කියවීම යනු

නොවැම්බර් 27, 2019

ඔබ පාසල් වියේ පසුවන දරුවන් සිටින මවක හෝ පියකු විය හැකිය. එසේම ඔබ පෙර පාසල් ගුරුවරියක හෝ ප්‍රාථමික ශ්‍රේණිවල දරු දැරියනට උගන්වන ගුරු මවක් විය හැකිය. එසේ නොවූවත් කුඩා දරුවන් සමඟ කටයුතු කරන වැඩිහිටියකු විය හැකිය.

ඔබ මේ අය අතරින් කුමන භූමිකාවක සිටියත් කුඩා දරුවකුගේ වැඩීම පිළිබඳවත්

පාසල් වියේ පසුවන ප්‍රාථමික, ද්විතියික අංශවල ඉගෙනුම ලබන දරුවන් තුළ දැකිය හැකි කියවීමේ ගැටලු, ලිවිමේ ගැටලු හා අවාචික ඉගෙනුම් දුබලතා පිළිබඳව වැටහීමක් අවබෝධයක් තිබිය යුතුය.

අප පසුගිය සතියේ ඔබට පහදා දුන්නේ ඒ පිළිබඳවයි. එහිදී කියවීමේ දුබලතාව එනම් ඩිස්ලේක්ෂියා තත්ත්වය හඳුනාගන්නේ කෙසේද යන පැනය ඔබට නැගෙන්නට ඇති. එසේම තම දරුවා එවැනි තත්ත්වයක පසුවන්නේ නම් එය මඟහරවා ගන්නට කළ යුත්තේ කුමක්ද යන පැනය හමුවේ ඔබේ සිත බියට පත් වන්නට ඇති.

එහෙත් ඩිස්ලේක්ෂියා තත්ත්වය තිබේ යැයි හඳුනාගත් පමණින් ඔබ බියට පත් නොවන්න. එලෙස කිසියම් සැක සහිත බවක් හඳුනාගත හොත් මුලින්ම ඔබ කළ යුත්තේ දරුවා හොඳින් අධ්‍යයනය කිරීමයි. ඒ තුළින් නිගමනයකට පැමිණ පසුව දරුවාට අවශ්‍ය ඉගෙනුම් සහය ලබාදිය යුතුය.

එසේ නම් මුලින්ම අප කියවීමේ දුබලතා පිළිබඳව වැටහීමක් ලබා ගන්නට උත්සාහ කරමු.

කියවිමේ දුබලතා සහිත දරුවන් කියවීමේදී දක්වන දුර්වලතා පහත පරිදිය.

*එවැනි දරුවන්ට අකුරු කියවීමේදී එහා මෙහා ගමන් කරන ලෙස

පෙනේ. ( අකුරු නටන ලෙස පෙනේ )

*වයසට යෝග්‍ය ලෙස කියවීමට, ලිවීමට හෝ අකුරු වෙන වෙනමකියවීමට නොහැකි වේ.

කියවීම යනු නිර්මාණාත්මක හැකියාවක් වන අතර එය මොළයේ සෛල හා සම්බන්ධ සංකීර්ණ සංජානන ක්‍රියාවලියකි. දෘශ්‍ය පද්ධතියේ හෝ උපායශීලී කාර්යයක් වන අතර භාෂාවක සංකේත පිළිබඳ දැනුම අර්ථකථනයයි.

කියවීමේ ක්‍රියාවලියේදී එම සංකේත අර්ථ නිරූපණය කිරීම වැදගත් වේ.

කියවීමේ පළමු අදියර වන්නේ සංකේතවල අනුපිළිවෙළ තේරුම් ගැනීමයි. දෙවැනි අදියර වන්නේ එලෙස තේරුම්ගත් සංකේතවල අර්ථ නිරූපණයයි.

දැන් අපි කියවීමේ දුබලතා ඇති දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ හඳුනාගනිමු.

 

* අකුරු කියවීමේදී අකුරු එහා මෙහා ගමන් කරන

බව දරුවා පැවසීම

* වචනවලින් ශබ්දය හැසිරවීමේ අපහසුතාව

උදා. අකුරුවල ශබ්ද වචන හා ගැළපීමට අපහසුවීම

* තනිව හා කණ්ඩායම් පසුබිමක ශබ්දනඟා කියවීමට අකැමැතිවීම

උදා. ජන්ම වයසට යෝග්‍ය ලෙස කියවීමට නොහැකි වීම

* දුර්වල හා නොගැළපෙන අක්ෂර වින්‍යාසය

උදා. කියවීමේදී අකුරු අඩුවෙන් කියවීම

සල් මල් - සල මල

පාට පාට - පට පට

 

* කියවීමේදී අකුරු හැඩතල පෙරළීම

උදා. ඉංගී‍්‍රසි භාෂාවේ අක්ෂර සමඟ එන ‘ඡ’ වෙනුවට ‘ඤ’ සහ ඤ වෙනුවට ඡ

* උච්චාරණයේ දී අකුරු සංයෝජකය ආපසු හැරවීම

ගම - මග ටයරය - යටරය, සමනලයා - සනමලයා

 

* කියවීම කෙරෙහි අවධානය රඳාපවත්වා ගැනීමේ දෝෂ

උදා. එක් පේළියක් කියවාගෙන යනවිට අවධානය ඒ අවට ද්‍රව්‍ය/සිදුවීම් පුද්ගලයන් කෙරෙහි යොමුකිරීම

* සමහර අකුරු කියවීමට අපහසු වීම

උදා. එකම හැඩැති අකුරු ව්‍යාකූල වීම

ට, ම, ව, බ ......................

ත, න, ක ....................

* කියවීම සඳහා ගතකරන කාලය වැඩිවීම

උදා. සමවයසේ දරුවන් සමඟ කියවීමේදී ඉතා පසුගාමීව කියවීම

ඉහත දුබලතා එකක් හෝ තිබූ පමණින් කලබල නොවී දරුවා හොඳින් අධ්‍යයනය කරන්න. දරුවාගේ දෘෂ්ටිය ද වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂාකර ඉහත නිගමනවලට එළැඹෙන්න. ඉහත දුබලතා අවම කරගැනීමට දරුවාට සහය වන්නේ කෙසේද?

මේ දැන් ඔබේ සිතට නැඟෙන ඊළඟ ප්‍රශ්නයයි.

ඒ සඳහා මුලින්ම කළ යුත්තේ

කියවීම දියුණු කිරීමට පෙර දරුවාගේ සවන්දීම දියුණු කිරීමට පියවර ගැනීමයි. ඒ සඳහා නවීන ක්‍රම හා මෙවලම් භාවිත කළ හැකියි.

උදා. 1) ඛ්ච් තැටි භාවිතය - ‘පිංචි’ අකුරු යාළුවෝ

(ජානකී සූරියආරච්චි)

2) කියවීම සඳහා ඇති ර්‍ණදතඪදඥ චනන

(ඇප් භාවිතයෙන්) - අන්තර්ජාල භාවිතයෙන්

* අකුරේ ශබ්දය සඳහා අදාළ සංකේතය හඳුනාගැනීමට සෙල්ලම්

ක්‍රියාකාරකම් සංවිධානය කිරීම

උදා. අත්පුඩියක් ගසා අකුර කියවූ විට දරුවා දුවගෙන ගොස් එම

අකුර තෝරාගෙන ඒම

 

ප්‍රියදර්ශනී හෙට්ටිගේ

කථිකාචාරිනී

විශේෂ අවශ්‍යතා අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

 

2019/11/27 තරුණි බලන්න