ජ්‍යොතිෂ ගැටලු

දෙසැම්බර් 2, 2024

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

සැමියා මා හැර ගොසිනි

 

මාගේ ස්වාමියා මා අත්හැර ගොස් තිබේ. ගෙන්වා ගැනීමට කළ හැකි හැම දෙයක්ම කළද ප්‍රතිඵලයක් නොවේ. හඳහන බලා මෙයට ප්‍රතිකර්මයක් ඇතිදැයි පවසන්න.

 

අනුරාධපුරයේ - නිමන්ති

 

දෙදෙනාගේම හඳහන් පරීක්ෂා කළෙමි. හඳහන්වලට අනුව රජ්ජු දෝෂ හා වේද දෝෂ දෙකම පවතී. එමෙන්ම දසා දෂ්ඨි දෝෂයද ඇත. මේවා විවාහයට බලපාන නරකම දෝෂ වෙයි. පුරුෂයාගේ හඳහන ප්‍රබල නිසා ඔහු මියගොස් නැතිනම් අනිවාර්යයෙන්ම ඔබගේ හඳහනෙන් කුජගේ පිහිටීම අනුව ඔබ කනවැන්දුම් වන්නේමය. මෙලෙස ඔබගෙන් වෙන්වීම නිසා ඔහුගේ ජීවිතයේ රැකී ඇති බව සඳහන් කරමි. දරුපලද නොපෙන්වයි. එයද තවත් කාරණයක් වන්නේමය. හොඳම දේ සිටින ආකාරයට ජීවත් වීම බව සඳහන් කරමි. නමුත් ශිව පාර්වතියට පූජා තබා කන්නලව් කිරීමෙන් සහනයක් ලබාගත හැකි බව සඳහන් කරමි. හලාවත මුන්නේශ්වරම් කෝවිල ඉතා සුදුසු තැනක් බවද සඳහන් කරමි.

 

දියණියගේ විවාහය

 

මාගේ දියණිය මේ වන විට නෑකමට බාප්පා වෙන කෙනෙකු සමඟ විවාහ වීමට තීරණය කර ඇත. මෙය නතර නොකරයි. හඳහන් දෙකට අනුව විවාහය අනාගතයේ පවතීද?

දික්වැල්ලේ - ප්‍රේමලතා සිල්වා

 

නෑකමට බාප්පා වුවත් වයස පරතරය අවුරුදු හතරකින් සීමා වීම නිසා ඒ පිළිබඳ ගැටලුවක් නොවෙයි. එවැනි වූ විවාහයන් ඕනෑ තරම් ඇත. නමුත් මෙහිදී බලපාන ගැටලුව වන්නේ දෙදෙනාගේම ලේ සමාන වුවහොත් බිහිවන දරුවන්ට එය බලපාන නිසයි. පොරොන්දම් ගැළපීමේදී නම් එවැනි දෝෂ නොපෙන්වයි. මේ සඳහා නවීන විද්‍යානුකූලව දෙදෙනාගේම ලේ සාම්පලයක් බැලීම තුළින් මේ ගැටලුව නිරාකරණය කරගත හැකියි. නමුත් දෙදෙනාගේම බැඳීම සංසාරගත බැඳීමක් බව සඳහන් කළ හැකි වෙයි. එම නිසා මෙය ප්‍රතික්ෂේප කළ නොහැකියි.

 

මාගේ දියණියගේ අනාගතය කෙබඳු ද?

 

බටලීයේ - සිරිමාවතී

 

ඇය මේ ගෙවන්නේ අවුරුදු විසි නවය කඩඉමයි. 2025 වසරේ මැයි 15න් පසු ඇයගේ ජීවිතයේ ස්වර්ණමය කාලය උදාවෙයි. මෙම කාලය තුළ විවාහයක් සිදුවී තිබේ නම් ඒවා කැඩී බිඳී ගොස් ඇති බවද සඳහන් කළ හැකි වේ. මැයට විදේශගත වීම හොඳින් පිහිටා ඇත. දැනටම විදේශගතව සිටිය යුතුය. නොමැති නම් විදේශගත වීමට උත්සාහ කරන්න. එය සාර්ථක වෙයි. ඉදිරියේදී හොඳ ස්වාමිපුරුෂයෙක් හා ආර්ථිකයක් උදාවන බව පෙන්නුම් කරයි. රිදී හෝ රන් මුදුවකට දියමන්තියක් හෝ සුදු මැණික් ගලක් අල්ලා නියමිත පුද පූජා තබා පැලඳීමෙන් යහපත උදාවෙයි. බෝධි පූජා තැබීමද ඉතා සුදුසු වෙයි.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ

 

 

[email protected]