වියළි මිදිවල සුපිරි බලේ

ජුනි 26, 2023

විවිධ ආහාර රසවත් කිරීමට යොදා ගන්නා වියළි මිදි එහෙමත් නැත්තම් මුද්දරප්පලම්වල වාසි බොහොමයි. වියළන ලද පලම් යනුවෙන් ද මේවා හඳුන්වයි. වියළන ලද ප්ලම් ආහාරයට ගැනීමෙන් සිරුරේ බර අඩුවීම, ආහාර ජීර්ණය වැඩිදියුණු වීම, අස්ථි වල පැවැත්ම සහ රුධිරය නිරෝගි වීම ආදී බොහෝ ප්‍රතිලාභ ලැබේ. මෙම වියළි පලතුරුවල විශේෂයේ සිරුරට වැදගත් පෝෂක ‍රැසක් අන්තර්ගත වේ. දිනකට වියළි මිදි 6 ක් අනුභව කිරීමෙන් මේ සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකි බවයි. පැවසෙන්නේ අතුරු ආහාරයක් ලෙසත් මේවා පරිභෝජනයට සුදුසුයි.

 

සිරුරේ බොහෝ ක්‍රියාකාරීත්වයන්ට සහය ලබාදෙයි

 

වියළි මිදි ග්‍රෑම් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 732ක් පමණ අන්තර්ගත වේ.මෙම ප්‍රධාන ඛනිජ ලවණ විශේෂය සිරුරේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට වගේම බොහෝ රෝග වැළැක්වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයක් වේ.ආඝාතය වැලඳීමේ අවධානම අවම කිරීම, අස්ථි වල නීරෝගිබව ‍රැකගැනීම, නීරෝගි මාංශ පේශි වර්ධනයක් ඇතිවීමට සහය දීම සහ ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර වැඩිදියුණු කිරීම එම ප්‍රතිලාභ අතර වේ.දිනකට පුද්ගලයකු විසින් ලබාගත යුතු පොටෑසියම් පෝෂක ප්‍රමාණය මිලිග්‍රෑම් 4700 ක් පමණ බව නිර්දේශයයි. කොළ පැහැති පත්‍ර, එළවළු, කෙසෙල්, ඇපල් වගේ පොටෑසියම් බහුල ආහාර වලට අමතරව මෙම වියළි ප්ලම් වලින් ද ඔබට හොඳ පොටෑසියම් පෝෂණයක් ලබාගත හැකියි.

 

රුධිරයට හිතකරයි

සිරුරේ ප්‍රමාණවත් ලෙස යකඩ නොමැතිවීම හේතුවෙන් රක්තහීනතාව ඇතිවිය හැකිය. එපමණක් නොව මෙම සෞඛ්‍යය ගැටලුව වෙනත් බරපතළ සංකූලතා වලට හේතු විය හැකියි. බරපතළ තෙහෙට්ටුව, හෘද හෝ පෙනහළු ආශ්‍රිත ගැටලු, ගර්භණීභාවය සම්බන්ධ ගැටලු අපහසුතා ඒ අතරින් ප්‍රධානය. වියළි ප්ලම් යනු හොඳ යකඩ පෝෂක මූලාශ්‍රයකි. මේවා ඔබේ ආහාරයට එක්කර ගැනීමෙන් රක්තහීනතාව ඇතුළු යකඩ ඌනතා ගැටලු ඇතිවීම අවම කරගත හැක.

 

ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි 

 

වියළි මිදිවල ආහාර ජීර්ණයට වැදගත් වන තන්තු බහුලව අඩංගු වේ. එක් කෝප්පයක ද්‍රාවීය තන්තු ග්‍රෑම් 12 ක් පමණ අන්තර්ගත වේ. එපමණක් නොව ඒවායේ ස්වභාවික විරේචක සංඝටකයක්වන සෝර්බිටෝල් අඩංගු වේ. එමඟින් බඩවැල් චලනය උත්තේජනය කරමින් සහය දේ.

 

මලබද්ධය පාලනය කරයි

 

මලබද්ධයෙන් පෙළෙන විට ඉන් ඇතිවන දැඩි පීඩනය මූත්‍රාශයට බලපායි. එමෙන්ම නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඔබට ඇතිවීමට හේතුවෙයි. මලබද්ධය සමනය කරගැනීමට ඵලදායි පිළියමක් ලෙස මෙම විශේෂ මිශ්‍රණය පරිභෝජනයට ගන්න. ඇපල් සෝස් කෝප්ප 1, ඕට්ස් නිවුඩු (bran) හෝ පිරිපහදු නොකල තිරිඟු නිවුඩු, සහ මුද්දරප්පලම් ගෙඩි යුෂ කෝප්ප 3/4 එකට මිශ්‍රකරන්න. මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 1-2 ක් ජලය මිලිලීටර් 240 ක පමණ මිශ්‍ර කර සවස් කාලයේ පානය කරන්න.

 

සිරුරේ බර අඩුකර ගැනීමට සහය ලබාදේ

 

මුද්දරප්පලම්වල අඩංගු ඉහළ තන්තු අන්තර්ගතය නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පසු බඩ පිරුණු ගතියක් දැනෙන නිසා වැඩි කාලයක් පුරාවට කුසගිනි ඇති නොවේ. ඉන් ඔබ ආහාර ගන්නා වාර සීමා වි සාර්ථකව බර පාලනය කරගැනීමට සහය ලැබේ.

 

අස්ථිවල නීරෝගිබව සහ ශක්තිමත්බව ‍රැකගනියි

 

ඔස්ටියෝපොරෝසිස් රෝග අවදානමක් ඇති පුද්ගලයින්, විශේෂයෙන්ම කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයින් සිරුරේ අස්ථි ඛනිජ ඝනත්වය අඩුවීමක් අත්විඳිති. එක්තරා අධ්‍යයනයකදී මුද්දරස්පලම් ආහාරයට ගැනීම ඔස්ටියෝපොරෝසිස් ආර්තවහරණයෙන් පසු අවදානමක් ඇති කාන්තාවන් හට ඇති කරන බලපෑම් පිළිබඳ සොයාබලන ලදි. එහි ප්‍රතිඵලවලදී අනාවරණය වූයේ මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් මෙවැනි අස්ථි රෝග අවදානම් වළක්වාගැනීමට ප්‍රතිලාභ ලබාදෙන බවය.

 

රුධිර පීඩනය අවම කරයි

ඇතැම් අවස්ථාවල අධි රුධිර පීඩනය සම්බන්ධ පැහැදිලි රෝග ලක්ෂණ මතුනොවෙතත් ඉන් යමෙකු හට හෘද ගැටලු, අක්මාව ආශ්‍රිත රෝග සහ සිරුරේ වෙනත් ගැටලු හටගැනීමේ අවදානම වැඩිවීමට බලපෑ හැකියි. ඇතැම් ආහාර පාන හරහා අධි රුධිර පීඩනය නියාමනය කිරීමට හැකිය. වියළි ප්ලම් ඊට තවත් උදාහරණයකි. වියළි මිදි, වියළි රටඉඳි වැනි වෙනත් වියළි පලතුරු සමඟ සංයෝගකර ආහාරයට ගත හැකියි.

 

සිරුරට හොඳ විටමින් පෝෂණයක්

 

ස්වභාවිකව ඔබේ සිරුරේ විටමින් සමතුලිතතාව වැඩි දියුණු කිරීමට මුද්දරප්පලම්වලට හැකියි. ඒවායේ ඔබේ ඇස් පෙනීම සහ සිරුරේ නීරෝගි වර්ධනයට සහය දෙන විටමින් A බහුලය. එපමණක් නොව විටමින් C, K, B6 ආදි ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය පෝෂක යහමින් අඩංගු වේ. වියළි මිදි වල සිරුරේ සමස්ත නීරෝගි බවට හා වර්ධනයට ප්‍රතිලාභ දෙන තඹ සහ මැංගනීස් ආදි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ද අන්තර්ගත වේ.

 

 

 පෝෂණවේදී

විශේෂඥ වෛද්‍ය

රේණුකා ජයතිස්ස