වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවන්ගේ කටයුතු සීමා කරන 'ඇදුම'
ඇදුම පීඩාකාරී රෝගයකි. තම දරුවන් ඇදුම රෝගයෙන් පීඩා විඳීම මාපියන්ට ද අසීමිත වේදනාවකි. ඒ නිසාම ඇදුම රෝගය පිළිබඳ දැනුවත්ව සිටීම අතිශය වැදගත් දෙයකි. මේ විමසුම ආදරණීය මාපිය ඔබේ දැනුවත් වීමටයි.
ඇදුම රෝගය හඳුනා ගැනීමට රසායනාගාර පරීක්ෂණ කළ යුතු ද?
නැත. අත්දැකීම් ඇති ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට ඇදුම රෝගයේ රෝග ලක්ෂණ විශ්ලේෂණය කිරීමෙන් ඒ බව පහසුවෙන් ම හඳුනාගත හැකියි. ඇදුම රෝගය බව නිශ්චිතව හඳුනාගත නොහැකි නම් පමණක් දරුවා පරීක්ෂණවලට යොමු කෙරේ.
මොනවද මේ පරීක්ෂණ?
පපුවේ එක්ස් කිරණ ඡායාරූපයක්, රුධිර පරීක්ෂණ ආදිය සිදුකෙරේ. මෙම පරීක්ෂණ මඟින් වෙනත් රෝග තත්ත්ව ද ඇත්නම් ඒ බව ද හඳුනාගත හැකිවේ. මීට අමතරව පීක් ෆ්ලෝ මීටර් පරීක්ෂණය සහ ස්පයිරෝ මීටර් පරීක්ෂණය ඇදුම රෝගය හඳුනා ගැනීමට උදවු වේ. මෙම පරීක්ෂණ කිරීමට දරුවාට වයස පහ පමණ වන දැනුම් තේරුම් ඇති වයසක පසුවිය යුතුයි.
ඇදුම රෝගයේ ලක්ෂණ මොනවද?
කැස්ස, හතිය/රාං රූං ශබ්දය, පපුවේ තද ගතිය, හුස්ම ගත්තා මදිය යන හැඟීම, ආශ්වාස කළ වාතය ප්රාශ්වාස කිරීමේ අපහසුතාව, අධික වෙහෙස ගතිය සහ කම්මැළිකම
ඇඳුමට සමාන වෙනත් රෝග ලක්ෂණ
හතිය, ඇදුම, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇදුම රෝගය ට පමණක් පොදු රෝග ලක්ෂණ නොවේ. ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්වන්නේ ඇදුම උත්සන්න අවස්ථාවල දී පමණි.
* සංජානනීය හෘද ආබාධ (nebulizer treatment)
* ආමාශයේ ආම්ලික ඇසිඩ් ඉහළට ගලා ඒම(GORD)
* ස්වර තන්තුවල අසාමාන්‍යතා vocal cord dysfunction)
* කෝටරක ප්‍රදාහය (sinusitis)
වැනි ඒවා ඇදුම රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වන රෝග කිහිපයකි.
ඊට අමතරව පෙනහලු ආශ්‍රිතව පවතින තවත් රෝග ඇදුම රෝගයේම ලක්ෂණ පෙන්වයි. බ්රොන්කිඑක්ටැසීස් (ඡපධදජඩඪඥජබචඵඪඵ)- (ස්වාස නාළිකා අනවශ්‍ය ලෙස විස්තාරණය වීම)/සංජානනීය ව ඇතිවන පෙනහලුවල අසාමාන්‍යතා ඇතුළු පෙනහලු ආශ්රිත රෝගවලදීත් හතිය, කැස්ස, ඇදුම යන රෝග ලක්ෂණ පෙන්වයි.
පළපුරුදු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට තමන් සතු අත්දැකීම් උපයෝගි කරගෙන දරුවකුට ඇත්තේ ඇදුම ද නැත්නම් එම රෝගයේ ලක්ෂණ පෙන්වන වෙනත් රෝගයක් දැයි නිගමනය කිරීම අපහසු වන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල දී මේ සඳහා දරුවා විශේෂිත වූ පරීක්ෂණවලට යොමු කරයි. * උරස් කුහරයේ ඛ්ඊ ඉජචද පරීක්ෂණ
* ශ්වසන මාර්ගයේ පිහිටීම දැන ගැනීමට බ්රොන්කොස්කෝප් පරීක්ෂණ ස්වරාලයේ ස්වරතන්තු ක්‍රියාකාරිත්වය සඳහා ලැන්රිගොස්කෝප් පරීක්ෂණය
* අන්තස්රෝතයේ ඇසිඩ් මට්ටම පරීක්ෂාව
ඉන් කිහිපයකි.
මෙරට ශික්ෂණ රෝහල් සහ බොහෝ මහ රෝහල්වල මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා පහසුකම් තිබේ. ඔබේ රෝහලේ මෙම පහසුකම් නොමැති නම් වෙනත් ප්‍රධාන රෝහලකට හෝ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කරනු ඇත. මෙවැනි සංකීර්ණ අවස්ථාවල දී ළය රෝග පිළිබඳ, උගුර, කණ, නාසය පිළිබඳ සහ විකිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සමඟ සාමුහිකව එක්වී රෝගීන්ගේ රෝග සත්කාරය සිදු කරයි.
නිට්ටාවටම සුව කළ හැකිද?
ඇදුම ඇති වීමට නැඹුරුව සහ ඇදුම තත්ත්වය උත්සන්න වීම යනු අවස්ථා දෙකකි. රෝග ලක්ෂණ මතුවන්නේ ඇදුම උත්සන්න වූ විට පමණි. ඇදුම ඇති වීමේ නැඹුරුතාවක් ඇති දරුවකු කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ජීවත් විය හැකියි. නමුත් මෙම අවදානම ජීවිත කාලය පුරාවටම පවතී. මෙම රෝග බොහෝවිට සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි. නමුත් ශරීරයේ අභ්‍යන්තර සාධක බැහැර කළ නොහැකි නිසා නිට්ටාවටම සුව කිරීමක් පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවේ සාකච්ඡා වන්නේ නැත. නමුත් මුල් ළමා වියේ දී ඇතිවන වෛරස් ආසාදන හා බැඳුණු හතිය දරුවා වැඩෙත්ම මඟ හැරී යා හැකියි.
බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා ඇති ප්‍රතිකාර
* මුඛයෙන් ලබාදෙන ප්‍රතිකාර (oral treatment)
* ශ්වසන මාර්ගයට සෘජුවම ඇතුළු කරන ඉන්හේලර් (inhaler treatment) සහ නෙබියුලයිසර් (nebulizer treatment) ප්‍රතිකාර
* ශිරා තුළට ඇතුළු කරන ප්‍රතිකාර - මේවා තදබල ලෙස ඇදුම උත්සන්න වන අවස්ථාවල දී පාවිච්චි කෙරේ.
එක් එක් දරුවා සඳහා වූ ප්‍රතිකාරය තීරණය වන්නේ ඇදුම උත්සන්න වන වාර ගණන සහ දීර්ඝකාලීන ඉන්හේලර් ප්‍රතිකාරය සඳහා යොමු කිරීම යන කාරණා කෙරෙහි කෙරෙහි සැලකිලිමත් වෙමිනි.
එදිනෙදා කටයුතු සීමා වීම
ඇදුම රෝගී දරුවකුගේ දෛනික කර්තව්‍යයන් යම් යම් අයුරින් සීමා වේ.
* දරුවාට කැමැති ආහාරයක්, කැමැති වේලාවක ගැනීමට නොහැකි වීම
* පාසල් යෑම සීමා වීම
* ස්නානය කිරීම සීමා වීම
* ක්‍රීඩා කටයුතු සීමා වීම
* රාත්‍රී නින්දට නිතරම කැස්සෙන් බාධා වීම
* මසකට වරක් හෝ ඊට වැඩි වාර ගණනක් පවුලේ වෛද්‍යවරයාගෙන් මුඛ ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වීම
* මාරාන්තික ඇදුම රෝග තත්ත්ව (life threatening asthma එක්වරක් හෝ වැලඳීම
* තදබල ඇදුම උත්සන්න වීම් කිහිපවරක් වැලඳීමතදබල ඇදුම උත්සන්න වීම් සිදු නොවේ නම් වඩාත් සුදුසුවන්නේ අවශ්‍ය වූවිට පාවිච්චි කළ හැකි සහනක ඉන්හේලර් සඳහා දරුවා යොමු කිරීමයි. මෙම ඉන්හේලර් භාවිත කිරීමේ දී ඇදුම නිසා ඇතිවන රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් කළ හැකියි. එහෙත් මාපියන් වැඩිදෙනා මේ ප්‍රතිකාරය සඳහා කැමැති නොවේ.
ලබන සතියේ ඉන්හේලර් වර්ග පිළිබඳ සවිස්තරාත්මකව
උපදෙස් -
කෑගල්ල මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස්