පවුලේ ආර්ථිකයට ස්වයං රැකියාව හොඳම විසඳුමක්

ජනවාරි 22, 2020

පවුලක සාර්ථකත්වයේ ඇරැඹුම ගෘහණියයි. රැකියාවක් නොකරන ගෘහණියක් වුවද, ඔබ තුළ මනා ආර්ථික කළමනාකරණයක්, හොඳ සකසුරුවම්කමක් තිබිය යුතුයි. එය පවුලට අපූරු ශක්තියක් එකතු කරනවා. මෙවැනි බිරියක් නිතැතින්ම සැමියාගේ ඇගයීමට ලක්වෙනවා.

 

අද වනවිට දික්කසාදය විලාසිතාවක් වෙලා. ඔබ නොසිතුවාට මේ රැල්ලට යන දික්කසාදයට එක් හේතුවක් පවුලේ ආර්ථිකය අස්ථාවර වීම.

අගහිඟකම් ඉදිරි දොරෙන් එද්දි, ආදරය පෑල දොරෙන් පලා යනවා කියන්න ඒකයි. මුලින් “අපි ලුණුයි, බතුයි

කමු” කී පෙම්වතුන් විවාහකයන් වූ පසු එවැනි තොඳොල් වීමක් නැත. නව සහශ්‍රයේ සියල්ල මුදලට යට වී හමාරය.

හැමදේකටම මිලක් තිබෙනවා. වටිනාකම ඉහළයි. ඉතින් ආදරයට ද මිලක් කියන්නට දෙපාරක් හිතන්නේ නැහැ.

මෙවන් යුගයක සැමියා මෙන්ම බිරිය ද රැකියාවක නිරත විය යුතුයි. ඒත් රැකියා අවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැ.

ඇතැම් බිරින්දෑවරුන්ට නිවෙසින් පිටතට යන්නට අවසර ලැබෙන්නේ ද නැත. අවසර ලැබුණත් දරුවන් දමා යා නොහැක.

එමෙන්ම රැකියාවක නිරත වූවත් ඇතැම්විට ප්‍රවාහනයට, ඇඳුම් පැලඳුම්වලට, කෑමට බීමට යන මුදල් ප්‍රමාණය බැලූ විට ගන්නා වැටුප දිය වී හමාරය.

මෙන්න මේ කරුණු කාරණා නිසාවෙන් කාන්තාවකට රැකියාවක් කිරීම මහත් ගැටලුවකි.

එවන් වාතාවරණයකදී සැමියා ලබන වැටුප ප්‍රමාණවත් නොවූ තැන පවුල් ආරවුල් ඇති වේ.

බිරියට ලස්සනට අඳින්න, පලඳින්න, ආස කෑම බීම කන්න, නිවාඩුවකට විනෝද ගමනක් යන්න වගේ මානුෂික කාරණා ඉෂ්ඨ කරගන්න බැරි වූ අවස්ථාවලදී අනියම් සබඳතාවලට යොමු වේ. පුංචිම පුංචි හේතුවක් දුර දිග ගොස් දික්කසාද වන්නේ එවිටයි.

මෙවන් දේකට හොඳම විසඳුම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ලබාදී තිබෙනවා. ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කළ හැකියි. ඔබේ ඒ උත්සාහයට දිරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් නිරන්තරයෙන්ම ලැබෙනවා.

 

 

2020/01/22 තරුණි බලන්න

 

උපදෙස්

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ

සුධීර ජයරත්න