කිසස් හංසයෝ

පෙබරවාරි 12, 2020

අවශ්‍ය ද්‍රව්‍ය


සීනි ග්‍රෑම් 125 ක්
බිත්තර සුදු මද 02 ක්
කෝන්පිටි මේස හැඳි 1- 2 ක්
බටර් අයිසිං
කුකිං චොකලට් ස්වල්පයක්


සාදන ක්‍රමය


බිත්තර සුදු මද හොඳින් තට්ටුකර එයට සීනි දමමින් නැවත නැවත තට්ටු කරන්න.
ඉන්පසුව කෝන්පිටි එකතු කරන්න. ලොකු නොසල් එකකින් හංසයාගේ ඇඟ කොටසත් නො. 05 හෝ නො. 17 නොසලයෙන් ඔළුවත් පයිප්කර බේක්කර ගන්න. ඉන්පසු හිස කොටස බටර් අයිසිං ආධාරයෙන් ඇඟ කොටසට අලවා කුකිං චොකලට්වලින් සරසා ගන්න

.උපදෙස්
ප්‍රවීණ සූපවේදිනී
නිලූෂිකා උදයංගනී
Kawumkokis.com arawwala