රෝස කුසුමක ඇසක අසිරිය

ජූලි 3, 2023

මල් ලෝකයේ ආදරණීයම, ප්‍රේමණීයම මලා රෝස මල් බඳුනක චමත්කාරයයි මේ.

එය කතිර රටාවෙන් නිර්මාණයකර ගත් විට ආලින්දය හැඩ කරන්නත් කදිමයි.

එසේනම් අපි බලමු කොහොමද මේ කතිර රටාව මසා ගන්නේ කියලා.

අඟලට කොටු 10,11 හෝ 14 ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26

ට්‍රැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කැරලි නූල්

සාමාන්‍ය ඉදිකටුවක්

කතුරක්

 

මෙය සෙන්ටිමීටර 35.02 × 27.76 ප්‍රමාණයේ නිර්මාණයකි. ඒ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම්ය. ඔබ අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. එබැවින් රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කොටු ගණන්කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. (රෙද්දේ අඟලට) ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 3ක් භාවිත කරන්න.

උපදෙස්:-

ප්‍රවීණ කතිර මැහුම්

නිර්මාණ ශිල්පිනී

පූර්ණා කුලරත්න