Monday, June 15, 2026
Epaper
Home විශේෂාංගGen Z පරපුරේ ට්‍රෙන්ඩි ගැජට්ස්

Gen Z පරපුරේ ට්‍රෙන්ඩි ගැජට්ස්

by Shanaka Lakehouse

අනාගතය කියන්නේ තව අවුරුදු ගණනකට පස්සේ එන දෙයක් කියලා හිතනවාද? ඇත්තටම ඒක දැන්ම අපි අතරට ඇවිත්. කණ්ණාඩියකින් Virtual ලෝකවල සැරිසරන්නත්, මුද්දකින් සෞඛ්‍යය නිරීක්ෂණය කරන්නත්, Artificial Intelligence එක්ක මිතුරු වෙලා පාඩම් කරන්නත් පුළුවන් යුගයක තමයි අද අපි ජීවත් වෙන්නේ. Tech ලෝකය දිනෙන් දින වෙනස් වෙද්දී, Gen Z පරපුර අලුත්ම Gadget Trends වැලඳ ගන්න ඉස්සරහින්ම ඉන්නවා. ඉතින් මේ දවස්වල ලෝකය පුරා ටීන්ස්ලාගේ අවධානය දිනාගෙන තිබෙන Gadget කිහිපයක් ගැන දැනගනිමු.

Mixed Reality Headsets සැබෑ ලෝකය සහ Virtual ලෝකය අතර පාලමක්

Virtual Reality (VR) සහ Augmented Reality (AR) තාක්ෂණයන් එකට එක් කරමින් නිර්මාණය කර ඇති Mixed Reality Headsets යනු අද තාක්ෂණික ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන ඇති Gadget වර්ගයකි. සාමාන්‍ය VR Headset එකකදී පරිශීලකයා සම්පූර්ණයෙන්ම Virtual Environment එකකට ඇතුළු වන අතර, Mixed Reality Headset එකක් භාවිත කරන විට සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය එකවර දැකගත හැකියි.

උදාහරණයක් ලෙස, ඉතිහාස පාඩමක් ඉගෙන ගන්නා සිසුවකුට පුරාණ නගරයක ත්‍රිමාණ ආකෘතියක් තම කාමරය තුළම දිස්විය හැකියි. Gaming ක්ෂේත්‍රයේදී නම් ක්‍රීඩාව කාමරය තුළ සිදුවන අත්දැකීමක් බවට පත්වෙනවා.

මේවා භාවිත කිරීමට Wi-Fi සම්බන්ධතාවක් සහ බොහෝ විට Smartphone හෝ Computer එකක් අවශ්‍ය වෙනවා. මිල ගණන් රුපියල් 120,000 සිට ලක්ෂ ගණනක් දක්වා වෙනස් වන අතර, තාක්ෂණයට ආසාවක් ඇති, Gaming සහ Design වැනි ක්ෂේත්‍රවල නිරත ටීන්ස්ලාට වඩාත් ගැළපෙන Gadget එකක් ලෙස සැලකෙනවා.

AI Companion Devices ඔබව තේරුම් ගන්නා ඩිජිටල් සහායකයා

Artificial Intelligence හෙවත් AI තාක්ෂණය දැන් Gadget ලෝකයේ විශාල වෙනසක් ඇති කර තිබෙනවා. AI Companion Devices යනු පරිශීලකයාගේ පුරුදු, අවශ්‍යතා සහ දෛනික කටයුතු තේරුම් ගනිමින් සහාය ලබාදෙන බුද්ධිමත් උපාංග වේ.

මෙම උපකරණ මඟින් පාඩම් සැලසුම් කිරීම, කාර්යයන් මතක් කිරීම, තොරතුරු සෙවීම සහ භාෂා පරිවර්තනය කිරීම වැනි කාර්යයන් ඉතා පහසුවෙන් කළ හැකියි. සමහර AI Devices සමඟ සාමාන්‍ය මිතුරකු සමඟ කතා කරනවා වැනි සංවාද පවා සිදු කළ හැකියි.

විභාග සඳහා සූදානම් වන සිසුන්ට, බොහෝ වැඩ එකවර කළමනාකරණය කිරීමට අවශ්‍ය වන තරුණයන්ට සහ නව තාක්ෂණික අත්දැකීම් සොයන අයට මේවා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මෙවැනි උපාංගවල මිල සාමාන්‍යයෙන් රුපියල් 35,000 සිට 250,000 දක්වා පරාසයක පවතී.

Smart Pens සහ Digital Notebooks සටහන් ගැනීමේ අලුත් යුගය

පාසල් සහ උපකාරක පන්තිවලදී සටහන් ගැනීම තවමත් අධ්‍යාපනයේ වැදගත් කොටසක්. නමුත් Smart Pens සහ Digital Notebooks පැමිණීමත් සමඟ එය තවත් පහසු වී තිබෙනවා.

Smart Pen එකකින් ලියන ඕනෑම දෙයක් ස්වයංක්‍රියව ඩිජිටල් ගොනුවක් බවට පරිවර්තනය කර ජංගම දුරකථනයට හෝ Cloud Storage වෙත යැවිය හැකියි. සමහර උපාංග AI භාවිත කර සටහන් වර්ගීකරණය කිරීම සහ සාරාංශ සකස් කිරීමද සිදු කරනවා.

පොත්පත් නැතිවීම, සටහන් අවුල් වීම සහ වැදගත් තොරතුරු සොයාගැනීමේ ගැටලු අවම කිරීමට මෙම Gadget උපකාරී වෙනවා. Smart Pen එකක මිල රුපියල් 25,000 සිට ආරම්භ වන අතර Digital Notebook එකක් සඳහා රුපියල් 80,000ක් පමණ වැය විය හැකියි.

Pocket Projectors ඔබේ සාක්කුවේ පුංචි සිනමා ශාලාව

Pocket Projector යනු කුඩා ප්‍රමාණයේ වුවද විශාල අත්දැකීමක් ලබාදෙන Gadget එකකි. Smartphone හෝ Laptop එකක් සම්බන්ධ කර ඕනෑම බිත්තියක් හෝ තිරයක් විශාල Display එකක් බවට පත් කළ හැකියි.

මිතුරන් සමඟ චිත්‍රපට නැරඹීමට, Gaming Sessions පැවැත්වීමට හෝ Presentation එකක් ඉදිරිපත් කිරීමට මේවා ඉතා සුදුසුයි. විශාල Television එකක් මිලදී ගැනීමට නොහැකි අවස්ථාවලදී Pocket Projector හොඳ විකල්පයක් විය හැකියි.

මේවායේ මිල රුපියල් 40,000 සිට 300,000 දක්වා වෙනස් වන අතර, Movie Loversලා සහ Content Consumersලා අතර ජනප්‍රිය වෙමින් පවතිනවා.

 

Personal Drones අහසින් ලෝකය දකින්න

Drone තාක්ෂණය දැන් වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට පමණක් සීමා වී නැහැ. අද වන විට සාමාන්‍ය පරිශීලකයන්ටත් පහසුවෙන් භාවිත කළ හැකි Personal Drones වෙළෙඳපොළට පැමිණ තිබෙනවා.

මෙම Drone මඟින් අහසින් ඡායාරූප සහ වීඩියෝ ලබාගත හැකි අතර, Social Media Content Creation සඳහා ඒවා ඉතා ජනප්‍රියයි. සමහර Drone වල AI Tracking Technology තිබෙන නිසා පරිශීලකයාගේ චලනයන් අනුව ස්වයංක්‍රියව Follow කරමින් රූගත කිරීම් සිදු කළ හැකියි.

Photography, Travel Vlogging සහ Videography ගැන උනන්දුවක් දක්වන ටීන්ස්ලාට මේවා අගනා මෙවලම් වෙනවා. මිල ගණන් රුපියල් 80,000 සිට 600,000 දක්වා පරාසයක පවතී.


Smart Rings – කුඩා Gadget එකක විශාල හැකියාවන්

Smart Watch වලට විකල්පයක් ලෙස Smart Rings මේ වන විට ඉතා ජනප්‍රිය වෙමින් පවතිනවා. සාමාන්‍ය මුද්දක් මෙන් පෙනුනත්, ඒ තුළ සෞඛ්‍ය නිරීක්ෂණ තාක්ෂණය ඇතුළත් වී තිබෙනවා.

Heart Rate, Sleep Quality, Stress Levels සහ දෛනික ක්‍රියාකාරකම් වැනි දත්ත නිරීක්ෂණය කර Smartphone App එකක් හරහා පෙන්වීම මෙහි ප්‍රධාන කාර්යයයි. Smart Watch එකක් පැලඳීමට අකැමැති අයට මෙය වඩාත් පහසු විකල්පයක්.

මෙවැනි Smart Rings වල මිල සාමාන්‍යයෙන් රුපියල් 80,000 සිට 250,000 දක්වා වෙනස් වන අතර, Fitness සහ Wellness ගැන උනන්දුවක් දක්වන තරුණයන් අතර ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතිනවා.

 

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?