වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
පොඩි පොඩි app වලින් ලොකු වැඩ
දැන් මේ ඔන්ලයින් තාක්ෂණයෙන් උගන්නන ක්‍රමයත් එක්ක ෆෝන් එකක් අතේ නැති ළමයෙක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ ඉගෙන ගන්න දේ තවත් වැඩි දියුණු කරගන්න ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන අද අපි කතා කරමු.
Zoom Screen Recorder
දැන් ගොඩක් අය zoom online classes වලට සහභාගී වෙනවා. ගොඩක් අය නෙමෙයි, ඉගෙන ගන්න හැමෝම වගේ. සමහර දවස්වලට ඔයාට මේ ක්ලාස්වලට සහභාගී වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් ටීචර්ගෙන් හෝ යාළුවෙක්ට කියලා රෙකෝඩින් එකක් ලබා ගන්න. දැන් ටීචර් කෙනෙක්ට නම් පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න. හැබැයි සමහර ගුරුවරු එහෙම දෙන්න අකමැතියිනේ. ඒ නිසා ඔයාට පුළුවන් යාළුවෙක්ට රෙකෝඩ් කරගන්න කියලා කියන්න. සමහර වෙලාවට වෙනත් screen recorder වලින් සූම් මීටින් එකේ සවුන්ඩ් එක රෙකෝඩ් කරන්න බැහැ. ඒත් මේ ඇප් එකෙන් ඔයාට සවුන්ඩ් එකත් රෙකෝඩ් කරගන්න පුළුවන්.
Cam Scanner
මේකත් ගොඩාක් වැදගත් වෙන්නේ කලින් කතා කරපු ඇප් එක වගේ පාඩම මඟහැරුණු වෙලාවල්වලට. සාමාන්‍යයෙන් පාඩම් මඟහැරුණාම අපි කරන්නේ යාළුවෙක්ගෙන් ඒ සටහන් ඉල්ලගන්න එකනේ. එහෙම වෙද්දි යාළුවා ෆොටෝ ගහලා එවන සමහර සටහන් අපැහැදිලි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ ඇප් එක තියෙනවානම් මේකෙන් නෝට් එක ස්කෑන් කරල හරිම පැහැදිලිව මුළු නෝට් එකම ඔයාට ගන්න පුළුවන්.
google keep
ගූගල් හරහා නොමිලේ හිමිවන මේ සේවාව ඔයාගෙත් ෆෝන් ඒකේ තිබ්බට සමහර විට ඔයා මේකෙන් වෙන්නෙ මොකද්ද කියලා නොදැන හිටියා වෙන්න පුළුවන්. මේක පාඩම් වැඩවලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන ඇප් එකක්. කරන්න තිෙයන පාඩම් සහ වැඩවල ලිස්ට් හදන්න, කෙටි සටහන් හදන්න, රූප සටහන් අඳින්න, අවශ්‍ය පින්තූර හෝ සටහන් සේව් කරගන්න වගේම ඔයාට කරන්න තිෙයන වැඩවලට Reminders තියාගන්නත් මේ ඇප් එක උදවු වෙනවා.