වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
අත් බෙහෙත්වලින් දියවැඩියාව සුව කරගන්නා ශාස්ත්‍රය
![](https://www.tharunie.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/38_35.jpg?itok=xF9-dp8M)
ආයුර්වේදයේ ප්‍රමේහ රෝග ලෙස හඳුන්වන්නේ දියවැඩියාවයි. මෙම රෝගය ද වර්තමානයේ බහුලවම පවතින නිට්ටාවට සුව කළ නොහැකි රෝගයකි. වයස් භේදයකින් තොරව පවතින මේ රෝගයේ මේහ යන්නෙහි අර්ථය ත්‍රා පහ කිරීම යන්නයි. ප්‍රමේහ යනු වඩාත් ත්‍රා පහ කිරීමයි. ප්‍රමේහය රෝගයේදී ත්‍රා පද්ධතියේ සිදුවන විවිධ විකෘතීන් අනුව පහළ වන රෝග ලක්ෂණ අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ප්‍රමේහ රෝගයන් කොටස් ගණනාවකට බෙදා තිබේ.
මේ රෝගය වැලදෙන්නේ ඉතා මධුර පස්ගෝ රස වැඩි වශයෙන් භාවිතයට ගැනීමත් අද කාලයේදී කේක්, අයිස් ක්‍රීම්, චොකලට් ආදී පැණිරස කෑම ඉතා බහුලව ආහාරයට ගනිමින් ඇඟපත නොසොල්වා අධික ලෙස නිදියෑම හේතුවෙන් වෙයි.
මෙහි සාමාන්‍ය රෝග ලක්ෂණ වන්නේ බහුලව වැඩි වාර ගණනක් ත්‍රා පිටවීම, අධික පිපාසය, උගුර කට වියළි ගතිය, පාද අතුල්පතුල් දාහ ගතිය, ශරීරයේ අත්පා හන්දි වේදනා ගතිය, ත්රාවල වර්ණය, ගන්ධය, අපිරිසුදුතාව, ත්‍රා උකු ගතියෙන් පැවතීම, සෑම ප්රමේහයකදීම පොදු රෝග ලක්ෂණයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ වාත ප්රබලව ප්‍රමේහ හතරක් ද පිත්ත ප්‍රබල ප්‍රමේහ හයක්ද කප ප්‍රබල මේහය දහයක් ලෙස බෙදා තිබේ.
මෙහිදී මුලින්ම හඳුන්වන්නේ උදක මේහයයි. මෙම රෝගියා නිතර නිතර ත්‍රා බැහැර කරයි. බහු ත්‍රා හෙවත් දියවැඩියාව ලෙස මෙය හඳුන්වයි. මේ රෝගී අවස්ථාවේ ත්‍රා සාමාන්‍යයෙන් ජලයට සමාන වෙයි. සාමාන්‍යයෙන් වකුගඩු පමණ ඉක්මවා ක්‍රියා කිරීම ලෙස හේතු දක්වයි. අධික ලෙස ජල පානය, තේ පානය වෙනත් බීම වර්ග ගැනීම අධික ත්‍රා කාරක තැඹිලි වැනි බීම මෙන්ම නිතර හදිසි බය, ශෝකය වැනි මානසික ආතතිය පවත්වන අයට මෙම රෝගය වැලඳෙයි.
ඉක්ෂු මේහය
මෙම රෝග අවස්ථාවේදී ත්රාවල පමණක් සීනි පවතී. මේ රෝගය වැලඳීමට හේතුව වන්නේ මඤ්ඤොක්කා, අල, තිරිඟු පිටි වැනි පිෂ්ඨ අධික ආහාර හා වටලප්පම්, පුඩින් වැනි දේ අධික ලෙස ගැනීමයි. මෙම රෝග තත්ත්ව අධික වීමේදී වාතය ප්‍රකෘති වී වාතික මධුමේහ තත්ත්වයට පත්වේ. එවිට රුධිරයේ සීනි ප්‍රමාණය ද ඉක්මවා ඉහළ නගයි.
සාන්ද්‍ර මේහය
මේ රෝග අවස්ථාවේ ත්රාවල මණ්ඩි පිහිටයි. මේ ත්‍රා භාජනයකට දමා නිශ්චලව තැබූ විට මෙහි මණ්ඩි කොටස් භාජනයේ අඩියේ පිහිටයි.
සුරා මේහය
ඉහත අවස්ථා සේම ප්‍රමේහයක් වන මෙය ඇසිටෝන් යූරියා අවස්ථාව
ප්රමේහයේ දරුණු ලක්ෂණයක් ලෙස සලකයි. ඇල්කොහොල් සහිත ආහාරපාන ගැනීමෙන් මෙම රෝගය වැලඳීම හා උග්‍රවීමත් සිදුවෙයි.
පිෂ්ඨ මේහය
ඉහත අවස්ථාවන්ට වඩා ත්‍රා සමඟ ශිෂ්ට කොටස් මණ්ඩි පිටවෙයි. පරිප්පු වර්ග ආහාරයට ගැනීම අධිකවීම නිසාත් වයසින් මුහුකුරා යන අයට රෝගය වැලඳීමේ ප්‍රබලතාවක් තිබේ.
ශුක්‍ර මේහය
ත්‍රා පිටවීමේදී ශුක්‍ර ධාතු කොටස් හෝ එහි කිසියම් කොටසක් පිටවන බව පෙනේ. ස්ත්‍රී ලිංගික ක්‍රියාවලියේ වෙනස් වීම් ද සිදුවෙයි.
ශීත මේහය
ශරීරයේ ශීත උෂ්ණ දෙකම අනුව මේ රෝගය හට ගනියි. ත්‍රා දැවිල්ල වැනි ත්‍රා තාපය හා රක්ත තාපය සමාන වෙයි.
සිකතා මේහය
බොහෝවිට ත්‍රා සමඟ ආශ්මරී හෙවත් ත්රාගල් කොටස් පිටවන බව පෙනේ.
ශනෛර් මේහය
ත්‍රා මාර්ගයේත්, ගුද මාර්ගයේත් වේදනාවන් දැනීම නිසා වරින්වර ස්වල්ප ත්‍රා පිටවෙයි.
ලලා මේහය
ත්‍රා සමඟ ප්‍රෝටීන් පදාර්ථය අධිකව පිටවීමයි. මේ අවස්ථාවේම කායික දුබලතා, ඇඟපත වේදනාව මෙහි රෝග ලක්ෂණයි
ක්ෂාර මේහය
විවිධ හේතු නිසා ත්‍රා බැහැර නොකර වැඩි වේලාවක් ත්රාශයේ තබාගත් විට මෙම රෝගය වැලඳෙයි.
හරි මේහය
ත්රාවලට වැඩි වශයෙන් පිත එකතුවීමෙන් ත්‍රා කහ පැහැගැන්වීම සිදුවේ.
මධු මේහය
ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම පවතින බහුල ප්‍රමේහ රෝගයයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙය නිට්ටාවට සුව කිරීමේ පිළියම් ද ඇත. මෙහිදී ද ත්‍රා සමඟ අධික ලෙස සීනි පිටවෙයි.
එම ත්‍රා ඇඳුම්වල දැවටුණු විට කුහුඹුවන් ඇදී එයි. අධික ලෙස සීනි ලේවලට එක්වීම මෙහි භයානකම තත්ත්වයකි. මධුමේහය කාලයක් පවතින විට අත්පා හිරිවැටී ශරීර බහිස්රාවී ඉන්ද්රිය පද්ධතිය දුබල වෙයි. ඇස් පෙනීම දුර්වල කරයි. ලිංගික ක්‍රියාවලිය දුර්වල වෙයි. තමාගෙන් බිහිවන දරුවන්ට ද මේ රෝගය දායාද වෙයි. අප සීමාරහිතව ගන්නා දේ, පිෂ්ඨ පදාර්ථ මෙන්ම අධික මධුර ආහාර මේ සියලු රෝගයන්ට හේතු වෙයි.
මේ සඳහා ප්‍රායෝගික චිකිත්සාවක් ලෙස රණවරා ගහේ පස්පංගුව සමානව කොටස් දොළහකට ගෙන වතුර පත අට එකට සිඳගෙන උදේ භාගයක් හා සවස භාගයක් ද මී පැණි භාගයක් එක්කර බීමෙන් ඉතා හොඳ සුවයක් උදාකරගත හැකියි. එමෙන්ම වෙනිවැල්ගැට, කොත්තමල්ලි, කපු ඇට කලං දෙක බැඟින් රණවරා කෝපපයක් ගෙන
චන්ද්‍ර ප්‍රභා වටී සමඟ පානයෙන් සුවයක් ලැබෙයි.
දිනකට බෝතල් දෙක තුනක් වතුර පානය කිරීම, මද විරේකයක් යුතු ආහාරපාන ගැනීම ඉතාමත් සහනයක් වෙයි. සතියට දින දෙකක් පමණ තෙබු කොළ සලාද හෝ මැල්ලුම ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වෙයි. එසේම රණවරා කොළ කැඳ සාදා බීම ද ඉතා ගුණ වෙයි.