වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොරෝනා සතුරාගෙන් බේරෙන්න නම් ව්‍යායාම කරන්න
රෝගවලින් ආරක්ෂා වෙන්න ළිප් ගල් තුන වගේ අපට උදව් වෙන කාරණා තුනක් තිබෙනවා. සමබල ආහාර ගැනීම, ව්‍යායාම කිරීම, යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඒ කාරණා තුනයි.
එහෙත් වසංගතයක් නිසා නිවෙසට ම කොටුවී සිටියදී වැඩි දෙනෙක් වඩාත් හොඳින් හුරුපුරුදු කරගත යුතු මේ කරුණු තුනම අමතකකර දමනවා. කැමැති කැමැති දේ ආහාරයට ගැනීම, පුංචි තිරයේ එසේත් නැත්නම් ජංගම දුරකථන හෝ පරිගණක ඉදිරියේ සෙල් පිළිමයක් වීම බහුතරයකගේ දෛනික කාර්යයන් වෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දිගු කාලයක් සංචරණ සීමා පනවා ඇති විටක නිවෙසටමවී සිටීම යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කර ගැනීමට ලැබෙන හොඳ කාලයක් වුණත් සිදුවන්නේ වෙනකක් බවයි. ස්වයං නිරෝධායනය මානසික ආතතිය ඇතිකරන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් නිසා මේ අන් කවර කාලයකටත් වඩා ව්‍යායාමය ගැන සිත යොමු කළ යුතු කාලයක්. සතියකට මිනිත්තු 150ක් සාමාන්‍ය ව්‍යායාමයක නිරත වීම හෝ වෙහෙස ගෙන දෙන ව්‍යායාමයක මිනිත්තු 75 ක කාලයක් නිරත විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.
නිවෙසටම කොටුවී සිටින කාලයේ අපට වැඩි වෙහෙසක් දරන්නේ නැතිවම කළ හැකි ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා.
දවස ගෙවන්නේ කොහොමද කියමින් සිත සිතා ඉන්නේ නැතිව දවස පුරා කෙටි කෙටි ක්‍රියාකාරකම්වල යෙදෙන්න. දරුවන් සමඟ සෙල්ලම් කරන්න. නිවෙස පිරිසුදු කිරීම, ගෙවතු වගාව වැනි ක්‍රියාකාරකමක යෙදෙන්න.
ඔන්ලයින් සිරකරුවකු නොවී ඔන්ලයින් සිරුර ක්‍රියාකරවීමට ආධාරකයක් කර ගන්න. යූටියුබ් යන ඔබට ඕනෑ තරම් නො මිලයේ පවත්වන ව්‍යායාම පන්ති සොයා ගැනීමට පුළුවන්. තමන්ගේ සිරුරේ සීමා මායිම් දැනගෙන මෙවැනි ව්‍යායාම පන්තියකට සම්බන්ධ වන්න.
ව්‍යායාම ගැන කතා කරන විට ඇවිදීම අංක එකට එන ක්‍රියාකාරීකමක්. ඔබ නේවාසිකව සිටින්නකු විය හැකියි. ඔබට ඇවිදීමට ඇත්තේ සීමිත ඉඩක වුවත් එය ප්‍රමාණවත්. ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නා විට, දුරකථනයට ඇමතුමක් ලැබෙන විට ඇවිදිමින් කතා කරන්න.
තත්පර 30කට වරක් වත් ඇවිදින්න. නිවෙසේ සිට රජකාරි කළත් වරින් වර මොළය උත්තේජනය වන ප්‍රහේළිකා විසඳීම, කියවීම වැනි ක්‍රියාකාරකම යෙදෙන්න.
භාවනාව හා ගැඹුරින් හුස්ම ගැනීම, සිත සන්සුන් කිරීමට උපකාරී වෙනවා.
සිරුරේ ශක්තිය, නම්‍යශීලීභාවය වර්ධනය කරන ව්‍යායාමවල නිරත වීම ඉතා වැදගත්.