වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
චීස් ඇන්ඩ් එග් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
සැන්ඩ්විච් පාන් පෙති 8 ක්
තම්බා ගත් බිත්තර 2 ක්
චීස් මේස හැඳී 2 ක්
බටර් මේස හැඳී 2 ක්
අබ ක්‍රීම් තේ හැඳී 1 ක්
මයෝනස් සෝස් මේස හැඳී 2 ක්
ලුණු, ගම්මිරිස් රස පදමට
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2 ක්
සිහින්ව කපා ගත් බී ලූනු පොඩි ගෙඩි 1 ක්
බටර් (පාන් පෙතිවල තැවරීම සඳහා)
සාදන ක්‍රමය
* මුලින්ම තම්බා ගත් බිත්තර කුඩා කැබලි සිටින සේ කපා ගන්න.
*පසුව බිත්තර ටික භාජනයකට දමා එයට චීස් බටර්, අබ ක්‍රීම්, මයෝනස්, අමු මිරිස්, බී ලූනු සහ රස පදමට ලුණු ගම්මිරිස් එක් කර හොඳීන් මිශ්‍ර කර ගන්න.
* දැන් පාන් පෙතිවල ඇතුළු පැත්තේ බටර් තවරා සාදා ගත් මිශ්‍රණය 4 කට බෙදා එක් කොටසක් පාන් පෙත්ත මතට දමා තවත් බටර් තවරා ගත් පාන් පෙත්තකින් වසා කැමැති හැඩවලට කපා සංග්‍රහ කරන්න.
උපදෙස්
සකුන්තලා කරුණාරත්න
වෝ කේටස් - රුවන්වැල්ල
2020/06/24 තරුණි පුවත්පත බලන්න.