි. තයමින් වැනි විටමින් වර්ග අඩුවීම නිසා මෙම තත්ත්වය ඇතිවන අතර අලුතින් කිසිවක් ඉගෙන ගත නොහැකි වේ. මත් පැන් පානය කිරීමෙන් වැළකී සිටීමෙන්, විටමින් වර්ග ලබාදීමෙන් මෙම ඩිමෙන්ෂියා වර්ගය පාලනය කරගත හැකියි.
පාකින්සන් තත්ත්වය
පාකින්සන් තත්ත්වය නිසා ඩිමෙන්ෂියාව ඇතිවිය හැකියි. ඇවිදීමේ අපහසුව, සමබරතාව පවත්වාගත නොහැකිවීම මෙහිදී දැකගත හැකියි. මෙහිදී විනාශ වන්නේ මොළයේ මතකය සම්බන්ධ කොටස් නොවේ.
විටමින් වර්ග අඩුවීම
තයමින්, විටමින් ඩී ඇතුළු විටමින් වර්ග අඩුවීම නිසා ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමට පුළුවනි.
හෝමෝන අඩුවීම
තයිරොයිඩ් හෝමෝනය අඩුවීම නිසා මතකය ගිලිහී යා හැකියි. එයද ඩිමෙන්ෂියාව දක්වා යා හැකියි. ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් ඉන් මිදිය හැකියි.
ආසාදන තත්ත්ව
ක්ෂය රෝගය සඳහා වූ TB වයිරසය, එච්.අයි.වී. වයිරසය ආසාදනය වීමෙනුත් ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමට පුළුවනි.
මොළයේ වතුර එකතු වීම නිසා මොළයේ කුඩා වීමෙන් ද ඩිමෙන්ෂියාව හටගන්නට පුළුවනි. ඒ සඳහා ශල්‍යකර්මයක් කිරීමෙන් සුව කළ හැකියි.
වළක්වා ගත හැකි ඩිමෙන්ෂියා වර්ගයක් කල්ගත වන විට වළක්වා ගත නොහැකි මට්ටමට පත්වේ. මේ නිසා සෞඛ්‍යමත් ජීවන රටාවක් ගෙන යෑම අතිශය වැදගත්ය.
දුම්පානය
සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය මේ සඳහා සුදුසු නොවේ. එය රුධිර නාලවලට බලපාන නිසා ඉන් ආඝාත තත්ත්ව ඇති විය හැකියි. එහිදී ද අවසානයේ ඩිමෙන්ෂියාව ඇතිවීමට පුළුවනි. දුම්පානය නොකර සිටීමෙන් මෙම තත්ත්වය යම් තරමකට පාලනය කර ගත හැකියි.
මත්පැන් පානය
ඇල්කොහොල් අඩංගු දෑ ගැනීම ඩිමෙන්ෂියා ව සඳහා බලපාන බව සොයාගෙන තිබේ. මත්පැන් වැඩිපුර පානය නම් එකහෙළාම ඩිමෙන්ෂියාව සඳහා බලපායි. මෙහිදී ඇති වන්නේ ඇල්කොහොල් ඩිමෙන්ෂියාවයි. තයමින් වැනි විටමින් වර්ග අඩුවීම නිසා මෙම තත්ත්වය ඇතිවන අතර අලුතින් කිසිවක් ඉගෙනගත නොහැකි වේ. මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමෙන්, විටමින් වර්ග ලබාදීමෙන් මෙම ඩිමෙන්ෂියා වර්ගය පාලනය කරගත හැකියි.
පාකින්සන් තත්ත්වය
පාකින්සන් තත්ත්වය නිසා ඩිමෙන්ෂියාව ඇතිවිය හැකියි. ඇවිදීමේ අපහසුව, සමබරතාව පවත්වාගත නොහැකි වීම මෙහිදී දැකගත හැකියි. මෙහිදී විනාශ වන්නේ මොළයේ මතකය සම්බන්ධ කොටස් නොවේ.
විටමින් වර්ග අඩුවීම
තයමින්, විටමින් ඩී ඇතුළු විටමින් වර්ග අඩුවීම නිසා ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමට පුළුවනි.
හෝමෝන අඩුවීම
තයිරොයිඩ් හෝමෝනය අඩුවීම නිසා මතකය ගිලිහී යා හැකියි. එයද ඩිමෙන්ෂියාව දක්වා යා හැකියි. ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් ඉන් මිදිය හැකියි.
ආසාදන තත්ත්ව
ක්ෂය රෝගය සඳහා වූ TB වයිරසය, එච්.අයි.වී. වයිරසය ආසාදනය වීමෙනුත් ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමට පුළුවනි.
මොළයේ වතුර එකතු වීම නිසා මොළයේ ප්‍රමාණයෙන් කුඩා වීමෙන් ද ඩිමෙන්ෂියාව හටගන්නට පුළුවනි. ඒ සඳහා ශල්‍යකර්මයක් කිරීමෙන් සුව කළ හැකියි.
වළක්වාගත හැකි ඩිමෙන්ෂියා වර්ගයක් කල්ගත වන විට වළක්වාගත නොහැකි මට්ටමට පත්වේ. මේ නිසා සෞඛ්‍යමත් ජීවන රටාවක් ගෙන යෑම අතිශය වැදගත්ය.
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයා සඳහා වූ ක්‍රියාකාරකම්
මෙහිදී පෞද්ගලික ක්‍රියාකාරකම් පිළිබඳ දැන සිටිය යුතුයි. අප සාමාන්‍යයෙන් එදිනෙදා සිදු කරන ඇඳ පැලඳ ගැනීම්, ගේ දොර වැඩ කටයුතු, ක්‍රීඩා කිරීම සහ බිල්පත් ගෙවීම් වැනි කටයුතු මේ සඳහා අදාළ වේ. මේවා ඉක්මන් ක්‍රියාකාරීව හෝ සෙමින් සිදු කරන තනිවම හෝ අනික් අය සමඟින් ඉටු කර ගන්නා වූ ක්‍රියාකාරකම් විය හැකියි. ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙනෙන පුද්ගලයකුට තමාගේ දවස සංවිධානය කර ගැනීම සඳහා සත්කාර සලස්වන්නකුගේ සහයෝගය අවශ්‍ය වේ.
සැලසුම් කළ ක්‍රියාකාරකම් තුළින් පුද්ගලයෙකුගේ ගරුත්වය සහ ආත්මාභිමානය පිළිබඳ හැඟීම වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
පෞද්ගලික ක්‍රියාකාරකම් මගින් පුද්ගලයෙකුගේ හැකියාවන් දියුණු කරනු ලබයි. එසේම තේරුම් ගැනීමට අපහසු හැසිරීම් වශයෙන් සැලකිය හැකි අරමුණකින් තොරව ඇවීදීම අනවශ්‍ය චිත්ත වේගීමය තත්ත්වයන් ඇතිවීම සහ කලබලයට පත්වීම අඩු කිරීම සඳහා ක්‍රියාකාරකම් උපයෝගී කරගත හැකියි.
ඩිමෙන්ෂියා රෝගය ඇති පුද්ගලයාට සහ ඔහුට හෝ ඇයට සත්කාර සලසන්නාට එදිනෙදා ක්‍රියාකාරකම් ආදරයෙන් හා මෘදු බවින් යුක්තව බෙදාගෙන සිදුකිරීම මඟින් ඔවුන් එකිනෙකා අතර යහ පැවැත්ම පිළිබඳ හැඟීම ආරක්ෂාව සහ සතුට දනවන බැඳීමක් ඇතිකර ගත හැකි වේ.
ක්‍රියාකාරකම් වර්ග දිනපතා ක්‍රියාකාරකම්
* ගේ දොර වැඩකටයුතු - දූවිලි පිසදැමීම, ඇමදීම, රෙදි සේදීම
* ආහාර ගන්නා වේලාව - ආහාර සැකසීම, ආහාර පිසීම සහ ආහාර අනුභවය
* පෞද්ගලික කටයුතු - දියනෑම, පිරිමි පුද්ගලයෙක් නම් රැවුල බෑම, ඇඳ පැලඳ ගැනීම වෙනත් ක්‍රියාකාරකම්
* නිර්මාණාත්මක - චිත්‍ර ඇඳීම, සංගීත භාණ්ඩ වාදනය
* ශාස්ත්‍රීය - පොත් කියවීම, ප්‍රහේලිකා පිරවීම
* ශාරීරික - ඇවිදීම, සැහැල්ලු ව්‍යායාම
* සමාජීය - තේ පානය කිරීම, කතා කිරීම, කාඩ් සෙල්ලම් කිරීම, දාම් ඇදීම, කැරම් වැනි ක්‍රීඩාවල යෙදීම.
* ආධ්‍යාත්මික - යාඥා කිරීම, ගීතිකා ගායනා කිරීම, බණ ඇසීම, භාවනා කිරීම සහ නිසොල්මනේ සිටීම
* සැලසුමකින් තොර ක්‍රියා- රාත්‍රී ආහාරය ගැනීමට බැහැරට යෑම, මිතුරන් බැහැ දැකීම
අනෙකුත් ක්‍රියා - දින චර්යා සටහන් කිරීම, සටහන් තැබීම හෝ ටයිප් කිරීම
ඔබ විසින් නිරතුරුවම ඩිමෙන්ෂියාවෙන් පෙළෙන තැනැත්තා සම්බන්ධයෙන් සොයා බලන විට පර්යේෂණ කරන විට සහ අවශ්‍ය පරිදි වෙනස්කම් කරන විට ඔහු වෙනුවෙන් වඩාත් හොඳින් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට හැකි වේ. මෙහිදී පුද්ගලයා කැමැති හා අකැමැති දේ ඔහුගේ ශක්තීන් සහ හැකියාවන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න.
* පුද්ගලයාගේ දක්ෂතා සහ හැකියාවන් සිතෙහි තබා ගන්න.
* එම තැනැත්තා විනෝදයක් ලබන අවස්ථා පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.
* එම තැනැත්තා උපදෙස් වලින් තොරව ක්‍රියාකාරකම් ආරම්භ කරන්නේ කරන්නේ ද යන්න සොයා බලන්න.
* ඔබ පැවරූ ක්‍රියාකාරකම් සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නොව සතුටු වීම පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වන්න.
* කෑම මේසය සූදානම් කිරීම, ලී බඩු පිස දැමීම, කසළ බඳුන් ඉවත් කිරීම වැනි දෑ සාර්ථකව ඉටුකළ විට ඒ සම්බන්ධව ධෛර්යමත් කරන්න.
* පුද්ගලයාගේ වෙනස් වන රුචිකත්වයන් සහ හැකියාවන් සම්බන්ධයෙන් නම්‍යශීලී ලෙස කටයුතු කරන්න ඒවා අගයන්න.
* ක්‍රියාකාරකම් සැකසිය යුත්තේ රෝගී තත්ත්වය අනුවයි. මෙම රෝගය වැඩිවත්ම ඔබට නැවත නැවතත් කාර්යයන් හඳුන්වා දීමට සිදුවිය හැකියි.
* ඔහු හෝ ඇය යමක් කිරීමට අවශ්‍ය නැති බව තරයේ ප්‍රකාශ කරන්නේ නම් එසේ සිදුවීමට හේතුව ඔහුට හෝ ඇයට එය සිදුකිරීමට නොහැකි වීම හෝ එසේ කිරීමට ඇති බිය නිසාවිය හැකියි. එසේ නොමැති නම් එය වෙනත් ආකාරයකට කිරීමට ඔහුට අවශ්‍ය වීම නිසා විය හැකියි. එසේ සිදු කිරීමට ඉඩ දෙන්න. පසුව එය නිවැරදි කරන්න.
* දවසේ සෑම මිනිත්තුවක්ම ක්‍රියාකාරකම්වලින් පිරවීමට උත්සාහ නොකරන්න. ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙනෙන පුද්ගලයාට ක්‍රියාකාරකම් සහ විවේකය ගැනීම සම සමව ලැබිය යුතුයි. එසේම නිතරම වැඩ නැවැත්වීම සහ විවිධ වූ කාර්යයන්වල නිරත වීමද අවශ්‍ය වේ.
* ඩිමෙන්ෂියා රෝගය පවතින බොහෝ පුද්ගලයින්ට විවිධ ක්‍රියාකාරකම් කිරීමට ශක්තිය සහ කැමැත්ත පැවතිය හැකියි. නමුත් ඔවුන්ට සංවිධානය කිරීමට, සැලසුම් කිරීමට, ආරම්භ කිරීමට සහ සාර්ථකව එම කාර්යය අවසන් කිරීමට නොහැකි විය හැකියි. ඒ සඳහා උපකාර කරන්න.
* එකම අවස්ථාවක උපදෙස් ගණනාවක් ලබාදීම තුළින් ඩිමෙන්ෂියා රෝගය පවතින පුද්ගලයකු වඩාත් අපහසුතාවට පත් විය හැකියි. එක් අවස්ථාවකදී ඒ කාර්යයක් පමණක් පිළිබඳව අවධානය යොමු කරන්න.
* එම පුද්ගලයා හානියකින් තොර ක්‍රියාකාරකමක් මඟින් සතුටු වන්නේ නම් එම ක්‍රියාකාරකම ඔබට නොවැදගත් හෝ අර්ථයක් නොමැති සේ දැනුනත් එම පුද්ගලයාට එම කාර්යයේ නියැළීමට අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා ඔබ උනන්දු කරවන්න. එම තැනැත්තා විවේචනය කිරීමට හෝ නිවැරදි කිරීමට තැත් නොකරන්න.
දිනපතා සැලැස්මක් සකසා ගැනීම
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු සඳහා දිනයක් සැලසුම් කිරීමේදී ඔබ ඔබගේ දවස සැලසුම් කරන්නේ කෙසේ දැයි යන්න සැලකිල්ලට ගන්න. මෙහිදී සත්කාර සලසන්නට මුහුණ දීමට ඇති අභියෝගය වන්නේ අර්ථවත් ප්‍රයෝජනයක් තිබෙන මෙන්ම සතුටක් ගෙනදෙන ක්‍රියාකාරකම් හඳුනා ගැනීමයි.
* වඩාත් හොඳින් ක්‍රියාත්මක වූයේ කුමන ක්‍රියාකාරකම්ද? අසාර්ථක වූයේ මොනවාද? ඒ ඇයි?
* ඉතා හොඳින් මෙම ක්‍රියාකාරකම්වල යෙදුණු සහ එසේ නොමැති අවස්ථා තිබුණේද?
* නිරායාසයෙන්ම කළ හැකි විරෝධ ජනක හා පහසුවෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකම් තිබුණේද?
* එම පුද්ගලයාගේ ජීවිතයට අරුතක් සතුටක් සහ බලාපොරොත්තුවක් ගෙන දෙන්න.
* මේ සඳහා ඔහුගේ දක්ෂතා සහ හැකියාවන් උපයෝගී කරගන්න
* ඔහුට තමා සාමාන්‍ය පුද්ගලයෙකු බව යන හැඟීම ලබා දෙන්න.
* පවුල සහ මිතුරන් සමඟ සම්බන්ධ කරවන්න.
* අභිමානවත් බව සහ වැඩිහිටියන් අගය කරන්න.
* විනෝදය සතුට ලබා දෙන්න.
* ආධ්‍යාත්මික - යාඥා කිරීම, ගීතිකා ගායනා කිරීම, බණ ඇසීම, භාවනා කිරීම සහ නිසොල්මනේ සිටීම
* සැලසුමකින් තොර ක්‍රියා- රාත්‍රී ආහාරය ගැනීමට බැහැරට යෑම, මිතුරන් බැහැදැකීම
අනෙකුත් ක්‍රියා - දින චර්යා සටහන් කිරීම, ටයිප් කිරීම
ඔබ විසින් නිරතුරුවම ඩිමෙන්ෂියාවෙන් පෙළෙන තැනැත්තා සම්බන්ධයෙන් සොයා බලන විට පර්යේෂණ කරන විට සහ අවශ්‍ය පරිදි වෙනස්කම් කරන විට ඔහු වෙනුවෙන් වඩාත් හොඳින් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට හැකි වේ. මෙහිදී පුද්ගලයා කැමැති හා අකැමැති දේ ඔහුගේ ශක්තීන් සහ හැකියාවන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න.
* පුද්ගලයාගේ දක්ෂතා සහ හැකියාවන් සිතෙහි තබා ගන්න.
* එම තැනැත්තා විනෝදයක් ලබන අවස්ථා පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.
* එම තැනැත්තා උපදෙස් වලින් තොරව ක්‍රියාකාරකම් ආරම්භ කරන්නේ කරන්නේ ද යන්න සොයා බලන්න.
* ඔබ පැවරූ ක්‍රියාකාරකම් සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නොව සතුටු වීම පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වන්න.
* කෑම මේසය සූදානම් කිරීම, ලී බඩු පිස දැමීම, කසළ බඳුන් ඉවත් කිරීම වැනි දෑ සාර්ථකව ඉටුකළ විට ඒ සම්බන්ධව ධෛර්යමත් කරන්න.
* පුද්ගලයාගේ වෙනස් වන රුචිකත්වයන් සහ හැකියාවන් සම්බන්ධයෙන් නම්‍යශීලී ලෙස කටයුතු කරන්න ඒවා අගයන්න.
* ක්‍රියාකාරකම් සැකසිය යුත්තේ රෝගී තත්ත්වය අනුවයි. මෙම රෝගය වැඩිවත්ම ඔබට නැවත නැවතත් කාර්යයන් හඳුන්වා දීමට සිදුවිය හැකියි.
* ඔහු හෝ ඇය යමක් කිරීමට අවශ්‍ය නැති බව තරයේ ප්‍රකාශ කරන්නේ නම් එසේ සිදුවීමට හේතුව ඔහුට හෝ ඇයට එය සිදුකිරීමට නොහැකි වීම හෝ එසේ කිරීමට ඇති බිය නිසාවිය හැකියි. එසේ නොමැති නම් එය වෙනත් ආකාරයකට කිරීමට ඔහුට අවශ්‍ය වීම නිසා විය හැකියි. එසේ සිදු කිරීමට ඉඩ දෙන්න. පසුව එය නිවැරදි කරන්න.
* දවසේ සෑම මිනිත්තුවක්ම ක්‍රියාකාරකම්වලින් පිරවීමට උත්සාහ නොකරන්න. ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙනෙන පුද්ගලයාට ක්‍රියාකාරකම් සහ විවේකය ගැනීම සම සමව ලැබිය යුතුයි. එසේම නිතරම වැඩ නැවැත්වීම සහ විවිධ වූ කාර්යයන්වල නිරත වීමද අවශ්‍ය වේ.
* ඩිමෙන්ෂියා රෝගය පවතින බොහෝ පුද්ගලයින්ට විවිධ ක්‍රියාකාරකම් කිරීමට ශක්තිය සහ කැමැත්ත පැවතිය හැකියි. නමුත් ඔවුන්ට සංවිධානය කිරීමට, සැලසුම් කිරීමට, ආරම්භ කිරීමට සහ සාර්ථකව එම කාර්යය අවසන් කිරීමට නොහැකි විය හැකියි. ඒ සඳහා උපකාර කරන්න.
* එකම අවස්ථාවක උපදෙස් ගණනාවක් ලබාදීම තුළින් ඩිමෙන්ෂියා රෝගය පවතින පුද්ගලයකු වඩාත් අපහසුතාවට පත් විය හැකියි. එක් අවස්ථාවකදී ඒ කාර්යයක් පමණක් පිළිබඳව අවධානය යොමු කරන්න.
* එම පුද්ගලයා හානියකින් තොර ක්‍රියාකාරකමක් මඟින් සතුටු වන්නේ නම් එම ක්‍රියාකාරකම ඔබට නොවැදගත් හෝ අර්ථයක් නොමැති සේ දැනුණත් එම පුද්ගලයාට එම කාර්යයේ නියැළීමට අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා ඔබ උනන්දු කරවන්න. එම තැනැත්තා විවේචනය කිරීමට හෝ නිවැරදි කිරීමට තැත් නොකරන්න.
දිනපතා සැලැස්මක් සකසා ගැනීම
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු සඳහා දිනයක් සැලසුම් කිරීමේදී ඔබ ඔබගේ දවස සැලසුම් කරන්නේ කෙසේ දැයි යන්න සැලකිල්ලට ගන්න. මෙහිදී සත්කාර සලසන්නට මුහුණ දීමට ඇති අභියෝගය වන්නේ අර්ථවත් ප්‍රයෝජනයක් තිබෙන මෙන්ම සතුටක් ගෙනදෙන
ක්‍රියාකාරකම් හඳුනා ගැනීමයි.
* වඩාත් හොඳින් ක්‍රියාත්මක වූයේ කුමන ක්‍රියාකාරකම්ද? අසාර්ථක වූයේ මොනවාද? ඒ ඇයි?
* ඉතා හොඳින් මෙම ක්‍රියාකාරකම්වල යෙදුණු සහ එසේ නොමැති අවස්ථා තිබුණේද?
* නිරායාසයෙන්ම කළ හැකි හා පහසුවෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකම් තිබුණේද?
* එම පුද්ගලයාගේ ජීවිතයට අරුතක් සතුටක් සහ බලාපොරොත්තුවක් ගෙන දෙන්න.
* මේ සඳහා ඔහුගේ දක්ෂතා සහ හැකියාවන් උපයෝගී කරගන්න
* ඔහුට තමා සාමාන්‍ය පුද්ගලයෙකු බව යන හැඟීම ලබා දෙන්න.
* පවුල සහ මිතුරන් සමඟ සම්බන්ධ කරවන්න.
* අභිමානවත් බව සහ වැඩිහිටියන් අගය කරන්න.
* විනෝදය සතුට ලබා දෙන්න.
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන ඔබගේ සහයට
ඇල්සයිමර්ස් රෝගය සහ ඩිමෙන්ෂියාවෙන් පෙළෙන අයගේ ජීවිතවල ගුණාත්මකභාවය දියුණු කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම ඔවුන්ට සත්කාර සලසන්නන්ගේ යහ පැවැත්ම වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් ඇරඹි ඇල්සයිමර්ස් පදනමේ සේවාවන් සියලු ආගම් සහ ජනවාර්ගිකයින්ට කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබා ගත හැකියි.
ලංකා ඇල්සයිමර්ස් පදනම, රටවල් 79ක සාමාජිකත්වයෙන් යුත් ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානයේ සාමාජිකත්වය හිමිකරගෙන සිටී.
ඔබ ඔබගේ මතකය පිළිබඳව හෝ ඔබට හිතැති කෙනෙකුගේ මතකය හා චරිත ලක්ෂණ ආදිය පිරිහීමට ලක්වන බවක් පෙනේ නම් හෝ ඩිමෙන්ෂියාවෙන් පෙළෙන කෙනකු රැක බලා ගන්නා පවුලේ සාමාජිකයකු නම්, ඩිමෙන්ෂියාව පිළිබඳ අධ්‍යාපනය හා පුහුණුවක් ලැබීමට කැමැත්තක් දක්වන්නේ නම්, සෞඛ්‍ය සේවා සපයන්නකු වශයෙන් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන කෙනකු යොමු කරවීමට බලාපොරොත්තු වන්නේ නම් ඇල්සයිමර් පදනම ඔබට නොමිලේම උපකාර කරයි.
රෝග ලක්ෂණ පිළිබඳ දැනුම්වත්ද?
ඩිමෙන්ෂියාව ඇති පුද්ගලයන් එකිනෙකට වෙනස් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. බලපෑමට ලක්ව ඇති මොළයේ ප්‍රදේශ අනුව එක් එක් පුද්ගලයා දක්වන රෝග ලක්ෂණ විවිධ විය හැකියි.
මින් සුලබවම දක්නට ලැබෙන රෝග ලක්ෂණය වන්නේ මතකය හීන වී යාමයි. සමහර අවස්ථාවලදී ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට අමතක වීම සිදුවිය හැකියි. එමෙන්ම බොහෝ පුද්ගලයන්ගේ මතකය වයසට යාමත් සමඟ අඩුවේ.
නමුත් ඩිමෙන්ෂියාව වැලඳුණු පුද්ගලයාට හිතවතුන්ගේ නම් පමණක් නොව තව නිවැසියන්ගේ නම් පවා අමතක වේ. කිසියම් දෙයක් කළ බව හා විමසූ බව නොදැන නැවත නැවත කිරීම හා විමසීම සිදු කරයි. ආහාර ගත් බව පිළිබඳ මතකයක් නොමැති නිසා නැවත නැවත ආහාර ගැනීම සිදුකරයි. යම් විදුලි උපකරණයක් විදුලි උදුන හෝ ගෑස් ළිප නිවා දැමීමට පවා අමතක විය හැකියි. එමෙන්ම මොවුන්ට දිනය හා කාලය පිළිබඳ හැඟීමක් නොමැති අතර ඔවුන් තමා සිටින ස්ථානය නොදැනීම නිසා සුපුරුදු ස්ථානවලදී පවා අතරමං වේ. ඔවුන් මීට පෙර හොඳින් දන්නා පුද්ගලයන් පවා හඳුනා ගැනීමට අපහසුවේ. ඩිමෙන්ෂියාව වැලඳුණු පුද්ගලයන් නිතරම වාගේ ව්‍යාකූලවන අතර ඔවුන්ගේ කල්පනා කිරීමේ, තීරණය ගැනීමේ හා ගණනය කිරීමේ හැකියාවන් දුබල වේ. ඔවුන් අවස්ථාවට නොගැළපෙන තීරණ ගන්නා අතර ගැටලු නිරාකරණය කර ගැනීමේ අසීරුතාවක්ද ඇති වේ. මුදලේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නැති වන අතර ඔවුන්ගේ මනෝභාවයන්වල ඇතිවන හදිසි වෙනස්කම් නිසා මුදල් පරිහරණය කිරීමේ අසීරුතාවන්ද මතුවේ.
ඩිමෙන්ෂියාව නිසා වසර කිහිපයක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් මොළයේ විශාල ප්‍රදේශයක ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති විය හැකියි. අවසානයේ මෙම පුද්ගලයන් ඉතා අසරණ වන අතර ඔවුන්ගේ එදිනෙදා සරල ක්‍රියාකාරකම් වන ඇඳුම් ඇඳීම, වැසිකිළි යෑම, ආහාර ගැනීම සඳහාද රැකබලා ගන්නන්ගේ පිහිට පැතීමට සිදුවේ.
ඩිමෙන්ෂියා රෝගය වැලඳී ඇත්දැයි හැඟුණොත් කළ යුත්තේ කුමක්ද?
වඩා වැදගත් වන්නේ හදිසි නිගමනවලට නොඑළඹීමයි. ව්‍යාකුල වන බව හා අමතක වන බව ඩිමෙන්ෂියා රෝගය යැයි වරදවා පූර්ව නිගමනවලට නොයා යුතුයි. එසේම ඩිමෙන්ෂියා රෝගය වයසට යාමේ දී නියත වශයෙන්ම ඇතිවන තත්ත්වයක්ද නොවේ. තවද අවපීඩන, ආසාදන සහ සමහර ඖෂධ ප්‍රතිකාරවල අතුරු ආබාධ වශයෙන්ද මීට සමාන රෝගී තත්ත්වයන් ඇති විය හැකි නිසා මේ පිළිබඳ ඔබ සැක සිතමින් කනස්සලු වේ නම් පසු නොතැවී ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.
වෛද්‍යවරයා ඔබගේ සියලුම රෝග ලක්ෂණ සලකා බලා අවශ්‍ය නම් වැඩිදුර පරීක්ෂණවලට භාජනය කරනු ඇත. නැතිනම් විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඔබව යොමු කරයි. ඩිමෙන්ෂියාව යැයි නිගමනය කරනුයේ මෙම රෝග ලක්ෂණ පෙන්විය හැකි වෙනත් රෝගයක් නොවන බව මේ ආකාරයෙන් වෛද්‍යවරයා විසින් තහවුරු කර ගැනීමෙන් පසුවයි. මේ නිසා පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් වේ.
ඩිමෙන්ෂියා රෝගීන් කල්තියා හඳුනාගතහොත් ඒ රෝගය ඇති බව පිළිගෙන, අනාගතය සැලසුම් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගැනීමටත් පියවර ගත හැකියි.
මෙම රෝගය සුව කිරීම සඳහා දැනට ප්‍රතිකාර නොමැති වුවත් ඩිමෙන්ෂියාව නිසා ඇතිවන සමහර රෝග ලක්ෂණ (විශේෂයෙන් ඇල්සයිමර් රෝගය නිසා) වර්ධනය වීම අඩාළ කරවිය හැකි ප්‍රතිකාර ක්‍රම ඇත.
ඔබ හෝ ඔබ දන්නා කවුරුන් හෝ ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙනවා නම් හෝ එසේ පෙළෙනවා යැයි සැකයක් ඇත්නම් ඔබ රෝගය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීම වැදගත් වෙයි.
* ඔබේ හැඟීම් පවුලේ සහ සමීප අය සමඟ බෙදා ගන්න.
* ඕනෑම වෙනස්කමක් වෛද්‍යවරයාට නොසඟවා පවසන්න.
* මේ සඳහා සේවා සලසවන්නන් පිළිබඳ දැනුම්වත් වී ඔවුන්ගේ සේවාවන් ලබාගන්න.
* මේ රෝගය වැලඳුන වෙනත් රෝගීන් හා රැක බලා ගන්නන් හමුවී සාකච්ඡා කරන්න. ඒ සම්බන්ධයෙන්
කටයුතු කරන සහාය කණ්ඩායම් හා සම්බන්ධ වන්න.
* හැකිතාක් දුරට ඔබ සිදුකරන සියලු එදිනෙදා කටයුතු තෘප්තිමත්ව කරන්න. ඔබ මින් පෙර සිදු කරන ලද සමාජයීය කටයුතුවල හැකිතාක් නියැළෙන අතර සමාජශීලී පුද්ගලයකු ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්න.
* යහළුවන් සමඟ තිබෙන සම්බන්ධතා වර්ධනය කරගන්න.
* ජීවිතයේ මුහුණ දෙන නව අසීරුතාවන් පිළිබඳ නොසැලෙන්න. ඒවාට මුහුණ දීම සඳහා අන්‍යයන්ගේ උපදෙස් හා උදව් ලබාගන්න.
උපදෙස් : කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍යාංශයේ ෙජ්‍යෂ්ඨ කතිකාචාර්ය,
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ
මනෝ වෛද්‍ය
ඇල්සයිමර්ස් පදනමේ සභාපති
මහාචාර්ය ෂෙහාන් විලියම්ස්