වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මහන මැෂිම ක්‍රියාකරවීමට අසුන්ගත යුතු නිවැරැදි පිළිවෙත
දේශීය වශයෙන් නිෂ්පාදනය වූ අත්යන්ත්‍ර රෙදිපිළි සඳහා කපුවගා කර ඇති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවේ. කුවේණියට සම්බන්ධ පුවත ප්‍රබන්ධයක් නොවන බව තහවුරු වන්නේ පුරාණ තම්මැන්නාව අයත් වර්තමාන විල්පත්තුව ආශ්‍රිතව වනගතව පවතින කපු වගාවක් පවතින බැවිනි.
පැහැදිලිවම කර්මාන්තයක් ලෙස පැවැති අතර කපු නෙළීම, වියළාගෙන කපු ඇට වෙන් කිරීම (කපු ඇට පුළුන්වලින් වෙන් කිරීමට සරල යන්ත්‍රයක් තිබී ඇත) අනතුරුව කපු කැට (චරකයක් මඟින්) නූල් නිපදවා රෙදිපිළි විවීම සඳහා ගන්නා ලදී. මේ සඳහා භාවිත කළ යන්ත්‍රය පිළිබඳ පැහැදිලි තොරතුරු මහනුවර උඩුදුම්බර ප්‍රදේශයට අයත් තලගුණේ ප්‍රදේශයෙන් හමුවේ. එමඟින් දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳ අපූර්ව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පුළුවන.
එලෙස නිපැයූ රෙදිපිළි ‘හීන් මල් පෙත්ත, මහ මල්පෙත්ත, අටපෙති මල, දැති මල, හාල් දඟය, කතුරු මල, දිය රැල, වුල්හැරේ, බෝ කොළ පන්නම් කුර, කල් පියුම, දොඹ මල ආදී මෝස්තර රාශියකින් සමන්විත විය. අපේ පුරාණ පේෂකාර ශිල්පීන් සතුව තිබූ නිපුණතාව මෙමඟින් හඳුනාගැනීමට ලැබේ.
මහන මැෂිම ක්‍රියා කරවීම සඳහා ඔබ අසුන් ගත යුතු නිවැරැදි පිළිවෙතක් තිබේ. එහිදී ඔබ අසුන ස්ථානගත කළ යුතු වන්නේ මැෂිමේ සවිකර ඇති ඉඳිකටුවට එක එල්ලයේය. මහන මැෂිමේ පැඩලය මත තබා ගත යුතු වන්නේ ඔබගේ දකුණු පාදයයි. එමෙන්ම වම් අත ඉදිරියෙනුත්, දකුණු අත පසුපසිනුත් තබා ගැනීම නිවැරැදි ක්‍රමයයි.
යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන මඳ වේලාවකින් පැඩලය මතට සරල තෙරපුමක් ලබා දෙමින් වේගය පාලනය කිරීම සඳහා පුහුණු විය යුතුය. යන්ත්‍රය ඔබේ ශරීරයේ කොටසක් ලෙස පහසුවෙන් ක්‍රියාත්මක කරවීම අත්‍යාවශ්‍ය කරුණකි. මේ සඳහා අවශ්‍ය වන්නේ නිරන්තර පුහුණුවයි.
* මහන මැෂිම පිරිසුදු කිරීම
මහන මැෂිමට ආදරය කිරීමට ඔබ පුරුදු විය යුතුය. දෛනික වැඩකටයුතු නිමාවේදී ඔබ දිය නා පිරිසුදු වෙනවා නොවේද? ශරීර ශක්තිය පවත්වා ගැනීමට ආහාර මෙන්ම, රෝගී වූ අවස්ථාවලදී ප්‍රතිකාර ලබා ගන්නවා සේම, මහන මැෂිම සම්බන්ධයෙන්ද ක්‍රියා කළ යුතුය. වැඩ නිමා කළ පසු මැෂිමේ දූවිලි සහ නූල් කැබැලි, රෙදි කැබැලි සහ ඉඳිකටු කොටස් ආදිය රැඳී තිබීමට ඉඩ ඇති බැවින් ඒවා බුරුසුවක් / රෙදි කැබැල්ලක් මඟින් ඉවත් කර ගත යුතුවේ. මේ සඳහා බුරුසුවක් ද යොදා ගැනීම ප්රශස්ත ක්‍රමයයි.
යන්ත්‍රයේ පහසු ක්‍රියාකාරීවයට මෙන්ම ඝර්ෂණයේ පීඩාව නැති කිරීම සඳහා නිර්දේශිත තෙල් යෙදීම ද අත්‍යවශ්‍ය කරුණකි. එසේම යම් යම් දෝෂ පවතී නම් කාර්මික ශිල්පියකු ලවා නොපමාවම නිවැරැදි කර ගැනීම ද අතිශය වැදගත් ය. මැෂිමේ නිවැරැදි ක්‍රියාකාරිත්වයට සහ කල්පැවැත්මට මෙය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ප්රශස්ත මැස්මක් සඳහා ද උපකාරී වෙයි.
අධිවේගී මහන මැෂිමක් ක්‍රියා කරවීමට සහ ක්‍රියා විරහිත කිරීමට උපාකරීවන කොටස් දෙකකි. ඒ,
* ON ස්විච්
* OFFස්විච්
මැෂිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බලය මෝටරයට ලැබෙන්නේ ON ස්විචය මඟිනි. මෝටරය ක්‍රියාත්මක වී තත්පර පහක පමණ කාලයක දී යන්ත්‍රය සූදානම්ය. මෙම තත්පර පහ අතිශය තීරණාත්මක වේ. මෙම කාලයට පෙර පැඩලය පෑගුවහොත් මෝටරය පිළිස්සී යාම සිදුවන බව තරයේ අවධාරණය කර ගත යුතුය. වේග පාලකය සඳහා ලබාදිය යුතු වන්නේ මෘදු පීඩනයකි. පමණට වඩා වැඩි තෙරපුමක් එයට ලබාදීමෙන් මැහුමට අවශ්‍ය පරිදි යන්ත්‍රයේ වේගය පාලනය කර ගැනීම අපහසු වේ. මෙය නිරන්තර පුහුණුව මඟින් ම ඇතිකරගත යුතු හැකියාවකි. මැහීම කරගෙන යන අතරතුර දී එය නතර කිරීමට අවශ්‍ය නම් පැඩලය පසුපසට පෑගිය යුතුය. එසේ වුවද මැෂිමට ලබාදී ඇති බලය එසේම පවතී. එය විසන්ධි කළ යුතු වන්නේ OFF ස්විචය මඟිනි. එසේ කළද තවත් තත්පර පහක පමණ කාලයක් මැෂිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය මෝටරයේ පවතී. එබැවින් OFF කළ පසු පැඩලය ඔසවා, ෂටලය ගලවා තැබීම නිවැරැදි පිළිවෙතයි.
උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ
ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්